හිරුණිකා අත්අඩංගුවට ගන්නැයි නියෝග2022 වසරේ ජූලි මස 07 වනදා අධිකරණ නියෝග කඩ කරමින් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර ඇතුළු සැකකරුවන් 12 දෙනාට එරෙහිව ගොනු කළ නඩුවේ අධිකරණයේ පෙනී නොසිටි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර ඇතුළු දෙදෙනකු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන අද 15 නියෝග කළේ ය.
පොලිස් පනත සහ මංමාවත් ආඥා පනත උල්ලංඝනය කරමින් නිදහස් චතුරස්‍රය ප්‍රදේශයේ වීථි නාට්‍යයක් රඟදැක්වීමට කටයුතු කළ බව කියන සිද්ධිය සම්බන්ධයෙන්,
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර ඇතුලු සැකකරුවන් 15 දෙනාට එරෙහිව විභාග වන නඩුවට අදාලව නීතිපති උපදෙස් ලබාගෙන නොවැම්බර් 2 වන දින අධිකරණයට කරුණු වාර්තා කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්.බෝදරගම කුරුඳුවත්ත පොලිසියට අද (17) නියෝග කළේ ය.
හිටපු පාර්ලිමේන්තු මන්ත්රීනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර තමන්ට පැනවූ සිරදඬුවමට එරෙහිව ඉදිරිපත් කළ අභියාචන පෙත්සම විභාග කිරීම සැප්තැම්බර් 23 වැනිදා කැඳවන ලෙස අභියාචනාධිකරණය විසින් අද (06) නියෝග කළේ ය.
2022 වසරේ ජූලි මස 07වන දා අධිකරණ නියෝග කඩ කරමින් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර ඇතුළු සැකකරුවන් 12 දෙනාට එරෙහිව ගොනු කළ නඩුවේ අධිකරණයේ පෙනී නොසිටි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර ට එරෙහිව නිකුත් කළ වරෙන්තුව ආපසු කැඳවන ලෙස කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන අද 18 නියෝග කළේ ය.
සිවිල් ක්‍රියාකාරී හා ජනමාධ්‍යවේදී කැලුම් අමරසිංහ විසින් අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ ආන්දෝලනාත්මක පැමිණිල්ලක් ඉදිරිපත් කරන ලදී. ඒ, අස්ගිරි මහා විහාරය මගින් සසුනෙන් නෙරපා හරින ලද හුනුපොළගම වජිර ශ්‍රී නම් චිවරධාරියකුට විරුද්ධවයි.
හෙට සිට බල පැවැත්වෙන පරිදි ශ්‍රී ලංකා මහ බැංකුවේ රාජ්‍ය ණය දෙපාර්තමේන්තුවේ මෙහෙයුම් අවසන් කිරීම සහ රාජ්‍ය ණය දෙපාර්තමේන්තුවේ ලංකාසෙක්‍යු අංශය, ගෙවීම් සහ පියවීම් දෙපාර්තමේන්තුව වෙත පැවරීම සිදු කරන බව ද මහ බැංකුව කියයි.
ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වන ඩෙංගු උවදුර මර්දනයට අවශ්‍යය කටයුතු සම්පාදනය සඳහා සාකච්ඡාවක් ක්ලීන් ශ්‍රී ලංකා ලේකම් කාර්යාලයේ දී අද (04) පැවැත්විණි.
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ, ස්වභාවික විපත් පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය, හෙට (13) දිනය සඳහා වලංගු වන පරිදි, අද (11) පස්වරු 5.00ට මෙම නිවේදනය නිකුත් කර ඇත.
හෙට (24) සිට ත්‍රී රෝද රථ ගාස්තු ඉහළ දමන බව බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය සඳහන් කළේය.
ගෝලීය හෙපටයිටිස් තුරන් කිරීමේ සංවිධානයක් වන (Coalition for Global Hepatitis Elimination - CGHE) විසින් ප්‍රකාශයට පත් කරන ලද 2026 වසරේ හෙපටයිටිස් තුරන් කිරීමේ ශූරයන් (Hepatitis Elimination Champions) අතරට ජාතික ලිංගාශ්‍රිත රෝග සහ ඒඩ්ස් මර්දන වැඩසටහනේ (NSACP) විශේෂඥ වෛද්‍ය සත්‍යා හේරත් තේරී පත්ව තිබේ.
Rebuilding Sri Lanka’ අරමුදල නීත්‍යනුකූලව ස්ථාපිත අරමුදලක් විය යුතු බවත් එබැවින් එය ව්‍යවස්ථාපිත අරමුදලක් ලෙස පාර්ලිමේන්තුව විසින් අනුමත කළ යුතු බව රාජ්‍ය මුදල් පිළිබඳ කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා පවසයි.
ආපදාවට ලක්වූවන්ට සහන සලසමින් සිටියදි පසුගියදා වෙන්නප්පුවේදී අනතුරට පත් ගුවන් හමුදාවට අයත් බෙල් 212 හෙලිකොප්ටර් යානය ගිංඔයට ගොඩබැස්සවීමට සිදුවූයේ එහි කාර්මික දෝෂයක් හටගැනීම නිසා බව සහයක ගුවන් නියමු පියාසර ලුතිනන් එරංග චාමර ඒකනායක ප්‍රකාශ කරයි.
ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් බෙල් 212 හෙලිකොප්ටරයේ අනතුර සම්බන්ධයෙන් විමර්ශනයට ගුවන් හමුදාවේ උසස් නිලධාරීන් ඇතුළු 09 දෙනෙකුගෙන් සමන්විත කමිටුවක් පත් කර ඇති බව ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක එරන්ද ගීගනගේ පවසයි.
අභාවප්‍රාප්ත ප්‍රවීණ ගායන ශිල්පිනී ලතා වල්පොලගේ දේහය පිළිබඳ අවසන් කටයුතු පූර්ණ රාජ්‍ය අනුග්‍රහයෙන් සිදු කිරීමට තීරණය කර තිබේ.
මාක්ස්ගේ සුප්‍රසිද්ධ කියමනකට අනුව, ලෝක ඉතිහාසයේ සියලු ම ශ්‍රේෂ්ඨ සිදුවීම් සහ පුද්ගලයින්, යම් හෙයකින්, දෙවතාවක් කරළියට එන බව හේගල් කොහේ හෝ තැනක සඳහන් කර ඇත. නමුත් ඔහු වැදගත් දෙයක් එකට එකතු කිරීමට අමතක කළේ ය. එනම්, එම ශ්‍රේෂ්ඨ සිදුවීම් සහ පුද්ගලයින් පළමු වතාවට ඛේදවාචකයක් ලෙසත්, දෙවන වතාවට විකට රංගනයක් (ප්‍රහසනයක්) ලෙසත් කරළියට එන බව ය.
මින් ඉදිරියට මා විසින් කිසිදු දේශපාලන පක්ෂයකට සම්බන්ධ නොවී අපගේ මාතෘ භූමියේ අභිමානය, අප ප්‍රෞඪ ජාතියේ ශ්‍රේෂ්ඨත්වය සහ බුදු දහමේ අභිවෘද්ධිය වෙනුවෙන් පූර්ණකාලීනව කටයුතු කිරීමට තීරණය කළ බව හිටපු කෘෂිකර්ම අමාත්‍ය සර්ව ජන බලයේ ජ්‍යෙෂ්ඨ නායක ආචාර්ය හේම කුමාර නානායක්කාර පවසයි.
හොංකොං සික්සස් ක්‍රිකට් තරගාවලියේ බඳුන ශූරතාව දිනාගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.
නේවාසික උද්‍යාන දෙකක ප්‍රතිසංස්කරණ අතර සිදු කරන ලදැයි පැවසෙන දූෂණ ක්‍රියාවන්ට සැක පිට පුද්ගලයින් 21 දෙනෙක් හොංග් කොංග් දූෂණ මර්ධන ඒජන්සියේ අත්අඩංගුවට පත්වෙති.
“සීතල ගබඩා පැනල්” යැයි හඳුන්වමින් ආනයනය කළ, දෙහිවල සමාගමකට ප්‍රවාහනය කරමින් තිබූ චීන දුම්වැටි විශාල තොගයක් අත්අඩංගුවට ගෙන ඇත.
සංස්ථාවක හිටපු සාමාන්‍යාධිකාරිවරයකුගේ නිවෙසට පැන රුපියල් ලක්ෂ 32කට අධික රන් භාණ්ඩ ඇතුළු දේපල සොරාගත් අයකු එම නිවෙසේ මෙහෙකාරිය ද රැගෙන පලාගොස් ඇතැයි ඇහැලියගොඩ පොලිසිය පවසයි.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර

