බෙල්ජියමේ බ්‍රසල්ස් නුවර පැවැත්වෙන ඩයමන්ඩ් ලීග් (Diamond League) මලල ක්‍රීඩා තරගාවලියේ අවසන් අදියරේ පිරිමි හෙල්ල විසිකිරීමේ ඉසව්වේ ප්‍රථම ස්ථානය හිමිකර ගැනීමට ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංග සමත් විය.
මෙරට වේලාවෙන් අද (06) අලුයම අවසන් වූ මෙම තරගයේදී ඔහු දැක්වූ දක්ෂතාවය මීටර් 89.04ක්.
මෙම ජයග්‍රහණයත් සමග රුමේශ් තරංගට 2026 ඩයමන්ඩ් ලීග් තරගාවලියේ හෙල්ල විසිකිරීමේ ඉසව්වේ දියමන්තිය (Diamond Trophy) හිමි වීමද විශේෂත්වයක්.
එමෙන්ම රුමේෂ් තරංග වාර්තා අතරට එක්වන්නේ ඩයමන්ඩ් ලීග් අවසන් මහා තරගයක් ජයගත් පළමු හා එකම ශ්‍රී ලාංකික ක්‍රීඩකයා ලෙසයි.
මෙම තරගයේ දෙවැනි ස්ථානය දුර මීටර් 87.47ක් වාර්තා කළ පෝලන්ත ක්‍රීඩක ඩේවිඩ් වැග්නර් විසින් හිමිකර ගත් අතර, තෙවන ස්ථනය හිමි වූයේ දුර මීටර් 83.99ක් වාර්තා කළ ට්‍රිනිඩැඩ් ඇන්ඩ් ටොබැගෝ රාජ්‍යයේ කෙෂූ වෝල්කට් හටයි.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
