ආණ්ඩුව කඩාකප්පල් කිරීමේ කිසිම අවශ්‍යතාවයක් නැති බවත් මේ රටේ මිනිස්සු අමාරුවේ දැමීමට ද උවමනාවක් නැති බවත් මහින්ද අමරවීර පැවසී ය.
ඔහු මෙම අදහස් පළ කළේ ඊයේ (29) පැවති ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මාධ්‍ය හමුවේ දී ය.
එම අවස්ථාවේ දී වැඩි දුරටත් අදහස් දැක්වූ මහින්ද අමරවීර...
වෛද්‍යවරුන්ට ඇහුම්කන් දෙන්න
''අපි ආණ්ඩුවට කියන්නේ පුළුවන් නම් පළාත් සභා ඡන්දය තියන්න කියලා. ඊට අවශ්‍ය සියලු පියවර අපි ගනිමින් සිටිනවා. ඔවුන් නොයෙක් අවස්ථාවල අපිට තර්ජනය කරමින් සිටිනවා. අපි ආණ්ඩු කරන කාලේ උද්ඝෝෂණ තිබුණා, පාරවල් වැහුවා. අපි එකක්වත් මර්දනය කළේ නෑ. අපි ඒවට ඇහුම්කන් දුන්නා. අද වෙනකොට ඒ තත්ත්වය අපට පේන්නට නැහැ. වෛද්‍යවරුන් ගේ වර්ජනය ඉතාමත් බරපතළ තත්ත්වයකට යමින් තිබෙනවා. ඔවුන් නිරන්තරයෙන් සාකච්ඡාවක් ඉල්ලන්නේ. ඔය වෛද්‍යවරුන් ගේ සංගමය අපි ඉන්න කාලේ නම් ඔච්චර නම්‍යශීලී උණේ නෑ. ඔවුන් දැවැන්ත වර්ජනයකට ගියොත් සියලු දෙනා දැඩි අපහසුතාවයට ලක් වේවි. දැනටමත් කීදෙනෙක් මැරිලද කියලා අපි දන් නැහැ. ඔවුන් ගේ වර්ජන හෑල්ලුවට ලක් කරන්නේ නැතුව ඔවුන්ට ඇහුම්කන් දෙන්න.
ඒ වගේම සංවර්ධන නිලධාරීන්ගේ ගැටලුවකුත් දක්නට ලැබෙනවා.
කහ සිවුරට අත තියන්න එපා...
ත්‍රිකුණාමලයේ සිද්ධිය ගත්තොත්, ඒ ස්වාමීන් වහන්සේලා නැවත වතාවක් රිමාන්ඩ් කර තිබෙනවා. බෞද්ධයින් ඉතා කනස්සල්ලට පත්ව තිබෙන්නේ. බුදු පිළිමයක් ආරක්ෂා කර ගැනීමේ අවසාන ප්‍රතිඵලය වුණේ ඔවුන්ට හිරේ යන්න වීමයි. ඒ වගේම අපි දැක්කා පූජකවරයෙක්ට පහරදීමක් නිසා පොලිසිය සියලු දෙනාත් අඩංගුවට අරගෙන දෙන්න පුළුවන් උපරිම දඩුවම් ලබා දුන්නා. නීතිය ඇයි දෙවිදියකට ක්‍රියාත්මක කරන්නේ...? කහ සිවුරට අත තබන්නට යෑම එච්චර හොඳ දෙයක් නෙවෙයි කියලා අපි ආණ්ඩුවට මතක් කරනවා.
රිලා ප්‍රශ්නයට විසඳුම් කෝ...?
වන සත්ව හානි පිළිබඳව ඇතිවෙලා තියෙන තත්ත්වය නිසා ගොවි ජනතාවට විශාල පීඩනයකට පත්වෙලා සිටිනවා. වඳුරු රිලව් ගැනපු එක උණ විතරයි උණේ. ප්‍රතිඵලයක් නැහැ. විශාල මූල්‍ය පාඩුවක් වෙලා තියෙනවා මේ දේවල් කරන්න ගිහින්. අපෙන් පළිගන්න අපේ පස්සේ යන්නේ නැතුව. අපෙන් ගන්න තියෙන දේවල් ගන්න.''
ජනතාව බලාපොරොත්තු වුණේ මෙවැනි ආණ්ඩුවක් නෙවෙයි - දුමින්ද දිසානායක
ජනතාව බලාපොරොත්තු වුණේ මෙවැනි ආණ්ඩුවක් නොවන බවත්, අවුරුදු 76 ක් ගැන කතා කර, හිටපු ආණ්ඩුල දූෂණ ගැන කතා කර බලය ගත්ත ද ඔවුන් කලේ jvp නම ඉවත් කර, මාලිමාව නමැති නම දාගෙන, බලවේග සාදා ආණ්ඩුව බලය ගැනීම පමණක් යැයි මෙම මාධ්‍ය හමුවට එක් වූ දුමින්ද දිසානායක පැවසී ය.
වැඩි දුරටත් අදහස් දැක්වූ දුමින්ද දිසානායක...
ගල්අඟුරු පාඩුව මකා ගන්න විදුලි බිල ඉහළට...?
''තවම තිබෙන්නේ අපේ ආණ්ඩු කාලේ හදපු ජල යෝජනා ක්‍රම විදුලි යෝජනා ක්‍රම, නිවාස සහ මාර්ග පමණයි.
කන්ටේනර්කන්ටේනර් 323 ක විවේචනයක් තිබ්බා ඒකට පරීක්ෂණයක් කරලා මේ ආණ්ඩුව නිවැරදි උණා ද...? නැහැ... ජනාධිපතිවරයා කොහොමද කියන්නේ එක රුපියලක්වත් වංචා කළේ නැහැ කියලා. දැන් කුප්‍රකට ගනුදෙනුවක් තියෙනවා මේ ගල් අඟුරු පිළිබඳව. හදිසියේ මේක ගෙන්වන්න උණා කියනවා. කොම්පැනි එකොළහකට කියනවා. හැබැයි අවසාන වෙලා තියෙනවා. ඔවුන්ම පිළිගන්නවා ගොඩක් ආපු ගල් අඟුරු වගේ ම තව තියෙන ගල්අඟුරු බාලයි කියලා. 5900 ට අඩු නං ඒක රිජෙක්ට් කළ යුතුයි. නමුත් අලුත් විදියට ඇමතිවරයා කියනවා දඩයත් දෙගුණයක් ගහනවා කියලා. ඒකෙන් අපිට වාසියි කියලා. මේ නිලධාරින් පැහැදිලිව කියනවා අළු ප්‍රමාණය වැඩි වුණාම විදුලි ජන ප්‍රමාණය අඩු වෙනවා කියලා. මෙගාවොට 750ක් විතරයි ජනනය කරන්න පුළුවන් වෙන්නේ. ඒකෙනුත් අනූවක් මේකේ ජනනය ක්‍රියාවලියට ගියහම මෙගා වොට් 650ක් විතරයි ජනතාවට ලැබෙන්නේ. මේ ගල්අගුරුවල පාඩුව පියවගන්න ඉදිරියේදී විදුලි බිල සියයට විස්සකින් හෝ 30කින් වැඩි කරයි.
සහන චෙක් රිටන් වෙනවා
ජනවාරි 09 ජනාධිපතිවරයා තබුත්තේගමට ගියා ඒ වගේම දැන් යන යන තැන මහින්ද රාජපක්ෂ වගේ ළමයි ඉඹින්න පටන් අරන් තියෙනවා. ආපදාවට පත්වුණු ජනතාවට අනුරාධපුරයෙන් ම පටන් අරගෙන ඔවුන්ට වන්දි ලබා දෙන්න පටන් ගත්තා. නමුත් කියගන්න කනගාටුයි... චෙක් එක බැංකුවට දැම්මහම චෙක් එක රිටන් වෙනවා.
ඊයෙ ජනාධිපති ලේකම්වරයෙක් සිරගෙට ගියා. රාජ්‍යයේ නිලධාරීන්ට මේක හොඳ පාඩමක්. හරියට චක්‍රලේක ගහලා රාජ්‍ය නිලධාරීන් අපහසුතාවයට පත් නොවී ඔවුන් සිරගත නොකරන විදියට වැඩ කටයුතු කරන්න කියලා අපි කියනවා. දිට්වා සුළි ගුණාටුව වෙලාවෙදි අපි දැක්කා.
හිමිකරුවකු නැති අධ්‍යාපන ප්‍රතිසංස්කරණ
මෙම අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වලට අයිතිකාරියෙක් සිටිය යුතු යි; පදනමක් තිබිය යුතුයි. අපි දැක්කා පක්ෂ ලේකම්වරයා කියනවා මේක අපි පක්ෂෙන් කරපු දෙයක් කියලා. රටක අධ්‍යාපන ප්‍රතිසංස්කරණයක් පක්ෂයකට හදන්න බෑ. මේක කැබිනට් එකට ගිහිල්ලා නෑ. පාර්ලිමේන්තුවට ගිහිල්ලත් නෑ. කවුද කණ්ඩායම කියලා දන්නෙත් නෑ. හය වසර මොඩියුල ප්‍රශ්නයක් ආවා. තාමත් කියනව ද කවුද වැරදි කාරයා කියලා. දෙන්නෙක් සේවය අත්හිටෙව්වා. ඒත් කිව්වද කවුද මේක මුද්‍රණයට දුන්නේ කියලා.
දරුවන්ට social මීඩියා තහනම් කරන්න
ඊයේ දිනය යුරෝපයේ දී ඒ වගේම බටහිර රටවලුත් දැන් social media භාවිතාය තහනම් කරන්න කටයුතු කරමින් සිටිනවා. මේක දරුවන් ගෙ මිල්ටල් හෙල්ත් දියුණු වීම පිළිබඳව විශාල අර්බුදයක් පැන නැගිලා තිබෙනවා. මේ නිසා ලෝකය දියුණු රටවල් මේ ක්‍රමවලින් ඈත් වෙමින් සිටිනවා. ඉතින් මේ ප්‍රතිසංස්කරණ කරන වෙලාවේ මේවා පිළිබඳවත් අවධානයක් දෙන්න කියලා අපි ආණ්ඩුවට කියනවා. අපේ රටෙත් දරුවන් සඳහා social මීඩියා තහනම් කරන්න යනවා නම් එය හොඳයි කියන මතයේ අපි සිටිනවා. ඒවා අවභාවිතාව වෙච්ච අවස්ථා ඕනෑ තරම් තියෙනවා.''

