ජාවා නාය යාමකින් 18ක් නසිති

ජාවා නාය යාමකින් 18ක් නසිති

ඉන්දුනීසියාවේ මධ්‍යම ජාවාහි ඉකුත් සතියේ සිදු වූ මහා පරිමාන නාය යාම් දෙකකින් අවම වශයෙන්  පුද්ගලයින් 18ක් මිය ගොස් තවත් විශාල පිරිසක් අතුරුදන්ව ඇතැයි, බලධාරීහු අද (17) ප්‍රකාශයට පත් කළහ.

අතුරුදන්වූවන් සොයා සහන මෙහෙය්හුම් තව දුරටත් ක්‍රියාත්මකය. අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් හටගෙන ඇති අධික වර්ෂාපතනය, විපත්වලට හේතුවයි.

ඉකුත් සතියේ සිලාකැප් ( Cilacap) නගරයේ  සිබුනිඞ් (Cibeunying ) හි සිදු වූ එක නාය යාමකින් නිවාස රැසක් මුළුමනින්ම විනාශ විය. අතුරුදන් වූවන්  මීටර් 3ත් 8ත් අතර ගැඹුරක  සිරවීම හේතුවෙන් සහන සේවා අභියෝගාත්මක ව පවතී. සුන්බුන් සහිත පස් තට්ටු ඉවත් කිරීමට යන්ත්‍රෝපකරණ සහාය ලබා ගැනේ. නාය යාමෙන් ගොවි බිම් ද විනාශ විය.

ඉකුත් සැප්තැම්බරයේ  ඇරඹි ඉන්දුනීසියාවේ වැසි සහිත කාලගුණය, එළඹෙන අප්‍රේල් තෙක් පවතිනු ඇතැයි, කාළගුණ අනාවැකි පළ කර තිබේ. තව දුරටත් ධාරානිපාත වැසි සහ දරුණු ජල ගැලීම් අපේක්ෂා කෙරේ.  



(සටහන | Reuters ඇසුරින්; හර්ෂ උදයකාන්ත පීරිස්)
(This email address is being protected from spambots. You need JavaScript enabled to view it.)
11/17/2025


Landslides in Indonesia's Central Java kill at least 18; dozens missing


Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න