හොංකොංහි ගොඩනැගිලි ප්‍රතිසංස්කරණ දූෂණ ජාලයක් හෙළි වේ : 21 දෙනෙකු අත්අඩංගුවට

හොංකොංහි ගොඩනැගිලි ප්‍රතිසංස්කරණ දූෂණ ජාලයක් හෙළි වේ : 21 දෙනෙකු අත්අඩංගුවට

නේවාසික උද්‍යාන දෙකක ප්‍රතිසංස්කරණ අතර සිදු කරන ලදැයි පැවසෙන දූෂණ ක්‍රියාවන්ට සැක පිට පුද්ගලයින් 21 දෙනෙක් හොංග් කොංග් දූෂණ මර්ධන ඒජන්සියේ අත්අඩංගුවට පත්වෙති.

ඉකුත් නොවැම්බරයේ අග මහල් නේවාසික සංකීර්ණ 7ක් දවමින් හටගත් ගින්නකින් අනතුරුව එරට ගොඩනැගිලි ප්‍රතිසංස්කරණ ක්ෂේත්‍රය හා සබැඳි දූෂණ ජාලයක් අනාවරණය කර ගැනීමට බලධාරීහු සමත්වූහ. එම ගින්නෙන් පුද්ගලයින් 160කට අධික පිරිසක් ජීවිතක්ෂයට පත්වූහ.

එම අනතුර සහ එරට ඉදිකිරීම් කර්මාන්ත ක්ෂේත්‍රය පිලිබඳ විමර්ශනයට පසුගිය මස ස්වාධීන කොමිසමක් පත් කෙරිණි. එහිදී අදාල කොන්ත්‍රාත් පිරිනැමීමේ ප්‍රසම්පාදන ක්‍රියාවලියේ දී දූෂණ සිදු වී දැයි පරික්ෂාවට ලක්විය. එහිදී, ගොඩනැගිලි ප්‍රතිසංස්කරණයට අදාළ ත්‍රෛපාර්ශ්වීය දූෂණ ජාලයක් අනාවරණය කර ගැනීමට සමත් වූ බව එම නිලධාරීහු කියා සිටියහ.

අත්අඩංගුවට පත් පුද්ගලයින් අතර අතරමැදි කරුවන්, ව්‍යාපෘති උපදේශකයින්, කොන්ත්‍රාත්කරුවන් සහ එම නේවාසික උද්‍යාන හිමි සමාගමේ සාමාජිකයින් ද වන බව වාර්තා වේ.

(සටහන |Reuters ඇසුරින්; හර්ෂ උදයකාන්ත පීරිස්)

මුලාශ්‍රය :

Hong Kong arrests 21 for corruption in building renovation crackdown

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න