පළමු වතාවට ජපානයේ අගමැති ධුරය කාන්තාවකට

පළමු වතාවට ජපානයේ අගමැති ධුරය කාන්තාවකට

ජපානයේ පළමු කාන්තා අගමැතිවරයා ලෙස ඉතිහාස ගත වීමට 'ජපානයේ යකඩ ගැහැනිය' ලෙස ප්‍රකට සනායි තකයිචි අද (21) සමත්විය.

ජපාන පාර්ලිමේන්තුවේ අද (21) පැවති විශේෂ ඡන්ද විමසීමක දී ඇයව මෙලෙස අගමැති ධුරය සඳහා තෝරාපත් කර ගත් බව සඳහන් වේ.

ඡන්ද විමසීමේදී පහළ මන්ත්‍රී මණ්ඩලයේ ආසන 237ක් දිනාගැනීමට ඇය සමත්ව තිබේ.

64 හැවිරිදි ඇයව ජපාන පාලක පක්ෂයේ නායකත්වය සඳහා තෝරාගැණුනේ මීට දෙසතියකට පෙරයි.

ඒ පාලක පක්ෂය තුළ ඇතිවිය හැකි බෙදීම වළක්වා ගැනීමට හිටපු අගමැති ෂිගෙරු ඉෂිබා පසුගිය සැප්තැම්බර් මාසයේදී ඉල්ලා අස්වීමෙන් හිස්වූ ධුරය පිරවීම වෙනුවෙනි.

කෙසේ නමුත් ඒ සමඟම මෙතෙක් පාලක පක්ෂය සමඟ සිටි කොමෙයිතෝ පක්ෂයේ සහාය තකයිචිට අහිමිවිය.

කෙසේ නමුත් විපක්ෂයේ දක්ෂිණාංශික පක්ෂයක් වන ජපාන නව්‍යකරණ පක්ෂය සමඟ සන්ධානගතවී සිය බලය තහවුරු කරගැනීමට ඇය ඊයේ දිනයේදී සමත්වූයේ අගමැති ධුරය සඳහා වන සිය ගමන් මඟ පැහැදිලි කරගනිමිනි.

මන්දගාමී ජපාන ආර්ථික යළි ගොඩනැගීම, ගිලිහෙමින් පවතින ජපාන - අමෙරිකා සබඳතා තර කරගැනීම සහ පාලක පක්ෂය යළි ස්ථාවර තත්ත්වයකට ගෙන ඒම ඇය හමුවේ ඇති අභියෝග වේ.

1961 වසරේදී නාරා ප්‍රාන්තයේ උපන් සනායි තකයිචි 1996 වසරේදී පළමුවරට ජපාන පාර්ලිමේන්තුවට පිවිසි අතර මේ වනවිට අවස්ථා 10 කදී සිය පාර්ලිමේන්තු අසුන රැකගැනීමට ඇය සමත්ව තිබේ.

ඇය දේශපාලනයට පිවිසීමට පෙර රොක් ශෛලියේ ඩ්‍රම්ස් වාදකයෙක් ලෙසට ද ප්‍රකටව සිට ඇත.

 

(Ada derana)

 

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න