ශ්‍රී ලංකාවේ නව ඇමෙරිකානු තානාපතිනිය ලෙස පත් වීමට නියමිත ජුලී ජේ.චන්ග් (Julie.J.Chung) අදාළ තනතුරෙහි වැඩ භාර ගැනීම සදහා ශ්‍රී ලංකාවට අද (18) සවස සවස 04.25 ට පමණ පැමිණ තිබු බව වාර්තා වෙයි.
නව තානාපතිවරිය පිළිගැනීම සඳහා ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපති කාර්යාලයේ නිලධාරීන් පිරිසක් සහ ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යාංශයේ නිලධාරීන් පිරිසක් ද කටුනායක ගුවන් තොටුපළ විශේෂ අමුත්තන්ගේ මැදිරිය වෙත පැමිණ සිටි බවත් මාධ්‍ය වාර්තා පවසයි.
මෙම සිදුවීම මාධ්‍ය ආවරණය කිරීම සදහා ගුවන් තොටුපළ බලධාරීන් අවසර ලබා නොදීමට පියවර ගෙන තිබූ බවත් වාර්තා වෙයි.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
