මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැළිගොඩ පැහැරගෙන ගොස් අතුරුදන් කර 2026 ජනවාරි මස 24වෙනි දාට වසර 16ක් සපිරෙ.
එවන් මොහොතක ප්‍රගීත් එක්නැළිගොඩ ගේ බිරිඳ වන සන්ධ්‍යා එක්නැලිගොඩ විසින් ජනාධිපතිවරයා වෙත ලිපියක් යොමු කරමින්, මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැළිගොඩ අපරාධ නඩුවේ 09 වන චූදිතයා වන හමුදා බුද්ධි නිලධාරී තෙල්ගේ එරන්ද රදීෂ් පීරිස් හට කර්නල් තනතුරක් දක්වා හමුදා සේවයේ උසස්වීමක් ලබා දීමට ජනාධිපති අනුමැතියක් ලබා දී ඇති බවත්, එම ලිපියේ තහවුරු කරන කරුණු අනුව ජනාධිපතිවරයා විසින් එවැනි උසස්වීමක් සඳහා ජනාධිපති අනුමැතියක් ලබා දී ඇත්තේ නම් ඒ පිළිබඳව ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමයේ බලවත් පිළිකුල සහ කණස්සල්ල විධායක ජනාධිපතිවරයා ඇතුළු මාලුමා රජය වෙත පළ කරන බව ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය සදහන් කරයි.
එම සංගමය මේ බව සඳහන් කරන්නේ මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමිනි.
මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ අපරාධ නඩුවේ 09 වෙනි චූදිත හමුදා බුද්ධි නිලධාරී තෙල්ගේ එරන්ද රදීෂ් පීරිස් හට කර්නල් තනතුරක් දක්වා හමුදා සේවයේ උසස්වීමක් ලබා දීමට ආරක්ෂක අමාත්‍යවරයා ලෙස ජනාධිපතිවරයා විසින් දැනුවත්ව හෝ නොදැනුවත්ව අනූමැතිය ලබා දී ඇත්නම් එය වහා අත්හිටුවීමට හෝ අවලංගු කිරීමට කටයුතු කරන මෙන් අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා ගේ ගේ රජය යටතේද තවත් වසරකින් කළු ජනවාරිය සමරමින් ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමයේ අපි ඉල්ලා සිටින බව ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමයේ සභාපති දුමින්ද සම්පත් සහ ලේකම් රංග බණ්ඩාරනායක ගේ අත්සනින් යතු එම නිවේදනයේ වැඩි දුරටත් සඳහන් වේ.
මතු පළ වන්නේ ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය විසින් නිකුත් කරන ලද සම්පූර්ණ නිවේදනය යි.


