පුවත්

මැදගොඩ අභය තිස්ස හිමිට එළිය වැටෙයි : ලංකාව ගැන අනතුරු අඟවයි !
අප්‍රිකානු කලාපයේ ඇතැම් රටවල දේශපාලන සමාජ ආර්ථික තත්වයට ශ්‍රී ලංකාව ද සමාන වෙමින් පවතින බව ආචාර්ය මැදගොඩ අභයතිස්ස හිමි සඳහන් කරති.
ඒ උත්සව සභාවක් අමතමිනි.
මැටි රොටී කන, සතුන්ගේ ලේ බොන ඇතැම් රටවල් එම කලාපයේ ඇති බවත් ජනතාව කුසගින්නේ සිටින රටවල් එම කලාපයේ ඇති බවත් පැවසූ වහන්සේ ශ්‍රී ලංකාවද මේ ගමන් කරමින් තිබේ දිසාවට බවද මැදගොඩ අභය තිස්ස හිමි වැඩිදුරටත් පවසා සිටීත
ජීවත් වෙන්න ක්‍රමයක් නැතිව වැහරලි ඇදගෙන අපිරිසිදුවට සිටින මිනිසුන් ඒවායේ ඕනෑතරම් ඇතැයි ද උන්වහන්සේ කීහ.
අපේ රටද එතනට දවසින් දවස ළඟා වෙමින් ඇතැයි ද උන්වහන්සේ සඳහන් කළහ.
‘තව කාලයක් යනකොට අපේ රටට වෙන දේ හිතාගන්නවත් බැරි වෙයි. ටික කාලෙකින් අපේ රට අන්ත අසරණ අප්‍රිකානු රාජ්‍යයක් බවට පත්වෙයි. එළවළු බෑග් එකක් ගේන්න සල්ලි බෑග් එකක් පොළට අරන් යන්න වෙයි"

හිටපු අගමැති අබුඩාබි යන්න පෙර IDU සැසිවාරය අමතයි !
ශ්‍රී ලංකාවේ ආර්ථිකය මේ වන විට දැවැන්ත අගාධයකට කඩාවැටෙමින් පවතින බවත්, මධ්‍යම පන්තිය විශාල ගැටළු රැසකට මුහුණ පා සිටින බවත්, ඉන් ගොඩ ඒමට මේ මොහොතේ ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර සහය අවශ්‍ය බවත්, හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසයි.
අබුඩාබි බලා පිටත්ව යාමට පෙර පසුගියදා Zoom තාක්ෂණය ඔස්සේ ජාත්‍යන්තර ප්‍රජාතන්ත්‍රවාදීන්ගේ සංගමයේ සැසිවාරයකට එක්වෙමින් ඔහු මේ බව ප්‍රකාශකර ඇත.
කොවිඩ් 19 වසංගතය ආරම්භ වීමත් සමඟම ශ්‍රී ලංකාව තුළ නිසි ආර්ථික කළමණාකාරිත්වයක් ඇති නොවීම මෙම තත්වයට හේතුව බවයි ඔහු එහිදී පෙන්වා දුන්නේ.
මිට අමතරව, ශ්‍රී ලංකාවේ වත්මන් දේශපාලන තත්වය පිළිබඳව හිටපු අග්‍රාමාත්‍යවරයා මෙහිදී පැහැදිලි කර සිටියා.
මෙ වන විට ජනතාව අලුත් මුහුණු දේශපාලන යාන්ත්‍රණයට අපේක්ෂා කරන බවයි ඔහු පෙන්වා දෙන්නේ. ඊට එක්සත් ජාතික පක්ෂය සුදානම් බවද, හි රනිල් වික්‍රමසිංහ එහිදී සඳහන් කර සිටියා.
මෙම සාකච්ජාවෙන් අනතුරුව අබුඩාබි නුවර බලා හිටපු අග්‍රාමාත්‍යවරයා පිටත්ව ගිය අතර ඔහු අද (05) ඉන්දීය සාගර සමුළුව ඇමතීමට නියමිතයි.

කොරෝනා මරණ 14,440 ක් දක්වා ඉහළට
තවත් කොරෝනා මරණ 21 ක් වාර්තා වීමත් සමග මෙරට සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 14,440 ක් දක්වා ඉහළ ගියේ ය.
රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයට අනුව, මියගිය පිරිස අතරින් 17 දෙනෙකු කාන්තා ආසාදිතයින් වන අතර ඉතිරි 04 දෙනා පිරිමි ආසාදිතයින් ය.
මියගිය පිරිස අතර වයස අවුරුදු 30 – 59 ත් අතර වයසේ පසුවන ආසාදිතයින් 06 දෙනෙකු සිටින අතර ඉතිරි ආසාදිතයින් 15 දෙනා වයස අවුරුදු 60 සහ එම වයස් සීමාව ඉක්ම වූ වැඩිහිටියන් ය.
අද (04) වාර්තා කරන ලද මෙම මරණ 21 සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කරනු ලැබ ඇත්තේ, ඊයේ දිනයි.

ආරක්ෂාව තහවුරු කරන තෙක් පාර්ලිමේන්තු එන්නේ නෑ - සඡබ
පාර්ලිමේන්තුව තුළ විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාව තහවුරු කරන තෙක් සභාවට නොපැමිණීමට සමගි ජන බලවේගයේ මන්ත්‍රී කණ්ඩායම අද තීරණය කළේ ය.
ඒ, විපක්ෂ මන්ත්‍රී මනූෂ නානායක්කාර හා රාජ්‍ය අමාත්‍ය කංචන විජේසේකර යන අය අතර ඇති වූ සංවාදයක් දුරදිග යෑමෙනි.
අද පෙරවරුවේ පාර්ලිමේන්තුව උණසුම් මුහුණුවරක් ගත්තේ ය.
ඒ ඊයේ පස්වරුවේ ආණ්ඩු පක්ෂ හා විපක්ෂ මන්ත්‍රීවරු අතර ඇතිවූ ගැටුම්කාරී තත්වය මුල්කර ගනිමිනි.
ඊයේ පස්වරු 05න් පසුව විපක්ෂයට අයවැය විවාදයේ අදහස් දැක්වීමට කාලය ලබා දීමට ආණ්ඩු පක්ෂය විරුද්ධ වීමත් සමග දෙපිරිස අතර උණුසුම් තත්වයක් නිර්මාණය විය.
අද පාර්ලිමේන්තු ආරම්භයේදී යළිත් මේ ගැන සංවාදයක් ඇති විය.

පාකිස්ථානයේදී ඝාතනය වූ ලාංකිකයාගේ පුවත අසා මහත් සංවේගයට පත් වුණා - ජනපති
පාකිස්තානයේ කර්මාන්ත ශාලාවක සේවය කළ ශ්‍රී ලාංකික වෘත්තිකයෙකු වන ප්‍රියන්ත කුමාර අමානුෂික ලෙස ඝාතනය කිරීම පිළිබඳ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ නිවේදනයක් නිකුත් කර තිබේ.
එහි දැක්වෙන්නේ එම පුවත අසා තමන් මහත් සංවේගයට පත්වූ බවය.
එම ම්ලේච්ඡ සිදුවීම ශ්‍රී ලාංකිකයන්ට සේම මනුෂ්‍යත්වය අගයන ලෝකයේ සැමට බලවත් කම්පනයක් බවද ජනාධිපතිවරයා පෙන්වා දෙයි.
අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් ප්‍රමුඛ පාකිස්තානු රජය මෙම ම්ලේච්ඡ ඝාතනය සිදුවූ වහාම යුක්තිය පසිඳලීමට ගත් ක්‍රියාමාර්ග පාකිස්තානයේ අත්‍යන්ත මිතුරෙකු ලෙස ශ්‍රී ලංකාව අගය කරන අතර මේ පිළිබඳ පාකිස්තාන රජය ගන්නා ඉදිරි ක්‍රියාමාර්ග දෙස ද ශ්‍රී ලංකා රජයත්, සමස්ත ජනතාවත් දැඩි විශ්වාසයෙන් බලා සිටින බවද ජනාධිපතිවරයා සඳහන් කරයි.

හෙට සිට පැයක් විදුලිය විසන්ධි වේ
නොරොච්චෝලේ බලාගාරය යථාතත්ත්තවයට පත් කරන තෙක් ඉදිරි දින 04 තුළ දිවයිනේ ඇතැම් ප්‍රදේශවල පස්වරු 6.00 සිට පස්වරු 9.30 දක්වා පැයක පමණ කාලයක් විදුලිය සීමා කිරීමට සිදුවන බව විදුලිබල මණ්ඩලය පවසයි.
මෙගාවොට් 300ක් නොරොච්‍චෝලේ බලාගාරය හරහා ජාතික විදුලිබල පද්ධතියට එක් කරන බවත්, මෙගාවොට් 600ක ධාරිතාවක් විදුලිබල පද්ධතියට එක් කිරීමට තවත් දින 03ක් පමණ ගත වන බවත් විදුලිබල අමාත්‍යාංශය ප්‍රකාශ කර සිටී.
ඒ අනුව නොරොච්චෝලේ බලාගාරය යථාතත්ත්වයට පත් කරන තෙක් ජාතික දෛනික විදුලි උත්පාදනය අනුව විටින් විට කෙටි කාලීනව විදුලිය විසන්ධි කිරීමට සිදු වන එම අමාත්‍යාංශය වැඩිදුරටත් දන්වා සිටී.

පාකිස්ථානයේද කෲර ලෙස කළ ඝාතනය සම්බන්ධයෙන් 100ක් අත්අඩංගුවට
පකිස්ථානයේ සියල්කොට්හිදී ශ්‍රී ලාංකිකයෙකු කෲර ලෙස ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයින් 100 දෙනෙකු පමණ අත්අඩංගුවට ගෙන ඇතැයි, විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.
සියල්කොට්හී වසිරාබාද් මාර්ගයේදී ඊයේ පාකිස්ථානුවන් පිරිසක් ශ්‍රී ලාංකික ශ්‍රමිකයෙකු වධ හිංසනයට ලක් කර ඝාතනය කර තිබුණි.
වධහිංසනයට ලක් කර ඝාතනය කිරීමෙන් පසු ඔහුගේ සිරුර පුළුස්සා දමා ඇති බව පකිස්ථාන ඩෝන් පුවත් වෙබ් අඩවිය සඳහන් කර තිබූ අතර එම සිදුවීමට අදාළ දර්ශන ද විදෙස් මාධ්‍ය ඔස්සේ පළ කෙරිණ.
මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ සියල්කොට්හී පෞද්ගලික කර්මාන්ත ශාලාවක සාමාන්‍යාධිකාරීවරයෙකු ලෙස සේවය කළ ශ්‍රී ලාංකිකයෙකි.
මේ අතර ඊයේ පකිස්ථාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් අවධාරණය කර සිටියේ, ශ්‍රී ලාංකිකයාගේ ඝාතනයට වගකිව යුතු සියලු දෙනා නීතිය හමුවට ගෙනැවිත් දැඩි දඬුවම් පමුණුවන බවයි.
සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් පකිස්ථාන අග්‍රාමාත්‍යවරයා පැවසුවේ, එලෙස ශ්‍රී ලාංකිකයෙකු කෲර ලෙස ඝාතනය කිරීම පාකිස්ථානයට ලැජ්ජාවක් බවත් ඝාතනයට අදාළ පරීක්ෂණය තමන් අධීක්ෂණය කරමින් සිටින බවත් ය.
News 1st

ඔමික්‍රෝන් ආසාදිතයා ගැන අපි දැනුවත් නැහැ - PHI සංගමය
මෙරටින් හමුවූ ප්‍රථම ඔමික්‍රෝන් ආසාදිතයා කවරෙකුදැයි යන්න මේ වනතෙක් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් වෙත දැනුම්දී නැතැයි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසයි.
එහි සභාපති උපුල් රෝහණ සඳහන් කළේ එම ආසාදිත කාන්තාව යැයි සැක කරන කාන්තාවක් ඊයේ (03) දිනයේ හමුවූ බවය.
"අපිට නිල වශයෙන් ඒ කාන්තාව කවුද කියලා දැනුම්දීලා නෑ. නමුත් මහවැව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙන් ඒ ආසාදිත කාන්තාව යැයි සැක කරන කාන්තාවකගේ PCR සහ ඇයගේ ආශ්‍රිතයින්ගේ PCR කරලා එවන්න කියලා වසංගත රෝග විද්‍යා ඒකකයෙන් දැනුම්දීලා තිබුණා. ඒ මාරවිල මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයාගේ බලප්‍රදේශයට අයත් නිවසකින්. අපි ඒක යවලා තියෙනවා."
"මේ කියන කාන්තාව පසුගිය 24 වනදා නයිජීරියාවේ සමුළුවකට සහභාගී වෙලා ඇයගේ ස්වාමි පුරුෂයාත් එක්ක තමයි ලංකාවට ඇවිත් තියෙන්නේ."

ප්‍රවීණ වේදිකා හා සිනමා නළු සරත් චන්ද්‍රසිරිත් දිවි මඬලට සමු දෙයි
ප්‍රවීණ වේදිකා හා සිනමා නළු සරත් චන්ද්‍රසිරි අභවප්‍රාප්ත වී ඇත.
මිය යන විට ඔහු 57 වැනි වියේ පසු විය.
අසනීප තත්ත්වයක් නිසා ඔහු දින 21 පුරාවට කොළඹ ජාතික රෝහලේ දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලැබීය.
මීට ඉහත අවස්ථා කිහිපයක දී ම ඔහු මිය ගිය බවට අසත්‍ය ප්‍රචාරයන් සමාජ මාධ්‍යයන් හරහා පැතිරුණු නමුත්, සහෘද හදවතට කම්පනයක් එක් කරමින් සරත් චන්ද්‍රසිරි අද පාන්දර කොළඹ ජාතික රෝහලේ දී දිවි රඟ මඬලට සමු දුන්නේය.

කොරෝනා මරණ සංඛ්‍යාව 14,419 ක් දක්වා ඉහළට
තවත් කොරෝනා මරණ 20 ක් වාර්තා වීමත් සමග මෙරට සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 14,419 ක් දක්වා ඉහළ ගියේ ය.
රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයට අනුව, මියගිය පිරිස අතරින් 11 දෙනෙකු කාන්තා ආසාදිතයින් වන අතර ඉතිරි 09 දෙනා පිරිමි ආසාදිතයින් ය.
මියගිය පිරිස අතර වයස අවුරුදු 30 – 59 ත් අතර වයසේ පසුවන ආසාදිතයින් 06 දෙනෙකු සිටින අතර ඉතිරි ආසාදිතයින් 14 දෙනා වයස අවුරුදු 60 සහ එම වයස් සීමාව ඉක්ම වූ වැඩිහිටියන් ය.
අද (03) වාර්තා කරන ලද මෙම මරණ 20 සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කරනු ලැබ ඇත්තේ, ඊයේ දිනයි.

ඔමික්‍රෝන්ත් ලංකාවට එයි
ලෝකයේ රටවල් ගණනාවක ව්‍යාප්තව ඇති කොරෝනා එන්නතට පවා ප්‍රතිචාර නොදක්වන බව පැවසෙන "ඔමික්‍රෝන්" නව සැර කොරෝනා වයිරස ප්‍රභේදය ආසාදනයවූ පුද්ගලයකු මෙරටින් ප්‍රථම වරට හමුවූ බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ආසාත්මිකතා ප්‍රතිශක්තිවේද සහ සෛල ජෛව විද්‍යා අධ්‍යයන අංශයේ ප්‍රධානී ආචාර්ය චන්දිම ජීවන්දර පැවැසීය.
එම ආසාදිතයා දකුණු දිග අප්‍රිකානු කලාපයේ රටක සිට මෙරටට පැමිණි ශ්‍රී ලාංකිකයකු බව වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධානී විශේෂඥ වෛද්‍ය සමිත ගිනිගේ පැවසුවේය.
මෙම රෝගියා දැනටමත් නිරෝධායනයට යොමුකර සිටින බව පැවසූ විශේෂඥ වෛද්‍යවරයා ඔහුගේ පවුලේ සෙසු සාමාජිකයින් හා ආශ්‍රිතයින් හඳුනා ගනිමින් ඔවුන්ද පරීක්ෂණ සඳහා යොමු කිරීමට පියවර ගෙන ඇති බවත් ප්‍රකාශ කළේය.

BOI අධ්‍යක්ෂක මණ්ඩල සාමාජිකයන් කිහිපදෙනෙක් ඉල්ලා අස්වෙයි
ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ අධ්‍යක්ෂක මණ්ඩලයේ ප්‍රභල තනතුරු දරන සාමාජිකයන් කිහිප දෙනෙකු සිය තනතුරු වලින් ඉල්ලා අස්වී ඇති බවට වාර්තා වෙයි.
ආයෝජන මණ්ඩලය විසින් අද (02) දින නිකුත් කළ මාධ්‍ය නිවේදනයක මේ බව දැක්වෙයි.
මෙසේ ඉල්ලා අස්වූ පිරිස අතර, එම ආයතනයේ සභාපති, අධ්‍යක්ෂක මණ්ඩලයේ සාමාජිකයන් හා අධ්‍යක්ෂක ජනරාල් ද ඇතුළත් බවට සඳහන්.
මෙම ඉල්ලා අස්වීමට හේතුවී ඇත්තේ එහි ඉලක්කයන් සපුරා ගැනීම සඳහා එම ආයතනයේ නායකත්වය සිදුකරන කාර්යභාරය වැළැක්වීම සඳහා ඇතුළතින් හා පිටතින් ක්‍රියාත්මක වන බලවේග බවට එම නිවේදනයේ දැක්වෙයි.
ශ්‍රී ලංකාවේ දළ දේශීය නිශ්පාදිතය ඉහළ දැමීම සඳහා ඉදිරිපත් කළ යෝජනා මීට අදාළ බව ද එහි දැක්වේ.
සම්පූර්ණ නිවේදනය පහතින්:

පළමු වරට නව කොවිඩ් ප්‍රභේදයේ ආසාදිතයින් ඉන්දියාවෙන්
ඔමික්‍රෝන් කොවිඩ් ප්‍රභේදයේ අසාදිතයින් දෙදෙනකු ඉන්දියාවේ කර්නාටක ප්‍රාන්තයෙන් හඳුනා ගෙන තිබේ.
මෙලෙස නව වෛරසය ආසාදිත බවට හඳුනා ගෙන ඇත්තේ, අවුරුදු 66 සහ 46 යන වයස්වල පසුවන විදෙස්ගතව සිට පැමිණි පිරිමි පුද්ගලයින් දෙදෙනෙකි.
ඉන්දියාවෙන් ඔමික්‍රෝන් වෛරස අසාදිතයින් වාර්තා වූ පළමු අවස්ථාව මෙයයි.
ඉන්දීය සෞඛ්‍ය බලධාරීන් උපුටා දක්වමින් මාධ්‍ය වාර්තා පවසන්නේ, මේ වනවිට ප්‍රාන්ත සෞඛ්‍ය බලධාරීන්ගේ ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් පිළිබඳ නිරීක්ෂණය කරමින් සිටින බවයි.

කොරෝනා මරණ සංඛ්‍යව 14,399 ක් දක්වා ඉහළට
තවත් කොරෝනා මරණ 27 ක් වාර්තා වීමත් සමග මෙරට සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 14,399 ක් දක්වා ඉහළ ගියේ ය.
මියගිය පිරිස අතරින් 16 දෙනෙකු පිරිමි ආසාදිතයින් වන අතර ඉතිරි 11 දෙනා කාන්තා ආසාදිතයින් බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ සදහන් වේ.
මියගිය පිරිස අතර වයස අවුරුදු 30 – 59 ත් අතර වයසේ පසුවන ආසාදිතයින් 08 දෙනෙකු සිටින අතර ඉතිරි ආසාදිතයින් 19 දෙනා වයස අවුරුදු 60 සහ එම වයස් සීමාව ඉක්ම වූ වැඩිහිටියන් ය.
අද (02) වාර්තා කරන ලද මෙම මරණ 27 සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කරනු ලැබ ඇත්තේ, ඊයේ දිනයි.

කංසා අපනයනයෙන් ලංකාවට ඩොලර් බිලියන 03ක ආදායමක් !
කංසා අපනයන වෙළෙඳපොළ වෙත පිවිසීමට ශ්‍රී ලංකාව සූදනම් වෙයි.
දේශීය වෙදකම් ප්‍රවර්ධන, ග්‍රාමීය හා ආයුර්වේද රෝහල් සංවර්ධන හා ප්‍රජා සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි බීබීසීය වෙත ප්‍රකාශ කළේ ඉදිරි වසර දෙක තුළ කංසා අපනයනයෙන් ඩොලර් බිලියන තුනක අදායමක් ඉපයීමට බලාපොරොත්තු වන බව යි.
පනත් කෙටුම්පත සකස්කර අවසන්
කංසා අපනයනය කිරීම සඳහා පමණක් නීතිමය අනුමැතිය ලබා ගැනීමට පාර්ලිමේන්තුවට පනත් කෙටුම්පතක් ඉදිරිපත් කරන බව රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි නොවැම්බර් 30 දා පාර්ලිමේන්තුවේ දී පැවසීය.
ඔහු පවසා සිටියේ ඉදිරි මාස තුන ඇතුළත ඒ සඳහා අනුමැතිය ලබා ගන්නා බව යි.
මේ වන විටත් ආයුර්වේද දෙපාර්තමේන්තුවෙන් ඒ සඳහා වන පනත් කෙටුම්පත සකස්කර අවසන් බව ඔහු බීබීසිය වෙත පැවසිය.
"ඖෂධීය කංසා අපනයනය සඳහා පමණක් අවශ්‍ය වන නීතිමය අනුමැතියත් මේ පාර්ලිමේන්තුව හරහා ලබා දෙන්න පියවර ගන්නවා. සාම්ප්‍රදායීක නීති පද්ධතිය වෙනස් බවට පත් කිරීමේ මාර්ගයටත් අපි දේශීය වෛද්‍ය අමාත්‍යංශය විදිහට කටයුතු කරමින් ඉන්නවා. අපේ රට තුළ පැවති සාම්ප්‍රදායී ඖෂධ වර්ග නැවත වතාවක් නීතිගත කිරීමේ ක්‍රමවේදයකට අපි ගමන් කරමින් ඉන්නවා," අමාත්‍යවරයා පාර්ලිමේන්තුවේ දී කියා සිටියේ ය.
"ගුණාත්මකභාවයෙන් යුත් ඖෂධීය කංසා මඟින් විශේෂයෙන්ම පිලිකා රෝග සුව කිරීම, ස්නායු රෝග සුව කිරීම, ඒ වගේම මන්දමානසික භාවය අඩු කිරීම, වේදනා නාශකයක් වශයෙන් කටයුතු කිරීම, රූපලාවන්‍ය ක්ෂේත්‍රයට අදාලව විවිධ ඔසු වර්ග බටහිර යටත්විජිත පාලනය විසින් අපේ රටේ තහනම් කරනු ලැබුවා. ඒ නිසා ඉදිරි කාල පරිච්ඡේදය තුළ, ඉදිරි මාස තුන ඇතුළත ඖෂධීය කංසා අපනයනය සඳහා පමණක් අවශ්‍ය වන නීතිමය අනුමැතියත් මේ පාර්ලිමේන්තුව හරහා ලබා දෙන්න අපි අවශ්‍ය නීතිමය කටයුතු කටයුතු කරලා තියෙනවා," ඔහු වැඩි දුරටත් සඳහන් කළේ ය.
කංසා අපයනය සඳහා අවශ්‍ය නීති කෙටුම්පත මේ වන විට අධිකරණ අමාත්‍යවරයාට භාර දී ඇති බවත්, නීතිපති දෙපාර්තමේන්තුවෙන් හා නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුවෙන් එහි අඩුපාඩු මඟහරවා ගැනීමට නියමිත බවත්, අනතුරුව කැබිනට් මණ්ඩලයට එය ඉදිරිපත් කෙරෙනු ඇති බවත් අමාත්‍යවරයා පැවසිය.
මන්ත්‍රීවරුන්ගේ යෝජනාව
රාජ්‍ය අනුග්‍රහයෙන් කංසා වගාව නීතිගතකර අපනයන කිරීම හරහා රට ණය බරින් නිදහස්කර ගත හැකි බව විවිධ මන්ත්‍රීවරුන් මීට පෙර පවසා ඇත.
ඔවුන් අවධාරණයකර සිටින්නේ ඒ හරහා රටට විශාල විදේශ විනිමයක් උපයාගැනීමට අවස්ථාව පවතින බව යි.
තේ, රබර්, පොල් වැනි වාණිජ බෝග සඳහා ජාත්‍යන්තර වෙළඳපොළේ මීට පෙර පැවති අවකාශය අහිමිව ඇති වටපිටාවක් තුළ, ස්වභාව ධර්මයෙන් ලබා දී ඇති කංසා වගාව නීතිගතකර අපනයනයට මෙය කදිම අවස්ථාවක් බව ද ඔවුන් පවසයි.
තව ද, කංසා අපනයනයෙන් ආදායම් ලබන ලොව අනෙකුත් රටවල් පිළිබඳව මෙන්ම, අනාගතයේ දී කංසා අපනයනය නිසා ලැබෙනු ඇති වාසි පුරෝකථනය කරන දත්ත ද ඉදිරිපත් කරමින් එම මන්ත්‍රීවරුන් පවසන්නේ කංසා වාණිජ බෝගයක් ලෙස වගාකර අපනයනය කළහොත්, තවදුරටත් අන්තර්ජාතික මූල්‍ය ආයතනවලින් මූල්‍යාධාර ඉල්ලා සිටීමට අවශ්‍ය නොවන බව යි.
"අපේ රටට ඩොලර් බිලියන ගාණක විදේශ විනිමයක් ගෙන ඒමට පුළුවන්. අපි කාගෙවත් ළඟට හිඟා කන්න යන්න ඕන නෑ. කාගෙවත් ළඟට දෙකට නැමෙන්න යන්න ඕන නෑ. අපිට මේ කියන IMF ලෝන් ගන්න යන්න ඕන නෑ. ස්වභාව ධර්මය දීල තියෙන මේ සම්පත පාවිච්චි කරලා, නීතිගත කරලා, රාජ්‍ය අනුග්‍රහයෙන් මේක අපනයනය කරලා විදේශ විනිමය උපයාගත යුතු යි," සමගි ජනබලවේගයෙන් පාර්ලිමේතු පිවිසි ඩයනා ගමගේ පැවසිය.
ලෝකයේ කංසා යොදා ගනිමින් විවිධ නිෂ්පාදන සිදු කරන බව වැඩිදුරටත් සඳහන් කළ ඇය, එලෙස නිෂ්පාදනය කළ රූපලාවන්‍ය ක්‍රීම් වර්ග, දත් බෙහෙත්, දත් බුරුසු වැනි දේ ජනතාවට පෙන්වීම සඳහා රැගෙන ආව ද සභාව තුළට ගෙන ඒමට අවසර නොලැබුණු බව කියා සිටියා ය.
රාජ්‍ය අනුග්‍රය ඇතිව කංසා වගාවක් ලෙස නීතිගතකර අපනයනය කිරීමෙන් විශාල විදේශ විනිමයක් රට තුළට ගෙන ඒම සඳහා ඇති එකම බාධකය බ්‍රිතාන්‍ය යුගයේ පනවන ලද ආඥා පනත බවත්, එය අහෝසි කළ යුතුව ඇති බවත් මන්ත්‍රීවරිය අවධාරණය කළා ය.
අපනයන වෙළෙඳපොල
කංසාවලට ඇති අපනයන වෙළඳපොළ පිළිබඳව සඳහන් කරමින් දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළේ කැනඩාව, අමෙරිකාව, ඊශ්‍රායලය වැනි රටවල දැනටත් ගංජා සඳහා විශාල ඉල්ලුමක් ඇති බව යි.
"ඉතා අවාසනාවන්ත ලෙස දැනට දකුණුදිග ඉන්දියාවේ කේරළයත්, වියට්නාමය වැනි රටවලුත්, අප්‍රිකානු රටවලුත් එම වෙළෙඳපොළ ආක්‍රමණය කරමින් ඉන්නේ. ඒ නිසා අපි ඉක්මනින් ක්‍රියාත්මක වෙන්න ඕනේ," රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි සඳහන් කළේ ය.
කංසා වගා කළ හැක්කේ කාටද?
රාජ්‍ය අනුග්‍රහය යටතේ කංසා වගා කිරීමට අවසර දුනහොත්, එම අවසරය ලැබෙන්නේ කාට ද යන ගැටලුව මතුවේ.
"ආවට ගියාට දුන්නොත් ලොකු සමාජ ප්‍රශ්නයක් ඇති වෙනවා නේ," අමාත්‍ය සිසිර ජයකොඩි කියයි.
ඔහු පැවසුවේ කංසා වගා කිරීම සඳහා රාජ්‍ය අංශයෙන්, ගුවන් හමුදාව ඇතුළු හමුදා මැදිහත්කර ගැනීමට බලාපොරොත්තු වන බව යි.
අදාල නිර්ණායක සකස් කිරීමට, රෙගුලාසි සකස් කිරීමට, හා අනුමැතිය ලබා දීමට අනුකමිටු තුනක් පත් කර ඇති බවත්, එම අනුකමිටු තුනෙහි අවසරය මත වගාවට අවසර ලබා දෙන බවත් අමාත්‍යවරයා පවසා සිටියේ ය.
ගෝලීය ගංජා වෙළෙඳපොල
වසර 2028 වන විට ගෝලීය නීතිමය ගංජා වෙළඳපොළෙහි විශාලත්වය අමෙරිකානු ඩොලර් බිලියන 91.5ක් දක්වා ළඟා වනු ඇතැ යි අපේක්ෂා කරන බව ජාත්‍යන්තර පර්යේෂණ ආයතනයක් පුරෝකථනයකර ඇත.
ග්‍රෑන්ඩ් වීව් පර්යේෂණ ආයතනයට අනුව ලෝකයේ ප්‍රදේශ කිහිපයක මෑතකාලීනව ගංජා නීතිගත කිරීම හේතුවෙන්, වෛද්‍යමය අරමුණු සඳහා ගංජා භාවිතාව වේගවත් වෙමින් පවතියි.
"ඖෂධීය ගංජා" යනු විවිධ නිධන්ගත තත්ත්වයන්ට සහ වේදනාවට ප්‍රතිකාර කිරීම සඳහා භාවිතා වන්නකි.
වෛද්‍ය නිර්දේශය යටතේ ඇල්සයිමර් රෝගය, ආතරයිටිස්, පිළිකා, මානසික අවපීඩනය, කාංසාව, පාකින්සන්, අපස්මාරය සහ අනෙකුත් ස්නායු රෝග තත්ත්වයන්ට ප්‍රතිකාර කිරීම සඳහා ගංජා යොදා ගැනේ.
ගෝලීය ප්‍රවණතා
ගංජා, ලෝකයේ බහුලවම භාවිතා වන නීතිවිරෝධී මත්ද්‍රව්‍යය වේ.
වසර 2013 දී උරුගුවේ රාජ්‍යය ගංජා විනෝදාත්මක භාවිතාව සඳහා නීතිගත කළ පළමු රට බවට පත්විය.
එසේ සිදුකළ අනෙකුත් රටවල් වන්නේ කැනඩාව, ජෝර්ජියාව, සහ දකුණු අප්‍රිකාව යි. එක්සත් ජනපදයේ ප්‍රාන්ත 18ක, ප්‍රදේශ දෙකක, හා කොලොම්බියා දිස්ත්‍රික්කයේ විනෝදාත්මක භාවිතය සඳහා ගංජා භාවිතා කළ හැකි ය. කෙසේ නමුත් ෆෙඩරල් නීති අනුව ගංජා නීති විරෝධී ලෙස පවතියි.
කෙසේ වෙතත්, 2019 වසරේ දී එක්සත් ජනපදයේ මිලියන 48.2ක ජනතාවක් (එරට ජනගහණයෙන්18%ක් පමණ) අවම වශයෙන් එක් වරක්වත් ගංජා භාවිතාකර ඇති බව, එරට වසංගත රෝග පාලනය සහ වැළැක්වීමේ මධ්‍යස්ථානය අධ්‍යයනයක් උපුටා දක්වමින් අනාවරණය කළේ ය.
වෛද්‍යවරයෙකුගේ අනුමැතිය යටතේ ඖෂධීය ගංජා භාවිතය රටවල් රැසක නීතිගත කර ඇත. ශ්‍රී ලංකාවේ ද ගංජා ඖෂධ සඳහා භාවිතා කිරීම නීති විරෝධී නොවේ.
ගංජාවල එතනොලික් සාරය වරක් සුලබ වූ නමුත් වසර ගණනාවකට පෙර නිල ඖෂධ ලැයිස්තුවලින් ඉවත් කෙරිණි.
18%ක පමණ THC අන්තර්ගතයක් සහිත ශාකසාර ගංජා ('ගංජා ෆ්ලෝස්' ලෙස හැඳින්වේ) ඇතැම් රටවල වෛද්‍ය නිර්දේශය යටතේ ලබාගත හැකිය. එය ඇතැම් ආකාරයේ වේදනාවන් සහ අනෙකුත් ස්නායු රෝග ලක්ෂණ සමනය සඳහා යොදාගැනෙයි.
කැනඩාව තුළ වාණිජමය අරමුණු සඳහා ගංජා වවන්නන් ද, සෞඛ්‍යමය හේතු සඳහා වෛද්‍යවරයෙකුගෙන් ගංජා භාවිතාවට නිර්දේශ ලැබූවන් ද එරට සෞඛ්‍ය අංශයන් සමග ලියාපදිංචි වී බලපත්‍රයක් ලබාගත යුතු වේ.
ශ්‍රී ලංකාවේ තත්ත්වය
ශ්‍රී ලංකාව තුළ බහුලවම භාවිතා වන නීතිවිරෝධී මත්ද්‍රව්‍යය ගංජා වේ. කංසා, "මල්" සහ වෙනත් නම්වලින් ද හැඳින්වෙන ගංජා ලංකාවේ වයස අවු. 14ට වැඩි ජනගහණයෙන් 1.9%ක ප්‍රතිශතයක් භාවිතා කරයි.
අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලයේ 2019 වසරේ ඇස්තමේන්තුවලට අනුව, ශ්‍රී ලංකාවේ 301,898ක් දෙනා ගංජා භාවිතා කරයි.
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයීය වෛද්‍ය විද්‍යා පීඨයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරයෙකු ද වන, දකුණු කොළඹ ශික්ෂණ රෝහලේ විශේෂඥ මනෝවෛද්‍ය ජයමාල් ද සිල්වා පවසන්නේ සාමාන්‍ය ජනතාවට සාපේක්ෂව, ගංජා භාවිතා කරනවුන්ට සයිකෝසියාව වැනි රෝග ලක්ෂණ සහ භින්නෝන්මාදය වැනි මානසික රෝග වැළඳීමේ අවදානම 2.5% සිට 8% දක්වා ඉහළ යතැ යි විද්‍යාත්මකව සනාථකර ඇතිබව යි. පවුලේ ඥාතියෙකුට මානසික රෝගයක් තිබේ නම් මෙම අවදානම තවත් ඉහළ බව ඔහු සඳහන් කළේ ය.

රට විරුවන්ට සුබ පණිවිඩයක් !
විදෙස්ගත ශ්‍රමිකයින් විසින් දෙසැම්බර් මාසය තුළ මෙරට බැංකු ඇතුළු විධිමත් මුදල් හුවමාරු ක්‍රමවේදයන් ඔස්සේ මෙරටට එවන සෑම ඩොලරයක් සඳහා ම රුපියල් 10 ක වැඩිපුර මුදලක් ගෙවන බව ශ‍්‍රී ලංකා මහ බැංකුව කියයි.
විධිමත් නිල මුදල් හුවමාරු ක්‍රමවේදයන් මගින් එවන විදෙස් මුදල් සඳහා තවත් ප්‍රතිලාභ පිරිනමන බවත් මහ බැංකුව නිවේදනය කර ඇත.
මූල්‍ය වෙළෙඳ පොල විශ්ලේෂකයන් පවසන්නේ මෙරටට ඩොලර් එවීමට විදෙස් ගත ශ්‍රමිකයන් දක්වන පසුබෑම වැලැක්වීමට මේ තීරණය ගෙන ඇති බවයි.

සීනි කිරි පිටි නඩේ ගේමක් ගැන අනාවරණයක් !
රට තුළ දැවැන්ත විදෙස් මුදල් සංචිත හිඟයක් පවතින අවස්ථාවක ජාවාරම්කාර සීනි කිරි පිටි ආනයනයකරුවන් රජයට බලපෑම් කර මහ බැංකුවෙන් ඩොලර් නිදහස් කර ගන්නා බව කර්මාන්තකරුවෝ පවසති.
ඔවුහු වැඩිදුරටත් පවසන්නේ බොහෝ කළක සිට උන්ඩියාල් සහ හවාල් නම් නීති විරෝධී ක්‍රම මගින් විදෙස්ගත ශ්‍රමිකයන්ගෙන් මුදල් මෙරටට එවනු ලබන අතර එමගින් රටට අහිමි වන විදෙස් මුදල් ප්‍රමාණය මෙරටට එවන සමස්ත විදෙස් මුදල් ප්‍රමාණයෙන් 20%ක පමණ ප්‍රමාණයක් බවයි.
එහෙත් ඔවුන්ගේ ගණන් බැලීමේ හැටියට 2020 සහ 2021 වසරවල ඔක්තෝබර් මාස දක්වා සැසඳීමේදී නීතිවිරෝධී ක්‍රම මගින් විදෙස්ගත ශ්‍රමිකයන් මෙරටට මුදල් එවීමෙන් අහිමි වී ඇති විදෙස් මුදල් ප්‍රමානය රට තුලට එවන සමස්ත විදෙස් මුදල් ප්‍රමානයෙන් 50%ක් පමණ හෙවත් ඩොලර් මිලියන 1224.1ක් වැනි ඉහළ අගයක් වන්නේය.
lanka lead

පාදෙණියට අධිකරණ වාරණයක් : වෘත්තීය සමිතිය අහිමි වෙයි !
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපතිවරයා ලෙස පෙනී සිටීම තහනම් කරමින් විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙණියට එරෙහිව මොරටුව දිසා අධිකරණය නියෝගයක් නිකුත් කර ඇත.
එකී තහනම් නියෝගයට අනුව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපතිවරයා ලෙස පෙනී සිටින විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙණියගේ සහ එම සංගමයේ විධායක සභාවේ ක්‍රියාකාරීත්වයද නැවත නිලවරණයක් පවත්වන තුරු අත්හිටුවීමටද මොරටුව දිසා විනිසුරු දමින්ද රාමනායක තීරණය කර ඇත.
අදාළ අධිකරණ නියෝගය අනුව සාමාජික මුදල් රැස්කිරීම, නීති ගාස්තු අයකිරීම, ශාඛා සමිති නිලවරණ පැවැත්වීම, නිල නාමය භාවිත කිරීම හෝ සංගමයේ නමින් පෙනී සිටීමද විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය ඇතුළු පිරිසට තහනම් කර තිබේ.
වෛද්‍ය චමල් සංජීව සහ වෛද්‍ය ජයරුවන් බණ්ඩාර ගොනුකර තිබූ පැමිණිලි සලකා බැලීමෙන් අනතුරුව මොරටුව දිසා අධිකරණය එම තහනම් නියෝග නිකුත් කර තිබිණි.
Page 396 of 463