ලක්ෂ 06ක මුදල් වංචාවක් හේතුවෙන් ධීවර සංස්ථාවේ තිදෙනකු ගේ වැඩ තහනම්

ලක්ෂ 06ක මුදල් වංචාවක් හේතුවෙන් ධීවර සංස්ථාවේ තිදෙනකු ගේ වැඩ තහනම්

වසර ගණනාවක් පුරා විවිධ දූෂණ සහ මූල්‍ය අක්‍රමිකතා චෝදනාවලට ලක්ව තිබූ ලංකා ධීවර වරාය නීතිගත සංස්ථාවේ ඉහළ කළමනාකාරීත්වයේ තිදෙනකුගේ සේවය වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවීමට බලධාරීන් පියවර ගෙන ඇත.

මෙම තීරණය ගෙන ඇත්තේ 2023 වසරේ යාපනයේ පැවති “ධීවර සතිය” වැඩසටහනට අදාළව සිදුකළ බව කියන රුපියල් ලක්ෂ හයක (600,000.00) මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් සිදුකළ මූලික විමර්ශන වාර්තාවක නිර්දේශවලට අනුවය.

2026 ජනවාරි 07 වන දින සිට ක්‍රියාත්මක වන පරිදි මෙලෙස සේවය අත්හිටුවා ඇත්තේ එම්.ඒ. ප්‍රසන්න (සාමාන්‍යාධිකාරී) පී.සී.එන්. සමන්ති පෙරේරා (මූල්‍ය කළමනාකාරිනී) ඩී.එම්.එස්.කේ. විජේතුංග (මානව සම්පත් කළමනාකරු) යන අය ගේ ය.

වංචාවේ ස්වරූපය සහ චෝදනා පිළිබඳව විමර්ශන වාර්තාවේ සඳහන් වන්නේ 2023 දෙසැම්බර් මාසයේ යාපනයේ පැවති ධීවර සතිය වෙනුවෙන් වැය කළ බව පවසමින් රුපියල් ලක්ෂ හයක මුදලක් වංචනික ලෙස ලබාගෙන ඇති බවට සාක්ෂි හමුවී ඇති බවයි. ඒ අනුව සාමාන්‍යාධිකාරී සහ මූල්‍ය කළමනාකාරිනිය මෙම මූල්‍ය වංචාව සිදුකිරීම සම්බන්ධයෙන් සෘජු වගකීමක් සහ චෝදනා මොවුන් වෙත එල්ල වී ඇත.

විශේෂයෙන්ම මූල්‍ය කළමනාකාරිනී සමන්ති පෙරේරා මීට පෙර ද මෙවැනි ම චෝදනා මත වැඩ තහනමකට ලක්ව සිටි තැනැත්තියක බව අනාවරණය වී තිබේ. තවද මානව සම්පත් කළමනාකරුට එල්ල වී ඇති ප්‍රධාන චෝදනාව වන්නේ ආයතනයේ අධ්‍යක්ෂ මණ්ඩලයේ සහ සභාපතිවරයා ගේ තීරණ පවා අභිභවා යමින් නීති විරෝධී ලෙස කටයුතු කිරීම ය.

නාලක රත්නායක - නුවරඑළිය

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න