ඥානසාර හිමියෝත් ආරක්ෂාව ඉල්ලති

ඥානසාර හිමියෝත් ආරක්ෂාව ඉල්ලති

සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයින් තමන් වහන්සේ ඝාතනය කිරීමට සූදානමක් පවතින හෙයින් ඇමැති ආරක්ෂක අංශ නිලධාරින් දෙදෙනකු ආරක්ෂාවට දෙන ලෙස ගලගොඩඅත්තේ ඥානසාර හිමියෝ ආරක්ෂක ලේකම්වරයාට ලිපියක් යවමින් ඉල්ලීමක් කරති.


බුද්ධි අංශ නිලධාරීන්ද තම විහාරස්ථානයට පැමිණ එම තර්ජනය පිළිබඳව දැනුම් දුන් බවද උන්වහන්සේ ලිපියේ සඳහන් කර ඇත.

දීර්ඝ කාලයක් තිස්සේ රටේ පැන නැග ඇති ගෝලීය ත්‍රස්තවාදය හා බැඳුණු ඉස්ලාම් අන්තවාදය පිළිබඳව තමන් වහන්සේ කළ විවිධ හෙළිදරව් කිරීම් හේතුවෙන් බොහෝ අන්තවාදී ක්‍රියාකාරකම් නතර කරගැනීමට හැකි වූ බව කියන ඥානසාර හිමියෝ මේ තත්ත්වය යටතේ තමන් වහන්සේ ආරක්ෂාව පැත්තෙන් අවදානමට ලක්ව ඇති බවද පෙන්වා දෙති.

සුදුසු ආරක්ෂාවක් රජයෙන් ඉල්ලා සිටියද තවමත් එය ලැබී නොමැති බවද උන්වහන්සේ සඳහන් කරති.

 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න