V2025

පුවත්

රාජ්‍ය ඇමතිලා කලකිරිලා : වැඩත් වර්ජනයක !

ඇතැම් කැබිනට් ඇමැතිවරුන් එම අමාත්‍යංශවල රාජ්‍ය ඇමැතිවරුන් හා අමාත්‍යංශ ලේකම්වරුන් අතර රාජකාරි කටයුතු සම්බන්ධයෙන් හටගෙන ඇති බල අරගල හේතුවෙන් රාජ්‍ය අමාත්‍යවරුන් පිරිසක් දැඩි කලකිරීමට පත්ව අමාත්‍යංශවල නිල කටයුතු වර්ජනය කිරීමට පවා පෙළැඹී සිටින බව වාර්තා වෙයි.

මේ ගැන වාර්තා වූ ආසන්නතම සිද්ධිය වන්නේ මහාමාර්ග රාජ්‍ය අමාත්‍ය නිමල් ලන්සා මහතා සිය තනතුරින් ඉල්ලා අස්වීමට දැරෑ උත්සාහයයි. ජනාධිපතිවරයාගේ උපදෙස් පරිදි ජනාධිපති ලේකම් ගාමිණී සෙනරත් එම ප්‍රශ්නය විසඳීම සඳහා මැදිහත්ව ක්‍රියාකළ බව දැනගන්නට තිබේ. සිය රාජ්‍ය අමාත්‍යංශයේ ලේකම්වරයා අමාත්‍යංශයේ සංවර්ධන කටයුතුවලට වෙන්කළ මුදල් තමන්ට ලබානොදීම ඇතුළු චෝදනා රැසක් නගා ඇති ලන්සා මහතා පසුගියදා පැවති මධ්‍යම අධිවේගී මාර්ගයේ දෙවැනි අදියර විවෘත කිරීමේ උත්සවයද වර්ජනය කළේය.

එසේම කර්මාන්ත අමාත්‍යංශය මගින් පසුගියදා සංවිධානය කළ ජාතික කර්මාන්ත විශිෂ්ටතා සම්මාන උළෙල එම අමාත්‍යංශයට අයත් රාජ්‍ය අමාත්‍යංශ තුනේම රාජ්‍ය ඇමැතිවරුන් වර්ජනය කර තිබිණි. මෙකී සම්මාන උළෙල ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණි. එම අවස්ථාවට ලොහාන් රත්වත්තේ, දයාසිරි ජයසේකර සහ ප්‍රසන්න රණවීර යන කර්මාන්ත අමාත්‍යංශයට අනුබද්ධ රාජ්‍ය අමාත්‍යංශ තුනේම රාජ්‍ය ඇමැතිවරුන් පැමිණ සිටියේ නැත. මෙයින් රාජ්‍ය අමාත්‍යවරු දෙදෙනකු විෂයභාර අමාත්‍ය විමල් වීරවංශ සමඟ බලතල සම්බන්ධ අවුලකට මැදිහත්ව සිටින බව වාර්තා වෙයි.

වරාය කටයුතු භාර රාජ්‍ය අමාත්‍ය ජයන්ත සමරවීරද තමන්ට හිමිව ඇත්තේ නාමමාත්‍ර රාජ්‍ය අමාත්‍ය තනතුරක් බව කියමින් පසුගියදා ප්‍රසිද්ධියේම දොස් නැගීය. මෙයට අමතරව බස්නාහිර පළාතේ තවත් ජ්‍යෙෂ්ඨ රාජ්‍ය අමාත්‍යවරියක්ද නැගෙනහිර පළාතේ රාජ්‍ය අමාත්‍යවරයකුද වයඹ පළාතේ රාජ්‍ය අමාත්‍යවරයකු ඇතුළු තවත් රාජ්‍ය අමාත්‍යවරුන් ගණනාවක් සිය අමාත්‍යංශවල වගකීම් පැවරීමේදී කැබිනට් ඇමැතිවරුන් හා අමාත්‍යංශ ලේකම්වරැන් අතින් සිදුව ඇති වැරදි සහ දෝෂ ගැන චෝදනා නගමින් සිටිති.

දැනට මෙරට රාජ්‍ය අමාත්‍යංශ 40ක් පමණ ස්ථාපිත කර තිබේ. එයින් 10¼ක පමණ මෙවැනි රාජ්‍ය ඇමැති අර්බුද හටගෙන ඇති බව දේශය ඒ ගැන කළ විමර්ශනයදී හෙළිදරව් විය.

-deshaya

වත්මන් රජය ගැන හෝ නීතිපති දෙපාර්තමේන්තුව ගැන කිසිදු විශ්වාසයක් නෑ - කාදිනල් හිමි

වත්මන් රජය ගැන හෝ නීතිපති දෙපාර්තමේන්තුව ගැන කිසිදු විශ්වාසයක් තැබිය නොහැකි බව අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් හිමිපාණන් වහන්සේ පැවසූහ.

උන්වහන්සේ මේ බව සඳහන් කළේ ඊයේ (19) ”තිත” නමින් පාස්කු ප්‍රහාරයට අදාළ සියලු කොමිෂන් සභා වාර්තා සමීක්ෂණය කර ජාතික කතෝලික ජන සන්නිවේදන කොමිසම මඟින් සම්පාදනය කරන ලද කෘතිය එළිදැක්වීමේ අවස්ථාවට වීඩියෝ තාක්ෂණය ඔස්සේ සම්බන්ධ වෙමිනි.

කිසියම් හෝ දිනෙක වත්මන් රජය නොමැතිව වෙනත් රජයකින් හෝ මෙයට යුක්තිය ඉටුවන්නේ නම් එය සිදුවෙන තුරු බලහිඳින බවයි උන්වහන්සේ කියා =සිටියහ.

”මේ රජය දුන්න පොරොන්දු එකක්වත් ඉෂ්ට කරලා නැති බව පැහැදිලිව ප්‍රකාශ කරන්න පුළුවන්. ඒ වගේම මේ කාරණාව සම්බන්ධව පැහැදිලිව දැනගෙන හිටපු එය වළක්වන්න මොනවත් නොකරපු රාජ්‍ය නායකයෝ සහ උසස් බුද්ධි අංශවල නිලධාරීන් මෙන්ම උසස් පොලිස් නිලධාරීන් ආරක්ෂා කරලා ඔවුන්ට උසස් වීම් ලබාදීලා. කවදාහරි දවසක අපිත් නැතුව මේ රජයේ නායකයොත් නැතුව ඉස්සරහට එන්න තියෙන රජයකින් හෝ මේ යුක්තිය අපට ඉෂ්ට වෙනවා නම් එය එදාට සිදුවෙනකම් අපි බලාගෙන ඉමු කියන හැඟීම තමයි අපට තියෙන්නේ. දැන් තියෙන රජය ගැන හෝ දැන් තියෙන නීතිපති දෙපාර්තමේන්තුව ගැන හෝ කිසිදු විශ්වාසයක් අපට තබන්නට බැරි බව දැන් පැහැදිලිව පෙනෙනවා.”

නීතිපතිවරයාගේ සහ නීතිපති දෙපාර්තමේන්තුවේ වැරදි හැසිරීම නිසා යුක්තිය ඉෂ්ට නොවන තත්ත්වයකට පත්ව ඇති බවයි කාදිනල් හිමිපාණන් වහන්සේ තවදුරටත් සඳහන් කළහ.

”ජනාධිපති කොමිෂන් සභාවේ දුන්න සාක්ෂි මේ රජය සහ මේ නීතිපතිතුමා හංගලා තියෙනවා. ඒ වෙළුම් කිහිපය ඉල්ලා ලිපි යවල තියෙනවා. ඒ පිළිබඳව අපව දැනුවත් කරන්න කියල තියෙනවා. ඉල්ලීම් කරලා තියෙනවා. නමුත් ඒ කිසිම ඉල්ලීමක් සලකන්නේ නැතිව ඒ සාක්ෂි සඟවා තැබීමට ඉස්සෙල්ලා හිටපු රජයත් දැන් ඉන්න රජයත් කටයුතු කරලා තියෙනවා. දැන් සිදුවෙන්නේ සම්පූර්ණයෙන්ම නීතිපතිතුමාගේ සහ නීතිපති දෙපාර්තමේන්තුවේ වැරදි හැසිරීම නිසා යුක්තිය ඉෂ්ට නොවන තත්ත්වයකට පත්වීමයි. ඒ ගැන අපි ඇත්ත වශයෙන්ම බලවත් සේ කණගාටු වෙනවා. මේ නීතියේ වැඩපිළිවෙල සම්පූර්ණයෙන්ම විහිලුවක තත්ත්වයට පත්කරලා තියෙනවා දැන් ඉන්න රජය. ඒක මම කෙළින්ම ඒ අයට චෝදනා කරනවා.” යනුවෙන් උන්වහන්සේ වැඩිදුරටත් අවධාරණය කළහ.

LNW

‘‘අපේ කැපකිරීමට පොහොට්ටුව සැලකිල්ලක් දැක්වුයේ නැහැ‘‘

අපි පොහොට්ටුවත් එක්ක මැතිවරණයට කලින් යම් යම් ගිවිසුම් ගහ ගත්තා. එකඟතාවලට එළඹුනා. නමුත් මැතිවරණයෙන් පස්සේ අපි ඒ කරපු සේවයට ඒ කරපු කැපකිරීමට තරම් සැලකිල්ලක් අපිට දැක්වුයේ නැහැ යැයි කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා  පැවසීය.

සමහර අය එදා කිවුවා සජිත් තමයි දිනන්නේ අපි එතෙන්ට යමු කියලා. ඒ වෙලාවේ පක්ෂයේ බහුතර මතය වුණේ ඒක. නමුත් මම අපේ මධ්‍යම කාරක සභාව තළ පමණක් නෙමෙයි පක්ෂ සම්මේලනය තුළත් පැහැදිලිව ප්‍රකාශ කළා දේශපාලන වශයෙන් අපේ හදවතට සමීප පක්ෂය පොදු ජන පෙරමුණ කියලා.

ඒ නිසා අපි මේ අවස්ථාවේදී ගෝඨාභය රාජපක්ෂගේ ජයග්‍රාහණයට සම්මාදන් වෙන්න ඕනි එකතු වෙන්න ඕනි කියලා. ඒ පැත්තට ඔක්කොම නම්මවාගෙන වැඩ කටයුතු කලේ. ඉතිං ඒ අවස්ථාවේදී අපි පොහොට්ටුවත් එක්ක යම් යම් ගිවිසුම් ගහ ගත්තා . අත්සන් කළා කතා කළා. නමුත් මැතිවරණයෙන් පස්සේ අපි ඒ කරපු කැපකිරීමට අපි ඒ කරපු සැලකිල්ලට තරම් සැලකිල්ලක් අපිට දැක්වුයේ නැහැ. අපි ඇත්ත කියන්න එපැයි.

ඩලස්ගෙන් ලන්සාට සහතිකයක් !

රාජ්‍ය අමාත්‍ය නිමල් ලන්සා යනු දේශපාලන සොල්දාදුවෙක් බව ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම පවසයි.

අමාත්‍යවරයා මෙසේ අදහස් දක්වා ඇත්තේ පසුගිය දිනෙක සීනෝර් ආයතනයේ පැවැති උත්සවයකදීය.

රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත විසින් " ලන්සා මම උඹට වැටෙන්න දෙනවා " කියූ තර්ජනාත්මක හඬ පටයක් පවා මේ වන විට සමාජ මාධ්‍ය ඇතුළු ප්‍රධාන ධාරාවේ මාධ්‍ය වලත් සරණය වෙමින් ඇති අතර ඒ පසුබිමේ ඩලස් අලහප්පෙරුම අමාත්‍යවරයා විසින් රාජ්‍ය අමාත්‍ය නිමල් ලන්සා සම්බන්ධයෙන් මෙසේ අදහස් දක්වා ඇත.

‘ලන්සා වගේ කෙනෙක්ට එහෙම වෙන්න මොනව හරි ලොකු ප්‍රශ්නයක් ඇති. හැබැයි මම එකක් දන්නවා. ලන්සා කියන්නේ හොඳ දේශපාලන සොල්දාදුවෙක්. පොලිටිකල් සෝල්ජර් කෙනෙක්. මම එහෙම කියන්නේ 2015 මහින්ද රාජපක්ෂ මහත්තයා පරාද වුණාට පස්සේ අපි ඔක්කොම හිටියෙ විපක්ෂයෙ. ඒ වෙද්දි බැසිල් හිටියෙ රට. හැබැයි බැසිල් ලංකාවට එද්දී ඒ තිබ්බ වාතාවරණයත් එක්ක බැසිල්ව පිළිගන්න ලන්සා ගම්පහෙන් 1500ක 2000ක කණ්ඩායමක් අරන් එයාර්පෝට් එකට ගියා. ඒ වෙලාවෙ කාටවත් එහෙම කරන්න හයියක් තිබ්බෙ නෑ. ඒකයි මම කියන්නේ ලන්සා කියන්නේ හොඳ පොලිටිකල් සෝල්ජර් කෙනෙක් කියලා. දේශපාලනය කරද්දී ඒ වගේ සෝල්ජර්ස්ලා අවශ්‍යයි. ඒ වගේ අය නැතිකරගන්න එක පාඩුයි.’

( මූලාශ්‍රය මව්රට )

ගම්මන්පිලගෙන් අහස දෙදරවන තීන්දුවක් !

ශ්‍රී ලන්කන් ගුවන් සමාගමට මින් ඉදිරියට ඉන්ධන සපයන්නේ ඒ සඳහා මුදල් ගෙවීම් කළහොත් පමණක් බවට වූ දැඩි තීන්දුවකට බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල එළඹ ඇති බව වාර්තා වෙයි.

බලශක්ති අමාත්‍යංශයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍ය උදය ගම්මන්පිල මෙම අදහස් පළ කළේය.

කිසියම් බලාගාරයකට අවශ්‍ය ඉන්ධන නොලැබී ඇත්නම් ඊට හේතුව අදාළ ගෙවීම් සිදුනොකිරීම බවද අමාත්‍යවරයා කියා සිටියේය.

ලංකා විදුලිබල මණ්ඩලයටද ඉන්ධන සපයන්නේ අදාළ කොන්දේසිය යටතේ බවද අමාත්‍යවරයා පැවසීය.

 

විදුලි කප්පාදුව ගැන මහජන උපයෝගීතා කොමිසමේ සභාපති කියයි !

සැලසුම් කළ විදුලි කප්පාදුවක් අද (19) දිනය තුළ ක්‍රියාත්මක නොවන බව මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මාධ්‍ය වෙත පවසා ඇත.

සැපයුම පවත්වාගෙන යාමේදී මෙගාවොට් 150 ක පමණ ඌනතාවයක් වරින්වර ඇතිවන බවත් ඒ හේතුවෙන් ඇතැම් ස්ථානවල සුළු කාලය බැගින් විදුලිය විසන්දි විය හැකි බවත් එහිදී ඔහු පවසා තිබේ.

උසස් පෙළ විභාගයට පෙනී සිටි දරුවන් සහ සිසු දරුවන්ගේ අධ්‍යාපන කටයුතු පිළිබඳ අවධානය යොමුකරමින් පස්වරු 6.00 න් පසුව විදුලි කප්පාදුවක් කෙසේවත් සිදු නොවන බවත් මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායක පවසා තිබේ.

මහජන උපයෝගීතා කොමිසම ද මැදිහත්ව ඊයේ ලබාගත් විදුලි බලාගාරවලට අවශ්‍ය ඉන්ධන විදුලිබල මණ්ඩලයට අද ලැබීමට නියමිතව බව කී ජනක රත්නායක මහතා එම ඉන්ධන ප්‍රමාණයෙන් විදුලි සැපයුම අද සහ හෙට කප්පාදුවකින් තොරව පවත්වාගෙන යා හැකි බව ද සඳහන් කළේය.

ලංකාවේ බාල තෙල් නෑලු !

ලංකා ඛනිජ තෙල් සංස්ථාව බාල තෙල් ආනයනය නොකරන බවත් පෙට්‍රල් ප්‍රමිතියෙන් තොර බවට එල්ල වන චෝදනාව ප්‍රතික්ෂේප කරන බවත් ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ සභාපති නීතිඥ සුමිත් විජේසිංහ පැවසීය.

ශ්‍රී ලංකාවට ඔප්ටේන් 92 පෙට්‍රල් ආනයනය කරන්නේ 2014 වසරේ තාක්‍ෂණ කමිටුවක් ලබාදුන් නිර්දේශයක් අනුව බව පැවසූ ඔහු ශ්‍රී ලංකාවේ සෑම ඉන්ධන පිරවුම්හලක තියෙන පෙට්‍රල් ඔප්ටේන් 92 බව සහතික කරන බව ද සඳහන් කළේය.

ඉන්ධන ආනයනය කිරීමට පෙර නැව්ගත කරන වරායේදී ස්වාධීන පරීක්‍ෂකයෙක් පරීක්‍ෂා කරන බවත් ආනයන කර පසු වරායේදී ලබාගන්නා සාම්පළ ස්ථාන දෙක පරීක්‍ෂා කිරීමෙන් පසු ප්‍රමිතිය සහතික කිරීමෙන් පසුව රට තුළට ගැනීමට අවසර දෙන බවත් හෙතෙම පවසයි.

ශ්‍රී ලංකාවට 2014 වසරේ ඔප්ටේන් 92 පෙට්‍රල් ආනයනය කිරීමට තීරණය කළ බව කී සභාපතිවරයා පැවසුවේ ශ්‍රී ලංකාවේ පිරිපහදුවෙන් නිෂ්පාදනය කරන ඔප්ටේන් 92 කට වැඩි ප්‍රමිතියෙන් යුක්ත බවයි.

කොරේ පිටට මරේ : කල් ඉකුත්වූ වී තොග අරගෙන මාට්ටු !

කල් ඉකුත්වූ වී මිලදී ගැනීමක් සම්බන්ධයෙන් රාජ්‍ය නිලධාරීන් දෙදෙනෙකු ගේ සේවය අත්හිටුවීමට කටයුතු කර ඇත.

ඒ වයඹ වැඩබලන ප්‍රාදේශීය කළමනාකරු ගේ සහ සහකාර ප්‍රාදේශීය කළමනාකාරියගේ ය.

අදාළ කල් ඉකුත්වූ වී තොග නිකවැරටිය ප්‍රදේශයේ ගබඩාවක තිබී ඇත.

කෘෂිකර්ම අමාත්‍යංශය නිවේදනය කළේ, වී ගබඩා 2 ක පරණ වී ගබඩා කර ඇති බවට වයඹ ගොවි සංවිධාන නියෝජිතයින්ගෙන් අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මට ලද තොරතුරකට අනුව කඩිනම් විමර්ශනයක් ආරම්භ කර තිබූ බවය.

අදාළ වී ගබඩා තුළ වී කිලෝග්‍රෑම් ලක්ෂ 15 කට ආසන්න ප්‍රමාණයක් ගබඩා කර ඇති අතර, ඉන් වී කිලෝග්‍රෑම් ලක්ෂ 3කට අධික ප්‍රමාණයක් සත්ත්ව ආහාර සඳහා යොදා ගැනෙන ඉතාමත් පරණ වී බවට කළ විගණන විමර්ශනයේදී අනාවරණ වී තිබේ.

ඒ අනුව අදාළ නිතිවිරෝධී වී මිලදී ගැනීම හා ගබඩා කිරීම සිදු කළ වයඹ වැඩබලන ප්‍රාදේශීය කළමනාකාරවරයා සහ අදාළ ගබඩාව භාරව සිටි සහකාර ප්‍රාදේශීය කළමනාකාරවරියගේ සේවය අත්හිටුවීමට පියවර ගත් බව කෘෂිකර්ම අමාත්‍යාංශය සඳහන් කළේ ය.

නිකවැරටිය ප්‍රදේශයේ ඇති එම වී ගබඩා දෙක මේ වනවිට විගණන නිලධාරීන් විසින් මුද්‍රා තබා ඇති අතර ඉදිරි විමර්ශන කටයුතු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ද භාර දී තිබේ.

අදාළ සිදුවීම සම්බන්ධයෙන් කෘෂිකර්ම අමාත්‍යාංශයෙන්ද පරීක්ෂණයක් සිදු කෙරේ.

නව ඇමරිකානු තානාපතිනිය ඇවිත්

ශ්‍රී ලංකාවේ නව ඇමෙරිකානු තානාපතිනිය ලෙස පත් වීමට නියමිත ජුලී ජේ.චන්ග් (Julie.J.Chung) අදාළ තනතුරෙහි වැඩ භාර ගැනීම සදහා ශ්‍රී ලංකාවට අද (18) සවස සවස 04.25 ට පමණ පැමිණ තිබු බව වාර්තා වෙයි.

ඩොලර් ගන්න රුපියල් එවන්න : ගම්මන්පිලට කබ්‍රාල් කියයි !

ඉන්ධන ආනයනය සඳහා අවශ්‍ය ඩොලර් ලබාදීමට නම් ඒ සඳහා අවශ්‍ය රුපියල් ලබාදිය යුතු බව මහ බැංකුව විසින් බලශක්ති අමාත්‍යංශයට දැනුම් දී ඇති බව වාර්තා වෙයි.

මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් විසින් ලිඛිතව මේ බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල වෙත දන්වා ඇති බවත් වාර්තා වෙයි.

මේ වන විට අමාත්‍ය උදය ගම්මන්පිල පවසා ඇත්තේ විදුලි බල මණ්ඩලයට ඉන්ධන සැපයිය හැකි වන්නේ මුදලට පමණක් බවයි.

එසේම විශාල වශයෙන් දෛනික පාඩුවක් ලබමින් තෙල් සංස්ථාව විසින් තෙල් අලෙවි කිරීම මගින් ඩොලර් හිගයට පෙර රුපියල් නැති වීම මගින් ඉන්ධන ආනයනයට බාධා ඇතිවී ඉන්ධන හිඟයක් ඇති වනු ඇති බවත් බලශක්ති ඇමති උදය ගම්මන්පිල සඳහන් කර ඇත.

පවතින තත්වය මත ඉන්ධන සඳහා පනවා ඇති බදු අඩුකරන ලෙස මුදල් අමාත්‍යංශයෙන් ලිඛිතව ඉල්ලා ඇති බවද පැවසූ අමාත්‍යවරයා ඉන්ධන මිල වැඩි කිරීමේ ප්‍රමාණය තීරණය වන්නේ මුදල් අමාත්‍යාශ විසින් බදු අඩුකරන ප්‍රමාණය මත බවද කියා සිටියි.

පාස්කු ප්‍රහාරය නඩුවෙන් : හේමසිරි සහ පූජිත නොදොස්කොට නිදහස් කළේ ඇයි ?

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය වලක්වාගැනීමට කටයුතු නොකිරීම ඇතුළු අධිචෝදනා ලැබ සිටි හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර නිදොස්කොට නිදහස් කෙරුනි.

ඒ, කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලේ ඒකමතික තීන්දුවක් ලෙස යි.

නාමල් බලල්ලේ, ආදිත්‍ය පටබැඳිගේ හා මොහොමඩ් ඉර්සදීන් යන කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල විසින් නියෝගය නිකුත් කෙරිණි.

ත්‍රස්ත ප්‍රහාරයක් එල්ලවන බවට ප්‍රමාණවත් බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් එය වළක්වා ගැනීමට ක්‍රියාමාර්ග නොගැනීම තුළින් රාජකාරිය පැහැරහැරීම ඇතුළු අධි චෝදනා 855ක් යටතේ නීතිපතිවරයා පවරා තිබුණු මෙම නඩුවෙන් හේමසිරි ප්‍රනාන්දු සහ පූජිත් ජයසුන්දර නිදහස් කෙරුනේ විත්තියේ සාක්ෂි කැඳවීමකින් ද තොරවය.

විත්තියේ සාක්ෂි කැඳවීමකින් තොරවම විත්තිකරුවන් මෙම නඩුව දෙකෙන් නිදහස් කරනවා ද, නැද්ද යන තීන්දුව ප්‍රකාශ කිරීමට විනිසුරු මඩුල්ල පසුගිය දා අදට (පෙබරවාරි 18) දින නියම කරන ලද්දේ මෙම නඩු දෙකෙහිම පැමිණිල්ලේ සාක්ෂි විභාගය අවසන් වීමෙන් අනතුරුව යි.

2019 ජුනි 6 දා පැවැත්වුණු, පාස්කු ඉරිදා එල්ල වූ මරාගෙන මැරෙන ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කෙරෙන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව ඉදිරියේ දී හිටපු ආරක්ෂක ලේකම්වරයා පිළිගෙන තිබුණේ, මරාගෙන මැරෙන ප්‍රහාරයක් සම්බන්ධයෙන් තමන්ට ද කල්තියා තොරතුරු ලැබී තිබුණු බව යි.

නමුත් ඒ පිළිබඳව ජනාධිපතිවරයාට දැනුම්දීමට ක්‍රියා නොකළේ, එවක ජනාධිපතිවරයා සියලු බුද්ධි තොරතුරු සෘජුවම ලබා ගන්නේ රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂ නිලන්ත ජයවර්ධනගෙනැ යි තමන් දැනුවත් වී සිටි නිසා බව ඔහු පැවසීය.

අධි චෝදනා 855බැගින් නීතිපතිවරයා විසින් වෙන් වෙන්ව අධිචෝදනා ගොනුකර පූජිත් ජයසුන්දර හා හේමසිරි ප්‍රනාන්දුට එරෙහිව පවරා තිබූ මෙම නඩු දෙකෙන් ඔවුන්ට එරෙහි චෝදනා ඔප්පු කිරීමට පැමිණිල්ල අසමත් වී ඇති බව තීන්දු කළ විනිසුරු මඩුල්ල ඔවුන් එසේ නිදොස් කොට නිදහස් කිරීමට එසේ නියෝග කළේය.

ඒ අනුව හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර හා හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු නඩු වලින් නිදොස් කොට නිදහස් කෙරුණේ විත්තිය වෙනුවෙන් සාක්කි කැඳවීමකින් ද තොරවයි.

විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ සඳහන් කළේ රාජ්‍ය බුද්ධි අංශ අධ්‍යක්ෂ නිලන්ත ජයවර්ධනගේ වගකීම හරිහැටි ඉටු නොකර එම වගකීම වෙනත් කෙනෙකු මත පැටවීමට කටයුතු කර ඇති බව ඔහුගේ සාක්කියෙන් පෙනී යන බවයි.

මෙවැනි සංවේදී සිද්ධියක් මත පදනම්ව සාක්කි නොමැතිව පුද්ගලයකුට එරෙහිව නඩුවක් පවත්වාගෙන යාම කළ නොහැකි බව ද විනිසුරුවරයා පැවසිය.

යම් පුද්ගලයෙකුට අපරාධමය චෝදනාවක් එල්ල කිරීමේදී වඩාත් සැලකිලිමත් විය යුතු බව සඳහන් කර සිටි විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ අදාළ චෝදනා මත මොවුන් අත්අඩංගුවට ගැනීම පවා ගැටලු සහගත බව අවධාරණය කළේය.

තවද දේශපාලන අධිකාරියක් පැවතිද් දී රාජ්‍ය නිලධාරීන්ට පමණක් මෙලෙස නඩු පැවරීම අනුමත කළ නොහැකි බව ද විනිසුරු ආදිත්‍ය පටබැඳ ගේ තීන්දුවෙන් පවසා සිටියේය.

විත්තිකරුවන් අපරාධමය චෝදනාවක් නොව වගකීම් පැහැර හැරීමක් හෝ කර නොමැති බව විනිසුරුවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

BBC සිංහල

 

හනේ හපොයි : එක්ස්ප්‍රස් පර්ල් වන්දිය රුපියල් බිලියන 1 යි !

මෙරට මුහුදු තීරයේදී ගිනිගත් එක්ස්ප්‍රස් ප්ර්ල්( MV -X Press Pearl) නෞකාවෙන් වන්දි වශයෙන් මෙරටට රුපියල් බිලියනක මුදලක් මේ වන විට ලැබී ඇති බව අධිකරණ අමාත්‍ය අලී සබ්රි උපුටා දක්වමින් මාධ්‍ය වාර්තා පවසයි.

ඊට අනුව අනෙකුත් වන්දි මුදල් ලබා ගැනීමට මේ වන විට තවදුරටත් කටයුතු කරමින් සිටින බවත් අමාත්‍යවරයා සඳහන් කර ඇත.

විදුලි කප්පාදුව වෙනහැටි මෙන්න !

අද (18) සිට අදියර දෙකක් යටතේ විදුලි කප්පාදුවක් සිදුකිරීමට මහජන උපයෝගිතා කොමිසම විසින් ලංකා විදුලිබල මණ්ඩලයට අවසර ලබාදී ඇති බව වාර්තා වෙයි.

ඒ අනුව අද මුළු දිවයිනම ආවරණය වන පරිදි කාණ්ඩ 04ක් යටතේ මෙම විදුලි කප්පාදුව දියත්ව තිබිණ.

අද පස්වරු 2.30 සිට සවස 6.30 දක්වා පැයක කාලයක් සඳහා ද, සවස 6.30 සිට රාත්‍රී 10.30 දක්වා මිනිත්තු 45ක කාලයක් සඳහා මෙලෙස විදුලි කප්පාදු කිරීමට අවසර ලබාදී ඇත.

විදුලි කප්පාදුවට අවසර !

අද (18) සිට අදියර දෙකක් යටතේ විදුලි කප්පාදුවක් සිදුකිරීමට මහජන උපයෝගිතා කොමිසම විසින් ලංකා විදුලිබල මණ්ඩලයට අවසර ලබාදී ඇති බව වාර්තා වෙයි.

ඒ අනුව අද මුළු දිවයිනම ආවරණය වන පරිදි කාණ්ඩ 04ක් යටතේ මෙම විදුලි කප්පාදුව දියත්ව තිබිණ.

අද පස්වරු 2.30 සිට සවස 6.30 දක්වා පැයක කාලයක් සඳහා ද, සවස 6.30 සිට රාත්‍රී 10.30 දක්වා මිනිත්තු 45ක කාලයක් සඳහා මෙලෙස විදුලි කප්පාදු කිරීමට අවසර ලබාදී ඇත.

ඉන්ධන බදු ඉවත්කරන්න : ගම්මන්පිල බැසිල්ට ලියයි !

ඉන්ධන මිල වැඩි කරන ලෙසත් එසේ නොකරන්නේ නම් ඉන්ධන මත පනවා ඇති බදු ඉවත් කරන්නැයි බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල විසින් මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ ගෙන් ලිඛිත ඉල්ලීමක් කර ඇති බව වාර්තා වෙයි.

තමන් අද (18) දිනයේ මෙම ඉල්ලීම කළ බවක් බලශක්ති අමාත්‍යවරයා සඳහන් කළේය.

කෙසේ වෙතත් තෙල් සංස්ථාව විසින් ඉල්ලා ඇති මිල සංශෝධනය ලබා දුන හොත් එය ඉතිහාසගත මිලක් වනු ඇති බවද පැවසූ අමාත්‍යවරයා පාරිභෝගිකයා අපහසුවට පත්වන පරිදි මිල වැඩි කිරීමට සූදානම් නැති බවද කියා සිටියේය.

ඉන්ධන මිල වැඩි කිරීමේ තීන්දුව බලාත්මක කිරීමට අවස්ථාව ඇත්තේ මුදල් අමාත්‍යවරයා වෙතයි. නමුත් මීට පෙර ඉන්ධන මිල ඉහළ දැමීමට වත්මන් ආණ්ඩුව ක්‍රියාකර, එහි වගකීම භාරගෙන ඉල්ලා අස්වන ලෙස පොදුජන පෙරමුණේ ප්‍රධාන ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් ප්‍රසිද්ධ ලිපියක් හරහා ඛනිජ තෙල් අමාත්‍ය ගම්මන්පිල වෙත දැනුම්දෙනු ලැබිණ. 

නමුත් දැන් සියල්ල මුදල් ඇමති බැසිල් රාජපක්ෂ වෙත යොමුකරන උපක්‍රමයක් ගම්මන්පිල අමාත්‍යවරයා දියත්කර ඇත. මේ සම්බන්ධයෙන් දේශපාලන විචාරකයන් පවසන්නේ ඉන්ධන මිල වැඩි කරන තීන්දුව ගන්නේ බැසිල් රාජපක්ෂ මුදල් අමාත්‍යවරයා බව ජනගතවීම ඔහුගේ ඉදිරි දේශපාලන කටයුතු වලට අහිතකර බවයි.

පාස්කු ප්‍රහාරය : හේමසිරි සහ පූජිත නිදොස්කොට නිදහස් !

පාස්කු ඉරිදා එල්ල වූ බෝම්බ ප්‍රහාරය වළක්වා ගැනීමට ක්‍රියා නොකළැයි චෝදනා ලැබ සිට හිටපු ආරකෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු නිදොස් කොට නිදහස් කිරීමට ත්‍රිපුද්ල මහධිකරණ විනිසුරු මඩුල්ල අද (18) තීරණය කර ඇත.

නාමල් බලල්ලේ,ආදිත්‍ය පටබැඳි සහ මොහොමඩ් ඉර්ෂඩීන් යන ත්‍රිපුද්ගල විනිසරු මඩුල්ල ඉදිරියේ මෙම නඩුව විභාගය ගැණුනි.

එසේම පාස්කු ඉරිදා ප්‍රහාරය වැළැක්වීමට අපොහොසත් වීම සම්බන්ධයෙන් හිටපු පොලිස්පති පුජිත් ජයසුන්දරට එරෙහිව එල්ල වී තිබූ සියලු චෝදනාවලින් ඔහුද නිදොස් කොට නිදහස් කිරිමට කොළඹ මහාධිකරණය අද නියෝග කරනු ලැබිණ.

සටනින් ලන්සා දිනුවා ?

නිමල් ලන්සා මහතා රාජ්‍ය අමාත්‍ය ධූරය හොබවන ග්‍රාමීය මාර්ග හා අවශේෂ යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය රංජිත් දිසානායක  වෙනත් ආයතනයකට මාරු කිරීමේ සූදානමක් පවතින බව රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.

රජයේ ඉහළ බලධාරීන් ඔහුගෙන් මේ සම්බන්ධයෙන් විමසා ඇතැයිද එම ආරංචි මාර්ගවලින් පැවසේ.

ඔහු වෙනත් රාජ්‍ය අමාත්‍යාංශයකට හෝ රජයේ වෙනත් ආයතනයක ඉහළ තනතුරකට පත් කිරීමට බොහෝ දුරට ඉඩ ඇති බව ද වාර්තා වේ.

ග්‍රාමීය මාර්ග හා අවශේෂ යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍ය නිමල් ලන්සා මහතා එම අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය රංජිත් දිසානායක මහතා සමඟ ඇතිවූ බව කියන මත ගැටුමක් හේතුවෙන්, සිය පෞද්ගලික කාර්ය මණ්ඩලය ද අමාත්‍යාංශයෙන් ඉකුත්දා ඉවත් කර ගත්තේය.

එම පෞද්ගලික කාර්ය මණ්ඩලය ඊයේ දිනයේද අමාත්‍යංශය නොසිටි බව එම ආරංචි මාර්ග වලින් පැවසේ.

– lankadeepa

කැළණිතිස්සේ තවත් බලාගාරයක් නවතී !

කැලණිතිස්ස සංයුක්ත චක්‍ර බලාගාරය ඉන්ධන නොමැතිකම හේතුවෙන් අද (17) රාත්‍රියේදී හදිසියේ නතර කර ඇති බව වාර්තා වෙයි.

ලංකා විදුලිබල මණ්ඩලය සඳහන් කරන ආකාරයට එම බලාගාරය නතර වීමෙන් ජාතික විදුලි පද්ධතියට මෙගාවොට් 160ක ධාරිතාවයක් අහිමි වෙයි.

එම බලාගාරය නැප්ටා නැමැති ඉන්ධනවලින් විදුලි ජනනය සිදුවන අතර විදුලි බල මණ්ඩල ආරංචි මාර්ග සඳහන් කරන්නේ නැප්ටා ඉන්ධන නිම වීම හේතුවෙන් අද රාත්‍රී 8.20ට පමණ බලාගාරයේ ජනන කටයුතු නතර කළ බවය.

Page 386 of 483