බ්‍රිතාන්‍යයේ තෙවන චාල්ස් රජු ලබන සතියේදී අමෙරිකා එක්සත් ජනපදයේ නිල සංචාරයක නිරත වන බව බකිංහැම් මාළිගය නිල වශයෙන් නිවේදනය කර තිබේ.
දෙරට අතර පවතින රාජ්‍යතාන්ත්‍රික සබඳතා අර්බුදකාරී මුහුණුවරක් ගෙන ඇති පසුබිමක මෙම සංචාරය සිදුවීම ජාත්‍යන්තරයේ දැඩි අවධානයට ලක්ව ඇත.
අප්‍රේල් 27 වනදා සිට 30 වනදා දක්වා ක්‍රියාත්මක වන මෙම සංචාරයේදී චාල්ස් රජු සහ කැමිලා රැජින ප්‍රධාන නගර කිහිපයක සංචාරය කිරීමට නියමිතය.
වොෂින්ටන් ඩී.සී.: අමෙරිකානු කොංග්‍රස් මණ්ඩලයේ ඒකාබද්ධ සැසියක් ඇමතීම.
ධවල මන්දිරය: ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සමඟ පෞද්ගලික සාකච්ඡා පැවැත්වීම.
නිව්යෝර්ක් සහ වර්ජිනියා: අමෙරිකානු නිදහසේ 250 වැනි සංවත්සර සැමරුම් උත්සව සඳහා සහභාගී වීම.
සබඳතා යළි තහවුරු කිරීමේ අරමුණ
මෙම සංචාරයේ මූලික අරමුණ අමෙරිකානු නිදහසේ 250 වැනි සංවත්සරය සැමරීම වුවද, වත්මන් දේශපාලන වාතාවරණය තුළ මෙහි රාජ්‍යතාන්ත්‍රික වටිනාකම ඉහළ ගොස් ඇත. විශේෂයෙන්ම ඉරානය සම්බන්ධයෙන් අමෙරිකාව ගෙන ඇති දැඩි ක්‍රියාමාර්ගවලට බ්‍රිතාන්‍ය රජයේ පූර්ණ සහාය නොලැබීම හේතුවෙන් ජනාධිපති ට්‍රම්ප් පසුගියදා බ්‍රිතාන්‍යය දැඩි ලෙස විවේචනය කළේය.
දෙරට අතර පවතින "සුවිශේෂී සබඳතාව" (Special Relationship) යළි ශක්තිමත් කරගැනීමට සහ පවතින මතභේද සමනය කරගැනීමට රජුගේ මෙම මැදිහත්වීම ඉවහල් වනු ඇතැයි දේශපාලන විචාරකයෝ විශ්වාස කරති.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
