හෘද රෝග ප්‍රතිකාර ක්ෂේත්‍රයේ දියුණුවේ ප්‍රමුඛ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් මෙම වර්ෂය තුළ (2026) දිවයින ම ආවරණය වන පරිදි මෙරට ප්‍රධාන රෝහල් රැසක අතිනවීන තාක්ෂණයෙන් යුත් හෘද කැතීටකරණ යන්ත්‍ර 16 ක් (Cath lab - Cardiac Catheterization Laboratory) ස්ථාපිත කිරීමට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස ගේ උපදෙස් පරිදි එම අමාත්‍යාංශය කටයුතු කරමින් සිටී.
මෙම අතිනවීන හෘද කැතීටකරණ යන්ත්‍ර 16 කොළඹ, මහනුවර සහ ගාල්ල යන ජාතික රෝහල් ත්‍රිත්වයේ ද, මඩකළපුව, රත්නපුර, බදුල්ල, ගාල්ල, යාපනය, කලුබෝවිල, අනුරාධපුර, කුරුණෑගල යන ශික්ෂණ රෝහල් මෙන්ම ත්‍රිකුණාමලය දිස්ත්‍රික් මහ රෝහලේ ද ස්ථාපිත කිරීමට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය පියවර ගෙන ඇත.
සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ මූල්‍ය ප්‍රතිපාදන මත මඩකළපුව, රත්නපුර, බදුල්ල යන ශික්ෂණ රෝහල්වල සහ ගාල්ල ජාතික රෝහලේ ස්ථාපිත කිරීමට නියමිත අතිනවීන හෘද කැතීටකරණ යන්ත්‍ර හතර සඳහා වැයකිරීමට අපේක්ෂිත මුදළ රුපියල් මිලියන 715 කි. ආසියානු සංවර්ධන බැංකුවේ සෞඛ්‍ය පද්ධති වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතිය යටතේ කොළඹ ජාතික රෝහල් පරිශ්‍රයේ අතිනවීන හෘද කැතීටකරණ යන්ත්‍ර 03ක් ස්ථාපිත කිරීමටත්, මහනුවර ජාතික රෝහල මෙන්ම යාපනය, කලුබෝවිල යන ශික්ෂණ රෝහල්වල අතිනවීන හෘද කැතීටකරණ යන්ත්‍රය බැගින් ස්ථාපිත කිරීමට රුපියල් මිලියන 1188 ක මුදලක් වැය කිරීමට නියමිතය.
එමෙන්ම ජයිකා (JICA) ආධාර යටතේ අනුරාධපුර ශික්ෂණ රෝහලේ අතිනවීන හෘද කැතීටකරණ යන්ත්‍ර දෙකක්ද, කුරුණෑගල, බදුල්ල යන ශික්ෂණ රෝහල්වල සහ මහනුවර ජාතික රෝහල සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික් මහ රෝහලේ යන්ත්‍ර එක බැගින් ද අතිනවීන හෘද කැතීටකරණ යන්ත්‍ර 06ක් ස්ථාපිත කිරීමට නියමිත අතර ඒ සඳහා වැයවන මුදල රුපියල් මිලියන 1200 කි.
මෙම සියලුම අතිනවීන හෘද කැතීටකරණ යන්ත්‍ර ස්ථාපිත කරන ව්‍යාපෘතිය සදහා වැයකරන මුළු මුදල රුපියල් මිලියන 3103 කි.
මේ වන විට කොළඹ, මහනුවර සහ ගාල්ල යන ජාතික රෝහල් ත්‍රිත්වයේ මෙන්ම, යාපනය, කුරුණෑගල, රාගම, කලුතර, අනුරාධපුර සහ රිජ්වේ ආර්යා ළමා රෝහල යන ශික්ෂණ රෝහල්වල මෙන්ම පේරාදෙනිය සිරිමාවෝ බණ්ඩාරණායක ළමා රෝහල සහ පොලොන්නරුව දිස්ත්‍රික් මහ රෝහල යන රෝහල්වල ස්ථාපිත යන්ත්‍ර මගින් සක්‍රීය ප්‍රතිකාර සේවාවන් සපයනු ලබයි.
නව යන්ත්‍ර 16 ස්ථාපිත කිරීමත් සමග එම යන්ත්‍ර ප්‍රමාණය 26 දක්වා ඉහළ යනු ඇත. රජයේ ප්‍රධාන රෝහල් පද්ධතිය තුළ හෘද කැතීටකරණ යන්ත්‍ර ස්ථාපනය කිරීමෙන් හෘද රෝගීන්හට කාර්යක්ශම සේවාවක් ලැබෙන අතර පොරොත්තු ලේඛණ ද අවම කිරීමට හැකියාව ලැබේ.
එමෙන්ම වර්තමාන සහ අනාගත රෝග විනිශ්චය සහ හෘද සත්කාර ධාරිතාව පුළුල් කිරීම, හෘද රෝගවලින් සිදුවන මරණ හා රෝගාබාධ අවම කිරීම, හෘදයාබාධ රෝගීන් සඳහා පැය 24 පුරාම සේවා සහතික කිරීම, වාර්ෂික හෘද රෝගී ප්‍රතිකාර සේවා වත්මන් ධාරිතාවයෙන් දෙගුණයකටත් වඩා වැඩි කිරීම ආදි අරමුණු ද සඵල කර ගත හැකි වනු ඇත.
මෙරට ජීවත්වන ජනතාවට සමානාත්මතාවයෙන් යුතුව ගුණාත්මක, විධිමත් හා කාර්යක්ෂම සෞඛ්‍ය සේවාවක් ලබා දීම වත්මන් රජයේ අරමුණයි. එම අරමුණ පෙරදැරිව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය මගින් මෙම ව්‍යාපෘතිය කඩිනම්ව ක්‍රියාත්මක කරනු ලබයි.
හෘද කැතීටකරණ යන්ත්‍ර (Cath lab - Cardiac Catheterization Laboratory) යනු හෘද රෝග හඳුනා ගැනීමට සහ ප්‍රතිකාර කිරීමට භාවිතා කරන අතිනවීන වෛද්‍ය තාක්ෂණික යන්ත්‍රයකි. හෘද රෝග හඳුනා ගැනීම, කිරීටක ධමනි පටු වීම හඳුනා ගැනීමට ඇන්ජියෝග්‍රෑම් පරීක්ෂණ සිදු කිරීම, හෘදයාබාධ පවතින අවස්ථාවල දී බ්ලොක් (Block) ඉවත් කර ස්ටෙන්ට් (Stent) දැමීම, අසාමාන්‍ය හෘද ස්පන්දන වේගයන් සඳහා පේස්මේකර් (Pacemaker) වැනි උපකරණ බද්ධ කිරීම ඇතුළු ප්‍රතිකාර සේවාවන් රාශියක් සදහා භාවිතා කරන යන්ත්‍රයකි.
දීප්ති විජේතුංග - සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය මාධ්‍ය ලේකම්

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
