එක්සත් ජාතික පක්ෂයෙන් විශේෂ නිවේදනයක්

එක්සත් ජාතික පක්ෂයෙන් විශේෂ නිවේදනයක්

ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදී බහු පක්ෂ ක්‍රමය ආරක්ෂා කිරීම සඳහා සියලු දේශපාලන පක්ෂ එක වේදිකාවකට ගෙන ඒම එක්සත් ජාතික පක්ෂයේ ස්ථාවරය යැයි එක්සත් ජාතික පක්ෂය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

එක්සත් ජාතික පක්ෂය නිකුත් කළ නිවේදනය පහත පළවේ.

ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදී බහු පක්ෂ ක්‍රමය ආරක්ෂා කිරීම සඳහා සියලු දේශපාලන පක්ෂ එක වේදිකාවකට ගෙන ඒම එක්සත් ජාතික පක්ෂයේ ස්ථාවරය ය. බහු පක්ෂ ක්‍රමය ආරක්ෂා කිරීමේදී දේශපාලන පක්ෂවල අනන්‍යතාවය සහ ප්‍රතිපත්ති රැකෙන ලෙස කටයුතු කිරීම වැදගත් වෙයි. මේ ස්ථාවරයට පැමිණෙන ලෙස සියලු පක්ෂ වලින් ඉල්ලා සිටිමු.

එලෙසම ඉහත පරමාර්ථය ඉෂ්ඨ කර ගැනීම සඳහා එක්සත් ජාතික පක්ෂය සහ සමගි ජනබලවේගය අතර පවතින දුරස්ථභාවය නැතිකරමින් එකමුතුව ක්‍රියාකිරීම වෙනුවෙන්ද අපි කැප වී සිටින්නෙමු.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් විපක්ෂ නායක කාර්යාලයේ පැවැත්වෙන කමිටුවේ සාකච්ඡා සඳහා අපි සහභාගී වන්නෙමු. අනෙකුත් දේශපාලන පක්ෂ සමගද අප පක්ෂ සාකච්ඡා කළ යුතුව පවතී.

තවද අප පක්ෂ දෙක අතර සාකච්ඡා කිරීම සඳහා කමිටුවක් පත් කිරීමේ යෝජනාවට ද එකඟත්වය පළ කරන්නෙමු.

සමගි ජනබලවේගය මෑතකදී කළ ප්‍රකාශත්, එක්සත් ජාතික පක්ෂයේ මූලික අරමුණත් සලකා බලා ඉදිරි වැඩසටහන් සකස් කළ හැකිය.
 
 
2025 ඔක්තෝබර් 15

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න