හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චිගේ මස්සිනාට අයත් හුංගම බටඅත ප්‍රාදේශයේ පිහිටා තිබෙන ‘‘පහන්යා“ Restaurant and bar නැමති ආයතනය ඊයේ (03) සීල් තබා තිබේ.
ඒ සුරාබදු දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසිනි.
ඊයේ අමද්‍යප දිනය වන අතර නීතියට අනුව ඊයේ දින සියලුම මත්පැන් හල් වසා තැබිය යුතුය. එසේ තිබියදී නීතී විරෝධී ලෙස හොර රහසේ මත්පැන් විකිණා තිබේ.
ඒ අනුව නීතිවිරෝධීව මත්පැන් විකීණීම හේතුවෙන් මෙලෙස එම මත්පැන් හලට සීල් තබා ඇත.