ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් බෙල් 212 හෙලිකොප්ටරයේ අනතුර සම්බන්ධයෙන් විමර්ශනයට ගුවන් හමුදාවේ උසස් නිලධාරීන් ඇතුළු 09 දෙනෙකුගෙන් සමන්විත කමිටුවක් පත් කර ඇති බව ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක එරන්ද ගීගනගේ පවසයි.
ඒ ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් බන්දු එදිරිසිංහ ගේ උපදෙස් අනුවය.
විපතට පත් ජනතාවට ආහාර බෙදා හැරීමේ මෙහෙයුම්වල නිරතව තිබූ හෙලිකොප්ටරය ඊයේ පස්වරුවේ ලුණුවිල පාලම අසලදී හදිසි ගොඩබෑමකට ලක්කළ අවස්ථාවේදී අනතුරට පත්විය.
එම හෙලිකොප්ටර් යානයේ ගමන් ගත් ගුවන් නියමුවා ඇතුළු නිලධාරින් 05 දෙනා මුදා ගැනීම සඳහා ප්‍රදේශවාසීන් ඇතුළු පිරිස දැඩි පරිශ්‍රමයක් දැරූ අතර පසුව ඔවුන් ප්‍රතිකාර සඳහා මාරවිල රෝහලට ඇතුළත් කරන ලදී.
කෙසේ වෙතත් යානයේ සිටි එක් නියමුවෙකු අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත් විය.
මෙලෙස මිය ගොස් තිබුණේ නිර්මාල් සියඹලාපිටිය නමැති 41 හැවිරිදි ගුවන් හමුදා නිලධාරියෙකු බව ගුවන් හමුදාව සඳහන් කරයි.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
