නිර්මල ථෙරවාදි බුදු දහම විනාශ කරමින් මාලිමා ආණ්ඩුවේ පාපිසි 159 දෙනා විසින් උත්සහා කරනුයේ දේදුණු සංස්කෘතිය ගොඩනැගීමට උත්සාහ දරන්නේ යැයි නව ජනතා පෙරමුණ පක්ෂ නායක සුගීෂ්වර බණ්ඩාර පැවසී ය.
ඔහු මෙම අදහස් පළ කළේ අද (21) නුගේගොඩ ආනන්ද සමරකෝන් ක්‍රීඩාංගනයේ පැවති 'වංචනික මාලිමා ආණ්ඩුවේ මුග්ධ පාලනයට එරෙහි මහා ජන හඩ රැළිය' අමතමිනි.
එම රැලියේ දී වැඩි දුරටත් අදහස් දැක්වූ සුගීෂ්වර බණ්ඩාර...
අද කෙඳිරි ගාන්නෙ මාලිමාව
''නූතනයේ කාලිංඝ මාඝ මෙන් ම චේතිය රජු වු අනුර කුමාර ජනපතිතුමන්ට අපි කියන්නෙ බුදුන් තෙවරක් වැඩි මේ ලංකාද්වීපයයේ බුදු දහම ආරක්ෂා කිරීමට විදි විධාන යොදන්න කියල. ජනාධිපතිතුමා අපිට කිව්වේ කෙඳිරිගාන්න එපා කියලා. අද ජනාධිපතිතුමාටයි මාලිමාවේ පාපිසි 159 ටයි කෙඳිරි ගෑවෙන්න නුගේගොඩට අතුරු සිදුරු නැතුව එඩිතර මැණිවරුන්,පියවරුණ්,සහෝදර සහෝදරවරුන් පීරි ඉතිරි ගොස් සිටිනවා. අපේ හාමුදුරුවනේ මේ රටේ අනාධිමත් කාලයක් සිංහල, දෙමළ, මුස්ලිම් මිනිස්සු එකට ජීවත් උණා. ඒක කිසි ආණ්ඩුවකට ප්‍රශ්නයක් උණේ නෑ. මිනිස්සු තමන් කැමති ආගමක් ඇදහුවා. ඒකේ ගැටලුවක් නැහැ. හැබැයි මේක බුදු හාමුදරුවෝ තුන්වරක් වැඩම කරපු රට. ජය ශ්‍රී මහා බෝධින් වහන්සේ වැඩ ඉන්න රට, බුද්ධ ශරිරයෙන් 1/8 ක් ධාතු තියෙන රුවන් වැලි මහා මහා සෑය තියෙන රට. ඒ නිසා මේ බෞද්ධ රටේ මේ සම්බුද්ධ ශාසනයෙත් හිටපු හැම රජෙක් ම, නායකයෙක් ම, පාලකයෙක් ම රැක්කා විතරක් නෙමේ සුරක්ෂිත කර පෝෂණය කළා. ඒක කරන්නේ නැත්තේ මාලිමාවේ පාපිසි 159 විතරයි.
ආණ්ඩුව ථෙරවාදි නිර්මල බෞද්ධ සංස්කෘතියට පහර දෙනවා
මේ රටේ මනා සභ්‍යත්වයක්, සංස්කෘතියක්, ඉතිහාසයක් ගොඩ නැගුණෙ ථේරවාදි නිර්මල බුදුදහම පදනම් කරගෙන. ඒ නිසා මේ රටේ පහළ උණ හැම රජ කෙනෙක් ම, හැම පාලකයෙක් ම, හැම නායකයෙක් ම මේ ථේරවාදි නිර්මල බුදු දහමත් ඒ වටා ගොඩ නැගුණ මහා සංස්කෘතියත්, සභ්‍යත්වයත්, රටත් දිවි හිමියෙන් රැක්කා .ඒක ඔවුන්ගේ ප්‍රධානතම වගකීම උණා. එදා මේ රටේ නිර්මල ථේරවාදි බුදු දහමත් මේ මහා සංස්කෘතියත් විනාශ කරන්න ඇස කැව්වේ, කැස කැව්වේ කාලිංඝ මාග වැනි චෝල, පාණ්ඩ්‍ය, කේරළ ආදි පෙරදිග ආක්‍රමණිකයන්; පෘතුගිසි, ලන්දේසී, ඉංග්‍රීසි වැනි අපරදිග ආක්‍රමණිකයින් විතරයි. හැබැයි අද නිදහසින් 76 වසරකට පසු ථේරවාදි බුදු දහමත්, සම්බුද්ධ ශාසනයත් විනාශ කරන්න හදන්නේ නුතන කාලිංඝ මාඝ අනුර කුමාර ප්‍රමුඛ පාපිසි ආණ්ඩුවේ පාපිසි කෑලි 159 කියලා අපි බොහොම වගකීමෙන් කියනවා. එදා අපි ආපු ඒ හැම බලවේගයක් ම පරාජය කළා. අද ඒ සියලු පෙර අපරදිග බලවේගවල සම්මිශ්‍රණයක් තමයි මාලිමාව. ඒ නිසා ව්‍යවස්ථාවේ මොනවා තිබුනත් 9 වගන්තියේ මොනවා තිබුනත් මේ පාපිසිවලට ඒවා අදාළ නෑ. දැනටමත් ව්‍යවස්ථාවේ 9 වගන්තිය උල්ලංඝනය කරලා ඉවරයි. මතක තියාගන්න, මේ පාපිසි ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශනයට ද බුදු දහමට හිමි ප්‍රමුඛස්තානය ඉවත් කරන්න වගන්ති එකතු කරලයි තියෙන්නේ. අපේ හාමුදුරුවනේ, මේ පහර දෙන්නේ ථෙරවාදි නිර්මල බෞද්ධ සංස්කෘතියට.
දේදුනු සංස්කෘතියට කියන අලුත් නම
ව්‍යවස්ථාවේ 9 වන වගන්තිය හළනවා. මොකද ඔවුන්ගේ දේදුණු සංස්කෘතිය මේ මහපොළොවේ පැළ කරන්න නම් ථේරවාදි බෞද්ධ පදනම හා මේ සංස්කෘතිය විනාශ කරන්න ඕන. අද මේ නුතන කාලිංඝ ඇතුළු කණ්ඩායම කරන්නේ ඒක. පුනරුදය කියන්නේ වෙන මොනවවත් නෙමේ. මේ ථේරවාදි සංස්කෘතිය විනාශ කරල ගේන දේදුණු සංස්කෘතියට කියන තවත් නමක්. අද පියවරෙන් පියවර ඔවුන් ඒක කරන්න යනවා. දේදුණු සංස්කෘතියට ළංවෙනවා. අමාත්‍යාංශ බෙදද්දි බුද්ධ ශාසන අමාත්‍යාංශය ඉවත් කළා. අද බුද්ධ ශාසන අමාත්‍යාංශයක් නෑ. කියන්නේ වෙන මොකක්දෝ නමක්. ඒකට පත් කරලා තියෙනවා නියම පාපිස්සක්. මට අපේ රටේ නායක හාමුදුරුවරු කීප නමක් කිව්වා ඒ උන්නැහේ හාමුදුරුවන්ට වදිනවා නෙමෙයිලු ආයුබෝවන් කියනවලු. නල්ලමලේ අමත්‍යවරයා. බුද්ධ පුත්‍රයන් ඉදිරියේ කොන්ද නැමෙන් නැති පාපිස්සක් බුදු දහම කෙසේ ආරක්ෂා කරයිද? මේ ඊයේ පෙරේදා ඊට එහා ගිය බඩුවක් ගෙනත් දාලා. මිනිහා ආයුබෝවන් කියන්නෙත් නෑ. අපේ හාමුදුරුවන්ට අතට අත දෙනවලු. ඒ මුනීර් මොහොමඩ්. ඒ පාපිස්ස ගැන අපේ ඥාණසාර හාමුදුරුවෝ බරපතල අනාවරණයක් කලා. ඒ පුද්ගලයා ජමාතේ ඉස්ලාම් කියන අන්තවාදි සංවිධානයේ කෙනෙක් කියලා .අදටත් ඒකට උත්තරයක් නෑ.
මේක අවස්ථාවාදී ආණ්ඩුවක්
මිත්‍රවරුනි,මේක නල්ල මලේ නිරාගමික බඩු ටිකක් ඉන්න ආණ්ඩුවක්. මේ වනතෙක් නිරාගමිකයෝ හිටපු ආණ්ඩුවක් කවදාවත් ලංකාවේ තිබුණෙ නැ. පාර්ලිමේන්තුවේ සභානායක කන්ටේනර් පැන්නීමේ මගඩියේ මහ මොළකරු බිමල් රත්නායක කියනවා පිළිම වන්දනාව ග්‍රෝතිකයිලු. එයාට හරියන එයාගේම නෝනා සමන්මලී කියනවා ගණිකා වෘත්තිය නීතිගත කරන්න ඕන කියලා. පන්සල්වලට දුන්න සිවිල් ආරක්ෂකයින් අයින් කළේ ඒ කුමන්ත්‍රණයේ ප්‍රතිපලයක් විදහට. ඉතිහාසයේ කිසිම රාජ්‍ය නායකයෙක් කළු ඇදන් දළදා මාලිගාව වැන්දේ නෑ. මෙයා ඒකත් කලා. කළු ඇදගෙන නුවර ගියා විතරක් නෙමේ දිවුරුම් දීමේ උත්සවයේ ජයමංගල ගාථාත් අයින් කළා. මාස්පතා ගියත් බොරුවට මහා නායක හාමුදුරුවරු වැන්දට වැඩක් නෑ අනුර කුමාර මහත්තයෝ බුදු සසුනට කෙනෙහෙලි කම්කර කර. දැන් රාජ්‍ය ආයතනවල පන්සිල් ගන්න තහනම්. බොරලැස්ගමුව නගර සභාවේ අපේ ප්‍රධාන අනුශාසක සුමනධම්ම හාමුදුරුවෝ ඉන්නවා. අපේ හාමුදුරුවෝ පන්සිල් දෙන්න ඕන කිව්වම නගරාධිපති කියනවලු ඒක මාක්ස් වාදයට පටහැනිලු. කොහොමද ඒක? මේක මාක්ස්වාදී ආණ්ඩුවක්ද? බම්බුව... මේක මාක්ස්වාදින් නෙමේ, ලිබලර්වාදීන් නෙමේ මේක නියම අවස්ථාවාදී ආණ්ඩුවක්.
බුදු පිළිමවලට ආරක්ෂාව වුවමනා කර තිබේ
දෙහිවල නගර සභාවේ මන්ත්‍රී කාමරයේ තැන්පත් කර තිබු බුදු පිළිමය 2006 ඉඳන් සභාවේ තිබ්බා. ඒ පිළිමය වඩම්මවපු දවසේ ඉදන් ඒකට වන්දනා මාන කිරීමට අවශ්‍ය තෙල් පහන්තිර හදුන්කූරු ගන්න සියලු මන්ත්‍රිවරුන් මුදල් දුන්නා. මුස්ලිම් දෙමළ මන්ත්‍රිවරුන් හිටියා. මරීනා මන්ත්‍රීතුමිය ,ජෙෆ්රි මන්ත්‍රිතුමා එයාලා ඒක ප්‍රශ්නයක් කර ගත්තේ නෑ. හැබැයි මේ පාපිසි නගරාධිපතිතුමාට ඒක ප්‍රශ්නයක්. බුදු පිළිමය ගිහින් දැම්මා කම්කරුවන්ගේ කාමරයට. අපි නැවත ඒක තිබු තැනම තැන්පත් කළා. අපේ කාලිංඝ මාඝට ඒ බුදුපිළිමය ගැන පාර්ලිමේන්තුවේ කතා කරන්න අමතක උණා. නැත්නම් කියයි අපේ හාමුදුරුවනේ අපේ විපක්ෂයේ මන්ත්‍රීවරුන්ට බුදුපිළිමයෙන් කරදර නිසා ඒක වෙන කාමරයකට වැඩිය කියලා. වඩින එක වඩම්මන එක දන්නේ නැති නායකයෙක්. මිහින්තලේ නායක හාමුදුරුවන් කිව්වේ, බැඳපු පිරිත් නුල වාහනේට නගින කොට ගලවලා දැම්මලු. එහෙම නිරාගමික නායකයෙක් අපිට සුද්දගේ කාලෙවත් ඉදලා නෑ. දැන් ලොකු අවුලක් අපේ හාමුදුරුවනේ, බුදු පිළිමවලට ඔබ වහන්සේලාගෙන් ආරක්ෂා වෙන්න වඩින්න කියලා හිතුනොත් පොලිසි බුදුපිළිමවලින් ගොඩ ගැහෙයි. මරු බඩු ටික. දැන් සමාධි බුදු පිළිමයටයි, අවුකන බුදු පිළිමයටයි වෙනම කණ්ඩායමක් පැය 24 ම දාන්න වෙනවා. බැරි වෙලාවත් පොලිසිවලට වැඩියොත් හාමුදුරුවන්ගේ ඔළු පළලා,පහරදිලා, රකින බුදු පිළිමය මොකක්ද? අනන්ද විජේපාල හිතුවද දන් නෑ මෙතන කුඩු තියෙනවා කියලා? දැන් අපේ හාමුදුරුවනේ අපිට වෙලා තියෙන්නේ පේදුරු තුඩුවයි- දෙවුන්දර තුඩුවයි දක්වා බුදු පිළිම වහන්සේලා පාපසිවලින් රැක ගන්න.
ථේරවාදි බුදු දහමට හෝ මේ සංස්කෘතියට අත තියන එක නවත්වන්න
JVP හමුදාවට ථෙරවාදි බුදු දහමත් එක්ක ගැටලු තිබුනා. එදා 1988/89 කොටිකාවත්ත සද්දාතිස්ස හාමුදුරුවෝ ඇතුලු තරුණ හාමුදුරුවරු 700-800 බල්ලෝ බලල්ලු වගේ මැරුවා. විශාල පන්සල් ප්‍රමාණයක් පාළු උණා. අද ඒ උදවිය බලය අරගෙන ශාසනයත්,සංස්කෘතියත් විනාශ කරන්න අවශ්‍ය වැඩ කරගෙන යනවා. රට රැකපු රණ විරුවෝ බොරු චෝදනා දාලා හිරේ. නිශාන්තඋළුගේතැන්න මැතිතුමා දින 75 කට වැඩිය බොරු චෝදනා දාලා හිරේ තිබ්බා. ජීනිවාවලට ගිහින් රට පාවා දුන්නා. කිසිම කිසි පොරොන්දුවක් ඉටු කළේ නෑ. කයියයි වෛරයයි විතරයි. ඒ නිසා අපි අනුරට කියනවා අපේ ගරුතර සංඝරත්නයෙන් කොටසක් මේ වැඩියේ අනුර ගෝගම හදන්න නෙමෙයි. ව්‍යවස්ථාවේ 9 වන වගන්තිය මතක් කරලා දෙන්න. ඒ වගේම මේ රැස්වීමට බය වෙච්ච පාපිසි කෑලිවලට කියනවා ඒ ආතතිය, ඒ බය තියාගන්න කියලා. සමන්ත විද්‍යාරත්නට අභියෝග කරනවා පුළුවන් නම් මේ වගේ තුන්ගුණයක් සෙනඟ රැස්කරලා පෙන්නන්න කියලා. පොලිසියට නෙමේ පෑලියගොඩ දස්සා හෝ දෙහිවල ටෝනි හෝ පුවකදණ්ඩාවේ සනාට කියලා හරි කමක් නෑ. අවසාන වශයෙන් නුතන කාළිංඝ මාඝ වගේම පච චේතිය අනුරට අපි කියනවා ථේරවාදි බුදු දහමට හෝ මේ සංස්කෘතියට අත තියන එක නවත්වන්න. එහෙම නැතිවුනොත් හැංගෙන්න අපායකුත් ඔබට නැති වෙනවා කියලා අපි කියන්න කැමති යි.''
රැලියට අති විශාල ජනතාවක්

නව ජනතා පෙරමුණේ ප්‍රධාන අනුශාසක පැපිලියාන සුනේද්‍රාදේවි රජමහා විහාරයේ විහාරාධිපති වැල්ලම්පිටියේ සුමනධම්ම නාහිමියන්ට පැමිණ සිටි සියලු දෙනා පංචශිලයේ පිහිටුවූහ. හින්දු සහ ඉස්ලාම් අගමික ජූජකවරු ද එම ආගම් සිහිකළහ.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ තරුණ සංවිධානයේ උප සභාපති සාවින්ද්‍රා එදිරිමාන්න මෙනෙවිය රැළිය ආරම්භ කරමින් ඇමතුවාය.
ශ්‍රී ලංකා මහජන පක්‍ෂයේ නායක අසංක නවරත්න, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමනාත් සී. දොළවත්ත සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ යාපනේ දිස්ත්‍රික්ක සංවිධායක කාසලිංගම් යන මහත්වරු ද රැළිය ඇමතූහ.
ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ සභාපති නිමල් සිරිපාල ද සිල්වා, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක සාගර කාරියවසම්, මහාචාර්ය ජී. එල්. පීරිස්, එක්සත් ජාතික පක්‍ෂයේ මහ ලේකම් තාලතා අතුකෝරාළ, අනුර ප්‍රදර්ශන යාපා, පාරලිමේන්තු මනත්‍රී රෝහිත අබේගුණසේකර, ටිරාන් අලස්, දුමින්ද දිසානායක, වජිර අබේවර්ධන, මහින්ද අමරවීර, සංජීව එදිරිමාන්න සහ ලසන්ත අලගියවන්න යන මහත්ම මහත්මීන් ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට සහභාගි වූහ.
මෙම රැලියට අති විශාල ජනතාවක් සහභාගී සිටියහ.





