Language Switcher

V2025

Starlink ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක කෙරේ

‘Starlink’ අන්තර්ජාල සේවාව මේ වන විට ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක බව ලොව සුප්‍රකට ව්‍යාපාරික ඊලොන් මස්ක් සිය”X” ගිණුමෙහි සටහනත් තබමින් පවසයි.

Starlink උපකරණ කට්ටල 112ක් රට තුළට ආනයනය කර ඇති අතර Starlink සේවා ලබා ගැනීම සඳහා ආරම්භක පරිශීලකයන් ලෙස 12දෙනෙක් තෝරාගෙන පසුගියදා සේවාව ක්‍රියාත්මක කර තිබුණි.

ශ්‍රී ලංකාව සඳහා Residential පැකේජයේ මිල මසකට රුපියල් 15,000ක් වන අතර අවශ්‍ය උපකරණ සඳහා රුපියල් 118,000ක මුදලක් දැරීමට සිදුවෙයි.

මෙම පැකේජය සඳහා Unlimited Data පහසුකම හිමිවෙයි.