Image

චීන-ඉරාන විදේශ ඇමතිවරුන් අතර සාකච්ඡා

චීන-ඉරාන විදේශ ඇමතිවරුන් අතර සාකච්ඡා

චීන විදේශ ඇමති වං යී මහතා ඉරාන විදේශ ඇමති Seyed Abbas Araghchi මහතා හමු වුණා. ඒ, අද (6) බෙයිජිං හිදී.

චීනය ඉරානයේ පූර්ණ උපාය මාර්ගික හවුල්කරුවෙක්

ඉරාන විදේශ ඇමතිවරයා එහිදී ඉරාන-ඇමරිකා සාම සාකච්ඡාවන්හි නවතම තත්ත්වය සහ ඉරාන ස්ථාවරය පිළිබඳව චීන පාර්ශ්වයට පැහැදිලි කළා. සිය ජාතික ස්වාධිපත්‍යය හා ගෞරවය රැක ගනිමින් සාමකාමී අයුරින් යුද ගැටුමට පූර්ණ හා දිගුකාලීන විසඳුමක් ලබාදීමට ඉරානය උත්සාහ දරමින් සිටිනවා. එම යුද ගැටුම නිරාකරණය සඳහා චීන ජනාධිපතිවරයා ඉදිරිපත් කළ සිව්වැදෑරුම් යෝජනා පිළිගන්නා බවත්, චීනය ගැටුම නිරාකරණය වෙනුවෙන් සක්‍රිය කාර්යභාරයක් ඉටු කරනු ඇතැයි බලාපොරොත්තු වන බවත්,  ඉරාන විදේශ ඇමතිවරයා සඳහන් කර තිබෙනවා. චීනය ඉරානයේ පූර්ණ උපාය මාර්ගික හවුල්කරුවෙක්. එමෙන්ම ඉරානය එකම චීනය ප්‍රතිපත්තිය සැමවිටම අනුගමනය කරනවා. මේ වසරේ දෙරට රාජ්‍යතාන්ත්‍රික සම්බන්ධතා ස්ථාපිත කිරීමේ 55වැනි සංවත්සරය නිමිති කරගෙන ද්විපාර්ශ්වික සබඳතා වඩාත් ඉදිරියට ගෙන යාමට ඉරානය කැමති බව ද Seyed Abbas Araghchi මහතා වැඩිදුරටත් සඳහන් කළා.

ඉරාන-ඇමරිකා යුද ගැටුම වහාම නතර කළ යුතු යි

ඉරාන තත්ත්වය පිළිබඳ චීනයේ ස්ථාවරය පැහැදිලි කරමින් චීන විදේශ ඇමතිවරයා එහි දී පෙන්වා දුන්නේ ඉරාන-ඇමරිකා යුද ගැටුම වහාම නතර කළ යුතු අතර සටන් විරාමය සඳහා සාකච්ඡා පැවැත්විය යුතු බවයි. ඉරානයට සිය ජාතික ස්වාධිපත්‍යය හා ආරක්ෂාව රැකගැනීමටත් රාජ්‍යතාන්ත්‍රික මාර්ගයෙන් ගැටුම නිරාකරණය කිරීමටත් චීනය සහාය ලබා දෙන බව හෙතෙම පැවසුවා. ගල්ෆ් කලාපයේ හා මැදපෙරදිග රටවල් සිය ඉරණමේ තීරකයා විය යුතු බව චීන විදේශ ඇමතිවරයා අවධාරණය කළා. ඉරානය සෙසු ගල්ෆ් රටවල් සමග සංවාද පවත්වමින් සුහදතාව වැඩි කරනු ඇතැයි චීනය අපේක්ෂා කරනවා. එසේ ම ඉරානය සමග ‍දේශපාලන විශ්වාසය තහවුරු කරමින් විවිධ ක්ෂේත්‍රයන්හි සහයෝගිතාව ඉදිරියට ගෙන යාමට චීනය කැමති බව ද වං යී විදේශ ඇමතිවරයා වැඩිදුරටත් සඳහන් කළා.

දිනූෂි ධීරසිංහදිනූෂි ධීරසිංහ - චීන පුවත් සේවය

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න