ත්‍රිකුණාමලය තෙල් ටැංකි ගිවිසුමට එරෙහිවද අධිකරණය හමුවට යාමට අපේක්ෂා කරන බව ඇල්ලේ ගුණවංශ හිමි පවසති.
තමන්ට ලැබෙන තොරතුරු අනුව එහි ගැටලුකාරී තත්වයන් ඇති බවත් උන්වහන්සේ පවසති.
ඒ සඳහා අධිකරණය හමුවට යාමට කණ්ඩායම් කිහිපයක් දැනටමත් සුදානම් කරමින් ඇති බවද උන්වහන්සේ සඳහන් කළේය.
ඇල්ලේ ගුණවංශ හිමි මේ අදහස් දක්වා සිටියේ ඊයේ (05) මාධ්‍ය වෙත අදහස් දක්වමින් ය.
කෙසේ වුවත් මේ ත්‍රිකුණාමලය තෙල් ටැංකි ගිවිසුම සාධාරණීකරණය කරමින් ඛනිජ තෙල් අමාත්‍ය උදය ගම්මන්පිල දිගින් දිගටම මාධ්‍ය හමුවේ පෙනීසිටින පසුබිමක මේ ප්‍රකාශය නිකුත්කර තිබීම විශේෂය.
මේ අනුව පෙන්නුම් කරන්නේ වත්මන් ආණ්ඩුවේ ප්‍රතිපත්තිය අනුව ආණ්ඩුව පිහිටුවීමට මතය හැදූ ජාතිවාදී කඳවුරේ බෙදීමක් හටගෙන ඇති බව යන්න දේශපාලන විචාරකයන් ගේ අදහස වී තිබේ.
මීට පෙර යුගදනවි ගිවිසුමට එරෙහිවද ඇල්ලේ හිමියන් අධිකරණය ඉදිරියට ගොස් තිබිණ.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
