බැසිල්ගේ සහන මල්ල සුනිල් කුඩු කරයි !

බැසිල්ගේ සහන මල්ල සුනිල් කුඩු කරයි !

ආණ්ඩුවකට සහන දෙන්න සල්ලි මැවුනේ කොහොමද ..? යන්න සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සාමාජික, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති අනාවරණය කර ඇත.

ඒ දැඩි ආණ්ඩු හිතවාදී දෙරණ මාධ්‍ය ජාලයේ අරුණ පුවත්පත වෙත ප්‍රකාශයක් ලබාදෙමින් මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා අදහස් දක්වා ඇත.

මුදල් නොමැති බව පවසමින් ජනතාවට දුකකි වූ ආණ්ඩුවම හිටි හැටියේම ජහැටියේම ජනතාවට ලබා දී ඇති සහන මල්ල සැබැවින්ම සහන මල්ලක් ලෙස පෙනී සිටින ආර්ථිකය විනාශ කර දැමීමේ අසහන මල්ලක්.

ආර්ථිකය ගැන මූල්‍ය කළමනාකරණය ගැන අබමල් රේණුවක හරි අවබෝධයක් ඇති ඕනෑම පුද්ගලයෙකුට ආණ්ඩුව සිදුකළ ඇති විනාශය වැටහෙනවා. ආණ්ඩුව ලබා දුන් සහන මල්ල එකවරම ලබාදෙන්නේ ඡන්දය ඉලක්ක කරගෙන මිස ජනතාව පිළිබඳව උපන් කරුණාවෙන් නොවෙයි. අයවැයට සහන දෙන්නට තරම් ආර්ථික ශක්තියක් නොතිබූ ආණ්ඩුවට එකවරම මුදල් පහළ පහළවීම පුදුමයක්. මේ දීලා තියෙන්නේ ජනතාව තාවකාලිකව සනස ගන්න පොඩි ඇමක් විතරයි. ජනතාවගේ බදු සල්ලි ජනතාවටම දෙනවා මේ ආණ්ඩුව.මට ඇත්තටම දුක තියෙන්නෙ ආර්ථිකය ගැන විශාල දැනුම් සම්භාරයක් තියෙන ආර්ථික ඔස්තාර්ලා මේ වෙලාවේ මුකුත් තේරෙන්නේ නැති විදිහට ඉන්න එක ගැන.

මේ ආණ්ඩුව වැටිල තියෙන රටට කරපු මේ විනාසෙ ගැන ඔවුන් කට අරින්නෙ නැත්තේ ඇයි කියලා මම අහනවා. ඕනෑම කෙනෙක්ට තේරෙනවා ඩොලර් අර්බුදයක් තියෙන වෙලාවක රුපියල් අච්චු ගැහුවම ඒ රුපියල් වලින් මිලදී ගන්න මිලදීගන්න භාණ්ඩ ගෙන්වන්න ඩොලර් ආයෙම ඕනේ කියලා. රුපියල් අච්චු ගහලා වැඩක් නැහැ භාණ්ඩ ගෙන්වන්න ඩොලර් නැත්නම්. මේ සරල කාරණය තේරෙන්නේ නැද්ද ආණ්ඩුවට. මිනිස්සුන්ටත් ලොකුම ගැටලුව වෙලා තියෙන්නේ රුපියල් ගැටලුව නෙමේ ඩොලර් අර්බුදය. නමුත් රුපියල් කොච්චර තිබ්බත් අපිට වැඩක් නැහැ. කඩවල් වල බඩු නැහැ. හා හා නැත්නම් රුපියල් තිබ්බට වැඩක් නැහැ . සිමෙන්ති නැත්නම් රුපියල් තිබ්බට වැඩක් නැහැ . වාහන අමතර කොටස් නැත්නම් රුපියල් තියෙන්නෙ මොනව කරන්නද ..? උත්තරය හොයන්න ඕනේ මේ දරුණුවටම දැනෙන ඩොලර් අර්බුදයට නම් ඒකට උත්තරය හොයනව ඇරෙන්න ඡන්ද අර්බුදයට උත්තර හොයල වැඩක් නැහැ. පැහැදිලියි. මේ තමන්ගේ බලය වැඩි කරගන්න කරන සෙල්ලමක්. ජනතාව ඒක තේරුම් ගන්න. මේ දෙන්නේ අමුතු නිධානයක් නෙමෙයි . ජනතාවගේම බදු සල්ලි. එකවරම හැන්දෑවකම මාධ්‍ය හමුවක් තියලා වීරයෝ වගේ සහන දෙනවා ඇවිල්ලා. මේ මුදල් බැසිල් රාජපක්ෂ ඇමරිකාවේ ගිහින් ගෙනාපු සල්ලි නෙමෙයි නේ . අපේ සල්ලි. අපිට විඳවන්න වෙනවා මේ සල්ලි ගත්තට අපි හිතනවා මේ රටේ බුද්ධිමත් ජනතාව තවදුරටත් මේ මේ සැනසිලි තෑගි වලට රැවටෙන්නේ නැහැ කියලා . මේ රටට කළ මහා අපරාධය ගැන සියල්ලන්ම ඉන්නේ නිහඬව . නිදහස් අධ්‍යාපනයෙන් ඉගෙනගෙන ආර්ථික උපාධි තියන දැනුම තියෙන අයත් රටට මේ වෙන දේවල් වලට වගකියන්න ඕනේ. මේ අපරාධ වලට කට කටවහන් ඉන්න එක නෙමේ, මේ තීරණ හරිද හරිද වැරදිද කියලා ඔවුන් ජනතාවට කියන්න ඕනේ . දැන් රටේ ජනතාවගේ නහයට උඩිනුත් වතුර ගිහින් තියෙන්නේ. දෙන්න ඕනේ පහළම තැනට වැටිලා ඉන්නේ.මෙහෙම සල්ලි පොම්ප කළාම ආර්ථිකයට අර සිම්බාබ්බේ වුණා වගේ විල්බැරෝ වක් අරගෙන තමයි යන්න වෙන්නේ. පාන් ගෙඩියක් ගේන්න. මේ ආණ්ඩුව හොයාගත්ත බිලියන දෙසිය විසිනවයක් නෙමෙයි , මේ අච්චු ගහපු සල්ලි "

අශිකා ජයවීර

අරුණ පුවත්පත 2022-01-05

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න