BMW රථයක් එකලස් කර ව්‍යාජ අංකයක් යොදා භාවිත කළ බවට රක්ෂිත බන්ධනාගාර ගත කර, ඇප මත මුදා හැර සිටින හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දුට අයත් බව කියන ප්‍රශ්නගත BMW රථය ගාල් කළ හෝටල් පරිශ්‍රයේ CCTV දර්ශන සහ දුරකතන වාර්තා ඇතුළත් සීඩී තැටි සැකකාර ජොන්ස්ටන් ප්‍රනාන්දුට මුදා හරින ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන අද අධිකරණ රෙජිස්ටර්වරියට නියෝග කළේ ය.
මෙරට විදුලිබල සම්ප්‍රේෂණ ජාලය ශක්තිමත් හා නවීකරණය කෙරෙන දැවැන්ත ව්‍යාපෘතියක් ලෙස සැලකෙන "බලශක්ති පද්ධතිය බලගැන්වීමේ සහ පුනර්ජනනීය බලශක්ති අවශෝෂණය කිරීමේ ව්‍යාපෘතිය“ (POWER SYSTEM STRENGTHENING AND RENEWABLE ENERGY INTEGRATION PROJECT – PACKAGE 1B) දියත් කරමින් හෝමාගම 132/33 kV ග්‍රිඩ් උපපොළේ ඉදිකිරීම් කටයුතු බලශක්ති, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය අනුර කරුණාතිලක ගේ ප්‍රධානත්වයෙන් අද (13) දින හෝමාගම දී ආරම්භ කළේ ය.
තම මතකයට අනුව දකුණු සුඩානයෙන් පසු කිසිම අලුත් රටක් නම් නොවූව ද නුදුරේ දී ම එක් රටක් නොව රටවල් දෙකක් ම ලෝක සිතියමට එක් වීමට නියමිත යැයි උදය ගම්මන්පිල පැවසී ය.
ලබන මාසයේ මුල් සතිය වන විට රාජ්‍ය ආයතන ගණනාවක සභාපතිවරුන් ඉවත් කිරීමට රජය සැලසුම් කර ඇති බව ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස ප්‍රකාශ කළේය.
දරුවන් ලිංගික අපයෝජනයට ලක් කෙරෙන වීඩියෝ ළඟ තබාගැනීමේ චෝදනා මත ටොරොන්ටෝ නගරයේ ළමා රෝහලක සේවය කළ ශ්‍රී ලාංකික සම්භවයක් සහිත වෛද්‍යවරයකු වන වෛද්‍ය ඩිලාන් දිසානායකට එරෙහිව නඩු පැවරූ බව පොලිසිය පවසනවා.
අනුරාධපුර අධිකරණ සංකීර්ණය අසල සිදුවූ නීති විරෝධී සහ පිළිකුල් සහගත සිදුවීම පිටුපස සිටින සැබෑ සූත්‍රධාරීන් කවුරුන්ද යන්න දැන් මුළු රටටම හෙළිදරව් වී තිබේ. බරපතළ ළමා ස්ත්‍රී දූෂණ නඩුවක ප්‍රධාන සැකකරුවෙකු වන පල්ලේගම හේමරතන හිමියන්, සාමාන්‍ය සැකකරුවන් යන එන ප්‍රධාන දොරටුවෙන් නොව, විනිසුරුවරුන් සඳහා ම වෙන් කර ඇති විශේෂ VIP ගේට්ටුවෙන් කළු වීදුරු සහිත වාහනයකින් ඇතුළට ගැනීමට කටයුතු කර ඇත්තේ අනුරාධපුර පොලිසියේ වැඩබලන HQI (ප්‍රධාන පොලිස් පරීක්ෂක) දිවුල්වැව ගේ අනුග්රහයෙනි.
අම්පාර, දෙහිඅත්තකණ්ඩිය ප්‍රදේශයේ ළමා නිවාසයක රැඳී සිටි පහළොස් හැවිරිදි දැරියන් දෙදෙනෙකු මහියංගණය ප්‍රදේශයේදී අපයෝජනයට ලක් කළ බව කියන පරිවාස නිලධාරියෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
ජාත්‍යන්තර මානව හිමිකම් ගෝලීය මෙහෙයුම සංවිධානය කළ තිරසර සංවර්ධනයක් සහිත ශ්‍රී ලංකාවක් බිහි කිරීමට සෑම ක්ෂේත්රයක ම ක්‍රියාකාරීන් එක් කර ගැනීමේ සම්මන්ත්‍රණය සහ ඔවුන් ඇගයීමේ හරසර උළෙල ඉකුත්දා කොළඹ බණ්ඩාරණායක අනුස්මරණ අන්තර්ජාතික සම්මන්ත්රණ ශාලාවේ දී පැවැත්විණි.
ජාතික ළමාරක්ෂක අධිකාරියේ නිර්මාතෘ මහාචාර්ය හරේන්ද්‍ර ද සිල්වා කියන විදියට නායක හාමුදුරුවරු කියන්නේ ධනය සහ බලය තියෙන ඒ වගේ ම තමන්ගේ පැවැත්ම සහ ආරක්ෂාව වෙනුවෙන් ඒ ධනය සහ බලය යොදා ගන්න නොපසුබට වන පිරිසක්.
අමා ඔවිනි අලුත්ගේ විසින් රචිත ''ළිං මැඩියකුගෙ හදවත'' කාව්‍ය සංග්‍රහය ජූලි 18වන දා සවස 03.00 කොළඹ 07, හෝටන් පෙදෙසෙහි අංක 24 දරන ස්ථානයෙහි පිහිටි LIGHTHOUSE AUDITORIUM හි දී ජනගත කරයි.
පාර්ලිමේන්තු මන්ත්‍රී, ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාපා විසින් පුද්ගලික මන්ත්‍රී යෝජනා දෙකක් අද (05) පාර්ලිමේන්තු මහලේකම් කුෂාණි රෝහණධීර වෙත නිල වශයෙන් භාර දෙන ලදී. මෙරට පුද්ගලික නීති පද්ධතියේ පවතින අඩුපාඩු මඟහරවා ගනිමින් පුරවැසියන් ගේ, විශේෂයෙන් ම කාන්තාවන් ගේ සහ දරුවන් ගේ මූලික අයිතිවාසිකම් ආරක්ෂා කිරීම මෙමගින් අපේක්ෂා කරන බව යෝජනාවේ සඳහන් ය.ෑ
නීති විරෝධී ලෙස පදිංචි වී සිටින බදුකරුවන්ට පවා ජලය සහ විදුලිය යනාදි පොදු පහසුකම් ලබාදීමට උත්සාහ කරන මෙම පනත මගින් නිවාස හිමියන් සහ ඉදිකිරීම් ක්ෂේත්රය දැඩි අනතුරකට ලක්වන බව මන්ත්‍රීවරයා අවධාරණය කරයි.
තෙල්දෙණිය, කරල්ලියද්ද නව නගරයේ , වික්ටෝරියා ජලාශයට ආසන්න ස්ථානයක පිහිටි හෝටලයක, අයිෂ්, කුෂ්, හෙරොයින් සහ ත්රිල්නැමති මත් ද්‍රව්‍ය භාවිතා කරමින් ආපදා සමයේ මත් සාදයක් පවත්වමින් සිටි මහනුවර ප්‍රබල දේශපාලනාඥයකුගේ දියණිය ඇතුළු 27 දෙනා ඇප මත මුදා හැරීමට අධිකරණය අද සවස නියෝග කළේය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර

