ඒකාබද්ධ විපක්ෂයේ නුගේගොඩ රැළියට බොහෝ දුරට පක්ෂයේ කවුරු හෝ නියෝජිතයකු සහභාගී වනු ඇතැයි සමග ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුජිත් සංජය පෙරේරා පැවසීය.
කෙසේ වෙතත් ඒ සම්බන්ධයෙන් තවමත් අවසන් තීරණයක් ගෙන නැති බවත් ඉදිරි දිනවල දේශපාලන මණ්ඩලය ඒ පිළිබඳව තීරණයක් ගන්නා බවත් ඔහු ප්‍රකාශ කළේය.
විපක්ෂ නායකවරයා එම රැලියට කෙරුණු ආරාධනය ප්‍රතික්ෂේප කර නැතැයි කී මන්ත්‍රීවරයා' ඒ ගැන සාකච්ඡා කරගෙන යන බවද කීවේය.
මෙම රැළිය ලබන 21වැනිදා පැවැත්වීමට නියමිතය.
( lankadeepa | සුජිත් හේවාජුලිගේ
)

