Language Switcher

V2025

කොළඹ වරායේ බහාලුම් තදබදය අවසන්

කොළඹ වරායේ ආනයන බහලුම් නිෂ්කාශනය කිරීමේදි ඇති ව තිබූ තදබදය මේ වනවිට අවසන් කර තිබෙන බව අතිරේක රේගු අධ්‍යක්ෂ සහ රේගු මාධ්‍ය ප්‍රකාශයක සීවලි අරුක්ගොඩ  ප්‍රකාශ කර තිබේ.

අතිරේක රේගු අධ්‍යක්ෂ සීවලි අරුක්ගොඩ  වැඩිදුරටත් සඳහන් කළේ දිනකට 1,200ක් පමණ ලැබුණු ආනයනික බහාලුම් ඇතැම් දිනවලදී 2,900 දක්වා ඉහළ ගිය අතර මේ හේතුවෙන් එම ආනයනික බහාලුම් නිෂ්කාශනය කිරීමේදි අතිරේක කාලයක් යෙදවීමට සිදුවූ බවයි.