පශ්චාත්- භාෂා අනාගතයක් තුළ Buddy-Net

පශ්චාත්- භාෂා අනාගතයක් තුළ Buddy-Net

ඔයා අන්තිම වතාවට අලුත් දෙයක් ඉගෙන ගත්තේ පිටු 300ක විතර ලොකු පොතක් කියවල ද? එහෙම නැත්නම් විනාඩි 10ක YouTube වීඩියෝ එකක් බලල ද?

ඔයා තෝරගත්තේ වීඩියෝ එක නම්, මිනිස් ඉතිහාසයේ සන්නිවේදනය පැත්තෙන් සිද්ධ වෙන ලොකු ම පෙරළියට ඔයත් දැනටමත් සම්බන්ධ වෙලා ඉවරයි. ඒ තමයි අපි මේ "Post-Text" (අකුරුවලට එහා ගිය) සහ අනාගතයේදි "Post-Language" (භාෂාවටත් එහා ගිය) සමාජයක් දිහාවට යන ගමන. වෘත්තිකයන් සහ නායකයන් විදියට මේ වෙනස තේරුම් ගන්න එක නිකන් ම දැනුමට විතරක් නෙමෙයි, අපේ ඉස්සරහ වැඩ කටයුතු ප්ලෑන් කරන්නත් හරිම වැදගත්.

"Post-Text" යුගයට මාරු වීම (අපි දැන් ඉන්න තැන)

අපි සාක්ෂරතාව අතහැරලා නූගත් වෙනවා නෙමෙයි; අපේ "Operating System" එක, නැත්නම් අපි වැඩ කරන විදිය වෙනස් වෙනවා විතරයි. සියවස් ගාණක් තිස්සේ අපි දැනුම ගබඩා කරේ සහ බෙදාගත්තේ අකුරු (Text) වලින් නේ... හැබැයි අද වෙද්දි ඒක වේගෙන් වෙනස් වෙනවා.

"Post-text" කියන්නේ, සමාජයේ මූලික වැඩවලට (ඒ කියන්නේ ගිවිසුම් අත්සන් කරන්න, කෝඩින්වලට වගේ දේවල්වලට) කියවීම ඕනේ වුණාට, අපේ සංස්කෘතිය සහ ඉගෙන ගන්න දේවල් වෙන තැනකට මාරු වෙනවා කියන එක යි. රූප තමයි මුලට එන්නේ (Visual First): අපි මේ ජීවත් වෙන්නේ ඩේටා ගොඩක් හුවමාරු වෙන යුගයක. වීඩියෝ, ඕඩියෝ සහ Interactive දේවල්වලින් හැඟීම් සහ සංකීර්ණ දත්ත හරිම ඉක්මනට තේරුම් කරන්න පුළුවන්, අකුරු වලට වඩා. යටින් දුවන අකුරු (Text as Infrastructure): AI තාක්ෂණයත් එක්ක, අකුරු කියන දේ දැන් අත්දැකීමට යටින් තියෙන "Code" එකක් වගේ වෙලා. ඔයා ප්‍රොම්ප්ට් එකක් ටයිප් කරාට, එළියට එන්නේ රූපයක්, වීඩියෝ එකක් නැත්නම් ප්‍රස්තාරයක්. දැන් අකුරු තියෙන්නේ Backend එකේ; අපිට පේන Interface එක වෙලා තියෙන්නේ Visuals.

පශ්චාත්-භාෂා (Post-Language) යුගයට පා තැබීම(අපි යමින් සිටින තැන)

මේක තමයි අනාගතය. භාෂාව කියන්නේ අපේ හිතේ තියෙන සංකීර්ණ අදහස් එළියට දාන්න පාවිච්චි කරන ටිකක් අමාරු, අකාර්යක්ෂම මෙවලමක්. අපි හිතන දේ වචනවලට හරවද්දි ඒකේ තේරුම ටිකක් අඩු වෙනවා ("Lossy compression" එකක් වගේ). "Post-language" තියරියෙන් කියන්නේ අනාගතයේ දි අපි වචන පාවිච්චි නොකර ම අදහස් හුවමාරු කරගනියි කියලා. කෙළින් ම අදහස් යැවීම (Direct Intent): නිකමට හිතන්න Neuralink වගේ තාක්ෂණයක් ගැන. ඒකෙන් කතා කරන්නේ නැතුව ම කෙළින් ම අපේ මොළයෙන් තව කෙනෙක්ට හෝ මැෂින් එකකට අදහස් යවන්න පුළුවන්. AIවලට කලින් ම තේරෙන එක (AI Anticipation): අපි වචනවලින් ඉල්ලන්නත් කලින්, අපේ වටපිටාව සහ හැසිරීම බලලා අපිට ඕනේ දේ AI එකෙන් තේරුම් ගන්න තත්ත්වයක් දැන් ටික ටික උදා වීගෙන එනවා.

ASI ANI AGI types of AI 1280x720

ව්‍යාපාර සහ අධ්‍යාපනයට මේකෙන් ලැබෙන පණිවිඩය

ඔයා ගේ ආයතනයේ සන්නිවේදන කටයුතු තාමත් යන්නේ දිග PDF, දිග ඊමේල් සහ අකුරු පිරිච්ච අත්පොත් (Manuals) හරහා නම්, ඔයා ඉන්නේ මේ සටනින් පරදින පැත්තේ. අපි දැන් "Read/Write" (ලියන/කියවන) සමාජයක ඉඳන් "Watch/Listen/Interact" (බලන/අසන/අන්තර්-සම්බන්ධ වන) සමාජයකට මාරු වෙමින් ඉන්නේ. නූතන පාරිභෝගිකයන්ව හෝ සේවානියුක්තියින්ව හෝ ශිෂ්‍යයන්ව අල්ලගන්න නම්, අපි එයාලව හම්බවෙන්න ඕනේ මේ අලුත් "Post-text" ලෝකය ඇතුළේ.

සිද්ධි අධ්‍යයනය: Buddy-dot-net සහ වෙනස් නොවෙන පෙළපොත්වල අසාර්ථකත්වය

ඩිජිටල් ලෝකයේදී පරණ තාලේ පොත් ෆේල් වෙන්නේ ඇයි?

ලංකාවේ 6 වසරේ ඉංග්‍රීසි පෙළපොතක ළමයින්ට අධ්‍යාපනික දේකට යන්න දීපු buddy-dot-net කියන ලින්ක් එක ඇත්තටම වැඩිහිටි සමරිසි වෙබ් අඩවියකට (Adult dating site) යොමු වෙච්ච සිද්ධිය ගැන දැන් හැමතැනම කතා වෙනවනේ. සමහරු මේක "ජාතික අපරාධයක්" කියනවා, තවත් සමහරු මේක "කඩාකප්පල්කාරී ක්‍රියාවක්" කියනවා. හැබැයි දේශපාලනය පැත්තක තියලා බැලුවොත්, පරණ අක්ෂර (Text) යුගයේ හිතන විදිය සහ අලුත් පශ්චාත්-අක්ෂර (Post-Text) යථාර්ථය එකිනෙක ගැටුණම මොකද වෙන්නේ කියන්න මේක නියම උදාහරණයක්.

student ebook books

ගැටුම: වෙනස් නොවෙන අකුරු vs වෙනස් වෙන අන්තර්ජාලය

මේ පෙළපොත්/මොඩියුල ලියපු අය වෙබ්සයිට් ලින්ක් (URL) එකක් දිහා බලලා තියෙන්නේ අපි සාමාන්‍යයෙන් පුස්තකාල පොතක නමක් දිහා බලන විදියට ම යි. ඒ කියන්නේ කටපාඩම් කරන්න හරි කොපි කරන්න හරි තියෙන වෙනස් නොවෙන දෙයක් විදියට. හැබැයි පශ්චාත්-අක්ෂර ඩිජිටල් ලෝකෙ දි (Post-Text ලෝකෙදි), URL එකක් කියන්නේ නිකන්ම අකුරු නෙමෙයි; ඒක දොරටුවක් (Portal).

පශ්චාත්-අක්ෂර පාඩම

Print කරපු අක්ෂර යනු තවදුරටත් වලංගු නොවන data ය; වෙබ් ලින්ක් එකක් කොළයක ප්‍රින්ට් කරපු ගමන් ඒක ෆොසිලයක් වගේ වෙනවා. මොකද ඉන්ටර්නෙට් එක කියන්නේ පණ තියෙන, හැම වෙලේම වෙනස් වෙන දෙයක්. Buddy-dot-net කියන එක මීට අවුරුදු 10කට කලින් හොඳ දෙයක් වෙන්න ඇති, නැත්නම් පොත ලියපු කෙනා ඒක හරියට බැලුවේ නැතුව ඇති. හැබැයි රියල් ටයිම් (Real-time) එකේදි ඒක හාත්පසින්ම වෙනස් දෙයක්.

සංකේත වල අනතුර: පොත ලියපු අය හිතුවේ "Buddy" (බඩී) කියන වචනේ තේරුම "යාළුවා" නිසා ඒක අවුලක් නෑ කියල නේ... හැබැයි ඉන්ටර්නෙට් එකේ "Buddy" කියන එක තීරණය වෙන්නේ ඒ Domain Name එක සල්ලි දීලා ගත්ත කෙනා අනුව. මෙන්න මේ පරස්පරය—ඒ කියන්නේ පොත ලියපු කෙනා ගේ 'අරමුණ' සහ ඩිජිටල් 'ලිපිනය' අතර නොගැළපීම නිසයි නූතන අධ්‍යාපනය මේ වගේ දරදඬු පෙළපොත්වලින් අයින් වෙලා, ආරක්ෂිත ඩිජිටල් පරිසරවලට මාරු වෙන්න ඕනේ.

පශ්චාත් භාෂා (Post-Language) උභතෝකෝටිකය

Post-Language තියරියෙන් කියන්නේ වචන (සංකේත) ගැන වද නොවී කෙළින් ම අපේ අරමුණ (Intent) යවන එක ගැන යි. සංකේතය (Buddy): පොත් ලියපු අයට "Buddy" කියන වචනේ සංකේතවත් කළේ "යාළුකම" නැත්නම් "ඉගෙන ගන්න සහකරුවෙක්" කියන එක. ඇත්ත තත්ත්වය (Data): ඉන්ටර්නෙට් එකට අනුව නම්, buddy-dot-net ඩොමේන් එක කියන්නේ වැඩිම ලංසුවට විකුණපු ඩිජිටල් දේපළක් විතරයි. මේ වෙලාවේ ඒක අරන් තියෙන්නේ වැඩිහිටි සේවා දෙන අය.

නොගැළපීම: පොත ලියපු අය විශ්වාස කළේ ඒ වචනයේ තේරුම ("Buddy කියන්නේ හොඳ දෙයක්නේ!") මිසක්, ඒ වෙබ් අඩවියේ ඇත්ත තත්ත්වය නෙමෙයි. "Post-Language" සිස්ටම් එකකින් මේක හදන්නේ කොහොම ද? ඇත්තම නූතන අධ්‍යාපන ක්‍රමයක (AI පාවිච්චි වෙන), ළමයෙක් කවදාවත් පොතක් බලාගෙන URL එකක් ටයිප් කරන්නේ නෑ. ළමයා තමන් ගේ අරමුණ (Intent) ප්‍රකාශ කරනවා: "මට යාළුවෙක් එක්ක ඉංග්‍රීසි ප්‍රැක්ටිස් කරන්න ඕනේ."

එතකොට AI එකෙන් හෝ සිස්ටම් එකෙන් ඒ අරමුණ තේරුම් අරගෙන, ළමයව වෙරිෆයි කරපු, ආරක්ෂිත තැනකට (උදාහරණයකට buddy-dot-ai වගේ නියාමනය (moderate) කරපු තැනකට හෝ school-network එකකට) යොමු කරනවා. එතකොට අර URL එක (වෙබ් ලිපිනය) ළමයාට පේන්නේ නෑ (ඒක අදාළ නෑ). සිස්ටම් එක කරන්නේ ළමයා ගේ අරමුණයි ආරක්ෂාවයි ගළපන එක. එතකොට ළමයා අතින් වැරදි වෙබ් අඩවියක් ටයිප් වෙන්න තියෙන අවදානම නැති වෙනවා.

UrqcwKUWdSIBFwKspwg7hiPlTyX5TAoB7033284

අවසාන නිගමනය

"Buddy-dot-net" සිද්ධියෙන් ඔප්පු වෙන්නේ ලංකාවේ අධ්‍යාපන ක්‍රමය උත්සාහ කරන්නේ 19වෙනි සියවසේ පාවිච්චි වුණු "කඩදාසි ක්‍රමයට" ඉන්ටර්නෙට් එක බලෙන් ඇණ මුරිච්චි දාලා හයි කරන්න කියලයි. ඉන්ටර්නෙට් එක ප්‍රින්ට් කරන්න බෑ!

අධ්‍යාපනය ලබා දෙන මාධ්‍යය, මේ "සදා වෙනස් නොවෙන කොළ කෑලි" වලින් "නියාමනයක් සහිත ඩිජිටල් ප්ලැට්ෆෝම්"වලට මාරු වෙනකම්, මේ වගේ “වැරදිලා ලියවෙන” අකුරු සහ වැඩිහිටි ඩිජිටල් කන්ටෙන්ට් විදියට සමාජගත වෙන එක ඉස්සරහටත් දිගටම වෙන්න පුළුවන්.

 

606894250 903897462100015 7298588477615992372 n

 

 

Vasantha Wakkumbura

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න