ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සහ ජනාධිපතිවරයා අතර දුරකතන සංවාදයක්

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සහ ජනාධිපතිවරයා අතර දුරකතන සංවාදයක්

ඉන්දිය අග්‍රාමාත්‍ය ශ්‍රී නරේන්ද්‍ර මෝදි අද ජනාධිපති අනුර කුමාර දිසානායක සමග දුරකතන සංවාදයක නිරතව තිබිණ.

එහිදී දිට්වා සුළි කුණාටුවෙන් පසු ශ්‍රී ලංකාවේ සිදු වූ ජීවිත හානි සහ පුළුල් විනාශය පිළිබඳව ඉන්දීය අග්‍රාමාත්‍යවරයා සිය ශෝකය පළ කර ඇත.

මෙම උදව් අවශ්‍ය අවස්ථාවේදී ඉන්දීය ජනතාව, ශ්‍රී ලංකාවේ ජනතාව සමග ස්ථිර සහයෝගිතාවයෙන් සිටින බව අගමැති මෝදි ප්‍රකාශ කළ බව ඉන්දීය අග්‍රාමාත්‍ය කාර්යාලය සඳහන් කරයි.

ව්‍යසනයෙන් පසු ඉන්දියාව දැක්වූ සහයෝගයට ජනාධිපති අනුර කුමාර දිසානායක සිය කෘතඥතාව පළ කර ඇති අතර ගලවා ගැනීමේ කණ්ඩායම් සහ සහන ද්‍රව්‍ය කඩිනමින් යෙදවීම අගය කළ බව ද එම කාර්යාලය නිකුත් කළ නිවේදනයේ දැක්වේ.

විපතට පත් පුද්ගලයින් බේරා ගැනීම සහ සහන සැලසීම සඳහා ක්‍රියාත්මක ‘සාගර් බන්ධු’ මෙහෙයුම යටතේ ශ්‍රී ලංකාවට ඉන්දියාව අඛණ්ඩව සහයෝගය දක්වන බවට අග්‍රාමාත්‍යවරයා, ජනාධිපති අනුර කුමාර දිසානායකට සහතික වී ඇති බව ඉන්දීය අග්‍රාමාත්‍ය කාර්යාලය සඳහන් කරයි.

ඉන්දියාවේ මහාසාගර්හි දැක්ම සහ ‘පළමු ප්‍රතිචාරකයා’ ලෙස කටයුතු කිරීමේ ප්‍රතිපත්තියට අනුකූලව, ශ්‍රී ලංකාවේ ප්‍රතිසංස්කරණ කටයුතු, මහජන සේවා නැවත ආරම්භ කිරීම සහ බලපෑමට ලක් වූ කලාපවල ජීවනෝපායන් යථා තත්ත්වයට පත් කිරීමට ඉදිරි දිනවලදී ඉන්දියාව අවශ්‍ය සියලු සහය ලබා දෙන බවට ද අගමැති මෝදි සහතික වූ බව ඉන්දීය අග්‍රාමාත්‍ය කාර්යාලය පවසයි.

සමීප සම්බන්ධතා පවත්වා ගැනීමට නායකයින් දෙදෙනා එකඟ වූ බව ද අදාළ නිවේදනයේ සඳහන් වේ.

Screenshot 2025 12 02 114538Screenshot 2025 12 02 114548

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න