V2025

පුවත්

සිරිසේනව හාන්සි කරන මාධ්‍ය හමුවක් සමග රවී යළිත් කරළියේ !

" 2014 හිටපු ජනපති මෛත්‍රී දන්න ආයතනයකට ඩොලර් ලක්ෂ ගණනක් ලැබුණු බවට මහ බැංකුවේ ලොකු ප්‍රශ්නයක් ඇතිවුණා. මහ බැංකු අධිපති ඉවත්කර තව කෙනෙක් පත්කළා. අදටත් නඩුවට වුණ දේ දන්නේ නැහැ. ඩොලර් ප්‍රමාණය පැමිණි අයුරු දන්නේ නැහැ." හිටපු අමාත්‍ය රවී කරුණානායක විසින් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන වෙත මෙසේ අද (11) ප්‍රබල චෝදනා එල්ල කර සිටියේය.

ඒ සිය පක්ෂ කාර්‍යාලයේ පැවැත්වූ මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් ය.

එහිදී ඔහු වැඩිදුරටත් මෙසේද පැවසීය.

රෙස්ටුරන්ට් , බාර් ලයිසන් දෙන්න එපා කියලා අණ කළා. 2015 ජුනි මාසයේ ඉහළින් ලියුම් එවනවා තමන්කඩුවේ රෙස්ටුරන්ට් එකකට ලයිසන් දෙන්නලු. ( පත්‍රිකා පෙන්වමින් ) මෙන්න තියෙන සාක්ෂි. එතුමාගේ ඥාතියෙක්ට දුන්නේ. කවුද කියලා දන්නවාද ? එයාට යකඩ හදන ආයතන දෙකක් තිබෙනවා. අපි මේවායෙන් බදු ගන්න හැදුවාම ටොන් දෙලක්ෂ හැටපන්දහසක බදු ඉවත්කළා. කොහොමද මේවා දුන්නේ? ( පත්‍රිකා පෙන්වමින් ) මේ තියෙන්නේ ඒ ගැන තොරතුරු.

මම පුනර්ජනනීය බලශක්ති ඇමති ලෙස කටයුතු කරද්දී කෝටි 300 ක වැඩ ටෙන්ඩර් නොමැතිව දෙන්න අපෙන් අවසර ඉල්ලුවා. මේ කැබිනට් පත්‍රිකාව...මේ තියෙන්නේ එතුමාගේ අස්සන. මෙතන තියෙන ෆයිල් 7 මම ප්‍රසිද්ධ කරන්නේ නැහැ. මම අභියෝග කරනවා සත්‍යඅසත්‍යතාව ගැන වාදකරන්න ප්‍රසිද්ධ විවාදයකට එන්න කියලා. "

මෙහිදී හිටපු ජනාධිපති වෙත, හිටපු අමාත්‍ය රවී කරුණානායක ලිපිගොනු හතරක් අතැතිව දිගින් දිගටම අභියෝග කර සිටියේ සුදු ඇඳගෙන කරන දේශපාලනය අතර හැකිනම් තමන් සමග ප්‍රසිද්ධ විවාදයක් සඳහා පැමිණෙන ලෙසය.

මෛත්‍රී එන්නේ නෑ !

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් දේශපාලන විචාරකයන් පවසන්නේ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන කිසිදු අවස්ථාවක ප්‍රසිද්ධ විවාදයක් සඳහා නොපැමිණෙනු ඇති බවයි.

එසේම එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ යහපාලන කඳවුර මේ මොහොතේ බරපතළ වන්දියක් ගෙවන්නේ මේ කරුණු කාරණා නියමිත වෙලාවට අනාවරණය නොකිරීම නිසා බවත් ඔවුන් පවසයි.

කොන්සර්වේටිව් හැසිරීම හේතුවෙන් යහපාලනය තුළ පැවති සියලු අර්බුද අවසානයේදී එජාපයට වැටුණු බවත් ඊට රනිල් වික්‍රමසිංහ එවකට අග්‍රාමාත්‍යවරයා ද වගකිවයුතු බව දේශපාලන විචාරකයන් පවසයි.

විදුලි කප්පාදුවකට යයිද ? ආණ්ඩුවට උත්තර දෙකයි !

අවශ්‍යතාවය මත පමණක් විදුලිය කප්පාදුවක් සිදු කරන බව බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රමේෂ් පතිරණ පවසයි.

විදුලිය විසන්ධි කිරීම සදහා සැලැස්මක් ඉදිරිපත් කර ඇත්තේ පෙර සූදානමක් ලෙස බව ද අමාත්‍යවරයා සදහන් කලේය.

මේ අතර විදුලි බල මණ්ඩලය පවසන්නේ අද (11) දිනයේ විදුලි කප්පාදුවක් සිදු නොකරන බවයි.

විදුලි බල අමාත්‍ය ගාමිණි ලොකුගේ සදහන් කරන්නේ කිසිම ලෙසකින් විදුලි කප්පාදුවක් සිදු නොකරන බවය.

එසේ වුවද මේ වන විටත් ප්‍රදේශ කිහිපයකම විදුලිය ඇණ හිට ඇති බවද වාර්තා වෙයි.

චම්පික රෝහලේ : අධිකරණයට එන්න බැරි වෙයි !

හදිසි අසනීප තත්ත්වයක් හේතුවෙන් සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා රෝහල්ගතව සිටින බැවින් අද දින පැවැති නඩු විභාගය සඳහා ඔහු සහභාගී නොවූ බව නීතීඥ රජික කොඩිතුවක්කු මහතා සඳහන් කළේය.

අද (ජනවාරි 11) පාඨලී චම්පික රණවක මහතාට එරෙහිව රිය අනතුරක් සම්බන්ධයෙන් පවතින නඩුවේ විභාගය අවසානයේ වැඩිදුරටත් කරුණු දැක්වූ කොඩිතුවක්කු මහතා;

“අද දින HE1824,2020 කියන නඩුව කැඳවීමක් කරනු ලැබුවා. එහිදී හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක ඇමතිතුමා විශේෂයෙන් අද දින උසාවියට පැමිණියේ නැහැ. පැමිණියේ නැති හේතුව තමයි එතුමා ඊයේ හවස නාරාහේන්පිට වෘත්තිකයන්ගේ රැස්වීමකට යමින් සිටින අවස්ථාවකදී හදිසියේදී ඇති වූ අසනීප තත්ත්වයක් නිසා ලංකා හොස්පිටල් (ලංකා රෝහලට) ඇතුළත් වීමක් වුණා එදින රාත්‍රියේම. එතුමාව අධීක්ෂණය කරනු ලබන්නේ විශේෂඥ වෛද්‍ය ප්‍රියන්ත ජයවර්ධන මහතා. ඔහු විසින් ඉතාම පැහැදිලිව වෛද්‍ය වාර්තාවක් ලබා දීමක් සිදු කළා එතුමාගේ රෝගී තත්ත්වය සම්බන්ධයෙන්. ඒ වගේම අපිට කියන්න ඕනේ මුල ඉදන්ම කිසිම අවස්ථාවක පාඨලී චම්පික රණවක ඇමතිතුමා නඩු සම්බන්ධයෙන් හෝ අධිකරණ ක්‍රියාවලිය සම්බන්ධයෙන් හෝ මග හැරීමක් කිසිදු අවස්ථාවක කළේ නෑ. පසුගිය වසරේ සිදු කළ අත්අඩංගුවට ගැනීම ඔබ දන්නවා; පාර්ලිමේන්තුවේ මහලේකම්තුමාට හෝ කථානායකතුමාට දැනුම් දීමක් කරන්නේ නැතුව ඒ මධ්‍යම රාත්‍රියේ කඩා වැදිලා ගෙදරට බලහත්කාරයෙන් අත්අඩංගුවට ගැනීමක් කරන්නෙ. පැහැදිලිව එතුමාගේ වටේ හිටිය රියදුරන්ට සහ සියලුම තත්ත්වයේ පුද්ගලයන්ට පොලිසිය විසින් ඒ අවස්ථාවේදී යම් යම් බලපෑමෙන් කරමින් සිටියේ. ඒ නිසා අපි දන්නවා මේක දේශපාලන වශයෙන් වූ කරන්නා වූ චෝදනාවක්. ඒ වගේම ඒ තත්ත්වයන් මත අපි කියා සිටින්නේ අපිට ජනතාවට මේ සම්බන්ධයෙන් වූ කරුණු දැක්වීමක් කරන්න තිබෙනවා.”

මේ නඩුව අසන සෑම අවස්ථාවකදීම සමහර රාජපක්ෂවාදී, හෝ තම හාම්පුතාගේ බසට කටයුතු කරන මුද්‍රිත සහ විද්‍යුත් මාධ්‍ය කීපයක් විසින් නඩුව සම්බන්ධ කරුණු තමන්ට අවශ්‍ය ආකාරයට වැරදි අදහසක් ලබාදෙන ආකාරයට ප්‍රකාශයට පත් කරන බව ද නීතීඥ රජික කොඩිතුවක්කු මහතා පෙන්වා දෙයි.

“ඊයේ දින අභියාචනාධිකරණයේ නඩුව සම්බන්ධයෙන් මව්බිම ආයතනය අද දින වාර්තා කරලා තියෙන වාර්තාකරණය ඉතාම පක්ෂග්‍රාහී සහ ඒකපාර්ශවිකයි. යම් කෙනෙක් වාර්තා කිරීමක් කරනවා නම්, එය සමස්තයක් විදියට සියලුම කාරණා වාර්තාගත කරන්න ඕනේ. තෝරා ගැනීම හෝ ඒ අදහස ලබා ගැනීම ග්‍රාහකයා සතු වගකීමක්. ඒ නිසා මාධ්‍ය තමන්ගේ අරමුණ සඳහා වූ ඒ කරන ක්‍රියාවලිය පිළිබඳ අපි මහජනතාවගෙන් අයැද සිටිනවා. ඔබ පැහැදිලිව මේ සම්බන්ධයෙන් වූ දෑස් දල්වගෙන බලන් ඉන්න මේකේ ඇත්ත නැත්ත මොකක්ද කියලා.

තමන් අධිකරණ ක්‍රියාවලිය සම්බන්ධයෙන් දැඩි ලෙස විශ්වාස කරන බවද හෙතෙම සඳහන් කළේය.

“අපේ ස්ථාවරය වන්නේ මේ මුල් අවස්ථාවේ අසා නිම කළ නඩුවක්. ඒ නිසාම අපි ඒ සම්බන්ධයෙන් විරුද්ධ වෙනවා නැවත අසා නිම කරන්න. මොකද නීතියේ සිද්ධාන්තයන් තිබෙනවා එක් අවස්ථාවකදී දඬුවම් කරන නඩුවකට පුද්ගලයෙක්ට නැවත දඬුවම් කරන්න බෑ කියලා. ඒ නිසා තමයි අපි අභියාචනාධිකරණයට ගියේ. අභියාචනාධිකරණය ඒ සම්බන්ධයෙන් කිසිදු අවස්ථාවක ප්‍රතික්ෂේප කිරීමක් කරන්නෙ නෑ. දෙපාර්ශවයේම කරුණු ඇහුම්කන් දීමකින් පසුව තමයි අභියාචනාධිකරණය තීන්දු කරන්නේ. ඒ නිසා අපේ කරුණු දැක්වීම අපි සිදු කරා. ජ්‍යෙෂ්ඨ ජනාධිපති නීතිඥ ෆායිස් මුස්තාපා මැතිතුමා. ඒ වගේම නීතිපති දෙපාර්තමේන්තුව වෙනුවෙන් ඒ කරුණු දැක්වීම ඉදිරියට කිරීමට අපේක්ෂා කරන බවත්, ඔවුන්ට කාලය ප්‍රමාණවත් නොවන බවත් දක්වා සිටියා.

මහජනතාවට අපි ප්‍රකාශ කරන්නේ ඒකපාර්ශිකව මේ කරුණු දැක්වීම සම්බන්ධයෙන් ඔබේ අවධානය යොමු කරන්න. මහජනතාවගේ සේවකයෙක් විදිහට අවුරුදු 12 ක කාලයක් අපගේ සේවාදායකයා කැබිනට් ඇමතිකම් කරලා තියෙනවා, විශාල බලතල සහිත අමාත්‍යාංශ කරලා තියෙනවා, සත පහක් වංචා කළා හෝ දුෂණයක් කළා කියලා චෝදනාවක් නැහැ, මහ ජනතාවගේ වරම පාවලා දිලා මහජනතාවට වෙනත් විදිහට කටයුතු කරන දේශපාලඥයෙක් නෙමෙයි චම්පික රණවක මැතිතුමා.

නීතියේ ආධිපත්‍යය ගරු කරන පුරවැසියෙක් ලෙස චම්පික රණවක මහතා මේ වන විට ලංකා රෝහලේ කොරෝනා පරීක්ෂණය සඳහා යොමුව ඇති අතර, ඒ සම්බන්ධ පරීක්ෂණ වාර්තාව පැමිණීමෙන් පසු අනෙක් සියළු වෛද්‍ය වාර්තා නිකුත් කෙරෙනු ඇත.

“අධිකරණය විසින් අද යම් යම් ආයතනයන් වලට සහ විශේෂයෙන් අධිකරණ වෛද්‍යවරයාට නියමයක් කළා ඒ සම්බන්ධයෙන් පරික්ෂා කරලා බලලා වාර්තාවක් අධිකරණයට. සති 2 කින් ලබා දෙන්න කියලා. අපි ඉතාම සතුටට පත්වෙනවා. මොකද අපිටත් ඕනේ අපි කිව්ව කාරණාව සත්‍ය බව දන්වා සිටින්න.”

අධිකරණය ඉදිරියේ අවශ්‍ය අවස්ථාවල දී පෙනී සිටි වගකිවයුතු පුරවැසියෙක් ලෙස කටයුතු කර ඇති රණවක මහතාට ඇති වූ හදිසි තත්ත්වයක් හේතුවෙන් මෙසේ අධිකරණයට පැමිණිය නොහැකි වූවා මිස ඔහුගේ දේශපාලන කටයුත්තට හෝ ඔහුගේ අනාගත අධිකරණයේ පෙනී සිටීම සම්බන්ධයෙන් මෙහි කිසිදු බලපෑමක් නොවන බවත්; තමන් සෘජුවම අධිකරණය ඉදිරියේ පෙනී සිට තම සේවාදායකයාගේ නිර්දොෂීභාවය ඔප්පු කරන බවත් නීතීඥ රජික කොඩිතුවක්කු මහතා අවධාරණය කළේය.

– media unit

ජනාධිපති රාජාසන කතාව : දින තුනේ විවාදයට ආණ්ඩුව බෑ කියලා !

ජනවාරි 18 පාර්ලිමේන්තු සැසිවාරය විවෘත කිරීමේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් සිදු කරනු ලබන රාජාසන කතාවට දින තුනක විවාදයක් අවශ්‍ය බවට විපක්ෂය ගෙන ආ යෝජනාව ආණ්ඩු පක්ෂයේ දැඩි විරෝධය මත සංශෝධනය කර ඇති බව වාර්තා වෙයි.

අද (11) කතානායකගේ ප්‍රධානත්වයෙන් පැවති පක්ෂ නායක රැස්වීමේදී දින තුනක විවාදය ප්‍රතිකේෂ්ප කළ ආණ්ඩු පාර්ශ්වය දින දෙකකට පමණක් එකඟවී ඇත.

ඒ අනුව ජනවාරි 19-20 යන දෙදින ජනාධිපතිතුමාගේ රාජාසන කතාවට පාර්ලිමේන්තුවේ විවාදයක් පැවැත්වීමට නියමිතය.

මම කවුද කියලා අගමැති අයියාගෙන් අහගන්න : සුසිල්ගෙන් ජනාධිපතිට ප්‍රතිචාර !

තමන් ගැන සොයන්න කලින් ආණ්ඩුවට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට ගිය ඇමතිවරුන් ගැන සොයා බලන්නයි පාර්ලිමේන්තු මන්ත්‍රී සුසිල් ප්‍රේමජයන්ත සඳහන් කරයි.

විවේචන පමණක් කරමින් සිටින්නේ අකාර්යක්ෂම පුද්ගලයන් යැයි ජනාධිපතිවරයා විසින් මොනරාගල ප්‍රදේශයේ දී කළ ප්‍රකාශයකට ප්‍රතිචාර දක්වමින් බව සීනිව්ස් වෙබ් අඩවිය වාර්තා කර ඇත.

කැබිනට් ඇමතිවරුන්ගේ සාමූහික වගකීම ආණ්ඩුකම ව්‍යවස්ථාවේ 42 වගන්තියේ පැහැදිලිව දැක්වෙන බවත් කැබිනට් තීන්දුවකට එරෙහිව ඇතැම් ඇමතිවරුන් ශ්‍රේෂ්ඨාධිකරණයට යාම ගැන කියන්නේ කුමක් දැයි තමා ප්‍රශ්න කරන බවත් හිටපු අමාත්‍යවරයා පවසා ඇත.

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම්වරයා ලෙස වසර 11ක් කටයුතු කළ තමන්ගේ විනය ගැන මහින්ද රාජපක්ෂගෙන් අසා දැන ගන්නයි තමන් ඉල්ලා සිටින බවද ඔහු සදහන් කලේය.

කාර්යක්ෂමතාවය යන වචනයේ තේරුම නිවැරදි දේ කිරීම බවත් තමන් කරන්නේ ද හරි දේ මිස වැරදි දේ නොවන බවත් හිටපු අමාත්‍යවරයා කියා සිටියේය.

තමන් පාර්ලිමේන්තුවට තේරී පත්ව ඇත්තේ ජනතාවගේ දැවෙන ප්‍රශ්න කතා කිරීමට ද පැවසූ ඔහු තමන් අමාත්‍ය ධූරයේ සිටින අවස්ථාවට වඩා දැන් හොඳ ප්‍රතිචාර ලැබෙන බව ද තවදුරටත් පැවසීය.

පුළුල් ජාතික වැඩපිළිවෙළක් - නව සන්ධානයක් - අලුත් ආණ්ඩුවක් : මෛත්‍රී හෙළිකරයි !

ඉදිරියේදී පුළුල් ජාතික වැඩපිළිවෙළක් සහිත නව සන්ධානයක් හරහා නව ආණ්ඩුවක් පිහිටුවීමට සූදානම් බව හිටපු ජනාධිපති , ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති , මෛත්‍රීපාල සිරිසේන සඳහන් කරයි.

ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය ඉදිරි කාලය තුළ ප‍්‍රබල හා ශක්තිමත් දේශපාලන පක්ෂයක් ලෙස ගොඩනගන බව ද ඔහු පවසයි .

ඔහු මේ බව සඳහන් කර සිටියේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ පැවති නව මාධ්‍ය ඒකකය විවෘත කිරීමට එක්වෙමින්ය.

තම පක්ෂය විසින් ඉදිරියේදී පුළුල් ජාතික වැඩපිළිවෙළක් ඉදිරිපත් කරන බවත් ඒ හා එක්වන අය සමග ඉදිරියේ නව ආණ්ඩුවක් පිහිටුවන බවත් හිටපු ජනාධිපති එහිදී පවසා සිටියේය.

ජනාධිපතිට පෙර ජොනී ක්‍රියාත්මක වෙයි : අමාත්‍යංශයේ සියලු ලොක්කත් ගෙදර ?

කැබිනට් මණ්ඩල සංශෝධනයක් සමග රාජ්‍ය ආයතන ප්‍රධානීන් රැසක් ඉවත්කර අලුතින්ම පත්කිරීමට ආණ්ඩුව තීරණය කර ඇති බව පසුගිය සමයේ දේශපාලන කරළියේ පැතිරගිය පුවතක් විය.

කෙසේ වුවත් ඊට පෙර මහා මාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු ක්‍රියාත්මක වී ඇති බව වාර්තා වෙයි.

ඒ අනුව මහාමාර්ග අමාත්‍යවරයා වන ජොන්ස්ටන් ප‍්‍රනාන්දු, එම අමාත්‍යංශය යටතේ පවතින සියළු ආයතනවල සභාපතිවරු සහ අධ්‍යක්ෂ මණ්ඩල ඉවත්කර ඇති බවට මාධ්‍ය වාර්තා පළ වේ.

මග නැගුම, මාර්ග සංවර්ධන අධිකාරිය, යන්ත්‍රෝපකරණ සමාගම, අධිවේගී මාර්ග ප‍්‍රවාහන සමාගම් යනා දී වශයෙන් මහාමාර්ග අමාත්‍යංශයට අයත් සියළුම ආයතනවල සභාපතිවරු සහ අධ්‍යක්ෂක මණ්ඩල සාමාජිකයන් අමාත්‍යවරයාගේ නියෝගයෙන් මෙසේ ඉවත් කර තිබේ.

ප්‍රදේශ අනුව විදුලිය කප්පාදු වන කාලසටහන මෙන්න

ප්‍රදේශ අනුව විදුලිය කප්පාදු කරන කාලසටහනක් ලංකා විදුලිබල මණ්ඩලය විසින් ප්‍රකාශයට පත් කරනු ලැබ තිබේ..

ඒ අනුව, එය මෙසේය.

1

2

3 1

4 1

5

6

7

8

9

10

11

12

13

14

15 16

17

පාඨලීගේ ඉල්ලීම ගැන : 24 තීන්දුවක් !

රාජගිරියේදී සිදුවූ රිය අනතුර සම්බන්ධයෙන් තමන් ඇතුලු තිදෙනකුට එරෙහිව පරා ඇති නඩුවේ සාක්ෂි විභාගය අත්හිටුවන ලෙසට පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක ඉදිරිපත් කර තිබූ ප්‍රතිශෝධන පෙත්සම විභාගයට ගන්නාවද? නැද්ද යන්න සම්බන්ධ නියෝගය ලබන 24 වැනිදා තෙක් කල් තැබීමට අභියාචනාධිකරණය ඊයේ (10) තීන්දු කළේය.

මෙම ප්‍රතිශෝධන පෙත්සම අභියාචනාධිකරණ විනිසුරු මේනකා විජේසුන්දර සහ එස් කුමාරන් රත්නම් යන මහත්ම මහත්මින් හමුවේ ඊයේ (10) සැලකිල්ලට ගත් අවස්ථාවේදී මෙම කරුණු ඉදිරිපත් විණී.

අපරික්ෂාකාරී ලෙස රිය පදවා 2016 වර්ෂයේදී තරුණයකු බරපතල අනතුරකට ලක් කිරිමේ සිද්ධියට අදාළ සාක්ෂි වසන් කිරීම සහ සාක්ෂි ගෙතූ බවට චෝදනා කරමින් තමන්ට එහෙිව කොළඹ මහාධිකරණය හමුවේ නඩුවක් ගොනුකර ඇති බවත් එම නඩු විභාගය අත්හිටුවන ලෙසත් අමාත්‍යවරයා මෙම ප්‍රතිශෝධන පෙත්සමෙන් ඉල්ලා තිබිණී.

Lankadeepa

කොවිඩ් මරණ 15,134ක් දක්වා ඉහළට

තවත් කොවිඩ් මරණ 15ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ.

සෞඛ්‍ය අංශ පෙන්වා දෙන්නේ එම මරණ ඊයේ (09) තහවුරු කර ඇති බවය.

ඒ අනුව, මෙරටින් මේ දක්වා වාර්තා වී ඇති මුළු කොවිඩ් මරණ ගණන 15,134කි.

පොහොර අර්බුදය ගැන කම්පාවක් මහින්දානන්දට නැතිලු !

පොහොර ගැටලුව සම්බන්යෙන් තමන් කම්පාවට පත් නොවන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ පවසයි.

කෘෂිකර්ම අමාත්‍යවරයා මේ බව පැවසුවේ ගොවීන් විශාල පිරිසක් පොහොර අර්බුදයකට මුහුණ දෙමින් සිටින පසුබිමකය.

ගාල්ලේ අද (10) පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍යවේදීන් ඇසු ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය.

ප්‍රශ්නය - "මේ තත්ත්වයත් එක්ක සතුටක්ද කළකිරීමක්ද තියෙන්නේ?"

පිළිතුර - "කිසි කළකිරීමක් නෑ. මේ චේතනාව හොඳ දෙයක්. හොඳ ව්‍යාපෘතියක් කළේ. මේකේ අඩු පාඩුකම් තියෙනවා. ඒ නිසා පැහැදිලිවම මෙතනදී ගොවීන්ට කිසිදු අසාධාරණයක් නොවී අපි මේ රටේ ජාතික අවශ්‍යතාවයන් සම්පූර්ණ කරගෙන මේ වැඩේ කරගෙන යන්නයි හදන්නේ. ව්‍යාපෘතියක් කිරීමේදී නැගීම් බැසීම් තියෙනවා. සාර්ථක වෙන්න පුළුවන්, අසාර්ථ වෙන්න පුළුවන්. නමුත් ආණ්ඩුව මේක හොඳ චේතනාවකින් කළේ."

කටුනායක ගුවන් තොටුපළට හොලිවුඩ් අත්දැකීමක් ගෙනා විදේශිකයාගේ වික්‍රමය !

ව්‍යාජ ගුවන් ගමන් බලපත්‍රයක් මඟින් අබුඩාබි ඔස්සේ ප්‍රංශයේ පැරිස් වෙත පළා යාමට තැත් කළ ජාතිකත්වය හඳුනා නොගත් විදේශිකයෙකු, සඳුදා හිමිදිරියේ කටුනායක ගුවන් තොටුපළේ දී අත්අඩංගුවට ගැනින.

මහත් ආන්දෝලනයක් ඇති කළ පැය ගණනක ත්‍රාසජනක මෙහෙයුමකින් අනතුරුව මොහු අත්අඩංගුවට ගැනීමේ පුවත වාර්තා වන්නේ කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ ආරක්ෂාව පිළිබඳව ප්‍රශ්න ඇති කරමිනි.

ගුවන් තොටුපළේ ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් අත් අඩංගුවට ගැනීමට සූදානම් වන විට එයින් මිදී පැන දුවන්නට වූ මෙම විදේශිකයා, ගුවන් තොටුපළ වහලයට නැග ගුවන් තොටුපළෙන් පිටතට දිව යමින් සිටිය දී ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන්, ශ්‍රී ලංකා ගුවන් හමුදා කොමාන්ඩෝ භටයින්, ගුවන් තොටුපළ ආරක්ෂක නිලධාරීන් සහ කටුනායක ගුවන් තොටුපළ පොලිසියේ නිලධාරීන් එක්ව කළ ලුහුබැඳීමක ප්‍රතිඵලයක් ලෙස අල්ලා අත්අඩංගුවට ගෙන ඇතැ යි ගුවන්තොටුපළ ප්‍රකාශකයකු බීබීසී සිංහල සමග පැවසීය.

මොහු සුදු හම සහිත හැඩි දැඩි විදේශිකයෙකු වන අතර, ජනවාරි 10 දින අලුයම 02.45ට අබුඩාබි ඔස්සේ ප්‍රංශයේ පැරිස් වෙත යෑමේ අරමුණෙන් එතිහාඩ් ගුවන් සේවයේ EY 265 දරන ගුවන් යානයට නැගීම සඳහා කටුනායක ගුවන්තොටුපළ වෙත පැමිණ ඇති බවට ගුවන් තොටුපළ ආරක්ෂක නිලධාරීන් පැවසිය.

ජනවාරි 10 දින අලුයම 01.00ට පමණ කටුනායක ගුවන් තොටුපළ පිටත්වීමේ පර්යන්තය වෙත පිවිසි මොහු, ගුවන් ප්‍රවේශ පත්‍රය ද ලබා ගැනීමෙන් අනතුරුව විගමන කවුළුව වෙත පැමිණ ඇත. ලියකියවිලි නිශ්කාශනය කර ගැනීම සඳහා ඔහු ඉදිරිපත් කළ ෂීෂෙල්ස් ජාතික ගුවන් ගමන් බලපත්‍රය පිළිබඳව සැක සිතූ ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන්, එම ගමන් බලපත්‍රය දේශසීමා ආවේක්ෂණ ඒකකයේ නිලධාරීන් වෙත තාක්ෂණික පරීක්ෂණ සදහා යොමුකර තිබේ.

ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් ප්‍රශ්න කිරීම් සිදු කරමින් සිටිය දී එකවරම හිඳගෙන සිටි පුටුවෙන් නැගිටගත මෙම විදේශිකයා, පිටත්වීමේ පර්යන්තය ඔස්සේ දිව යන්නට වූ බව ගුවන් තොටුපළ ආරක්ෂක නිලධාරීන් පැවසීය.

ආගමන විගමන මෙන්ම ගුවන් තොටුපළ නිලධාරීන් ද වික්ෂිප්ත කරමින්, පිටත්වීමේ පර්යන්තය ඔස්සේ දිව යමින් සිටි ඔහු රේගු පරිශ්‍රය හරහා දිවගොස්, චිත්‍රපට දර්ශනයක මෙන් ගුවන් තොටුපළ ආරක්ෂක නිලධාරීන්ගේ ආරක්ෂක වැටවල් උඩින් පනිමින් දිව ගිය බවට එම නිලධාරීහු ප්‍රකාශ කළෝ ය.

ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් සිව් දෙනෙකු සහ ගුවන් තොටුපළ ආරක්ෂක නිලධාරීන් පිරිසක් ද මොහු පිටුපස ලුහුබඳිමින් සිටිය ද ඔහු ඔවුන්ගෙන් මිදී පලාගොස් ඇත.

මේ සදහා මොහුට ගතවූයේ ඉතා සුළු කාලයක් පමණක් බව ගුවන් තොටුපළ බලධාරීන් බීබීසී සිංහල සේවයට පැවසීය.

ගුවන් තොටුපළ පිටත්වීමේ පර්යන්තයේ රාජකාරී කරමින් සිටි ආගමන විගමන දෙපාර්තමේන්තු බලලත් නිලධාරීවරයා මෙහිදී ක්‍රියාත්මක වී, මේ පිළිබඳව කටුනායක ගුවන් තොටුපළ ගුවන් හමුදා කදවුර, ගුවන් තොටුපළ පොලීසිය, සහ ගුවන් තොටුපළ ආරක්ෂක ප්‍රධානීන් දුරකථන ඔස්සේ දැනුවත් කිරීමට පියවර ගෙන තිබුණි.

නිලධාරීන්ගෙන් ගැලවීගත් විදේශිකයා, අසල ඇති තාප්පයකට නැඟ, එයින් ගුවන් තොටුපළ පිටත්වීමේ පර්යන්තයේ වහළයට නැග, ඒ මත සැඟවී සිට ඇත. මේ බැව් ගුවන් තොටුපළ ආරක්ෂක කැමරා හරහා නිරීක්ෂණය කරමින් සිටි ගුවන් හමුදාව, ඔහු වහලයේ සැඟවී සිටි ස්ථානය වෙත වහා ගුවන් හමුදා කොමාන්ඩෝ භට පිරිසක් යොමුකර තිබිණි.

එවිට මෙම විදේශිකයා එම වහලය මත දිව ගොස් කටුනායක ගුවන් තොටුපළෙන් පිටත්ව යන මාර්ගයට පැන, ගුවන් තොටුපළෙන් පිටතට පළා යෑමට සූදානම් වී තිබේ.

එහිදී නිලධාරීන් විශාල පිරිසක් මොහු වටකර ගුවන් තොටුපළින් පිටතට යාමේ දොරටුව අසල දී අත් අඩංගුවට ගෙන ඇත.

මෙම විදේශිකයාගේ ගෙල ප්‍රදේශයේ පැහැදිලිව පිටතට පෙනෙන සේ 4693 ලෙස සදහන් අංකයක් පච්ච කොටා ඇති බවට බලධාරීන් පවසන අතර මොහු විදේශික බන්ධනාගාරයකින් පළා ආ පුද්ගලයෙකු හෝ කිසියම් ජාත්‍යන්තර ත්‍රස්තවාදී කල්ලියක හෝ විදේශීය රටක හමුදා සාමාජිකයකු විය හැකි බවට ගුවන් තොටුපළ ආරක්ෂක අංශ බීබීසී සිංහල සමග කියා සිටියේ ය.

"මෙසේ තාප්පය මත දිව යාම, වහලයෙන් වහලයට පැන යාම, ගුවන් තොටුපළ පරිශ්‍රයේ ආරක්ෂක නිලධාරීන්ට අභියෝග කරමින් දිව යාම වැනි කටයුතු, මේ පිළිබඳව මනා පුහුණුවක් ලද පුද්ගලයෙකුට පමණක් සිදු කළ හැකි ක්‍රියාදාමයන්," ගුවන් තොටුපළ ආරක්ෂක අංශ ප්‍රකාශකයෙකු පැවසීය.

අත්අඩංගුවට පත්වූ පුද්ගලයා මේ වනවිට කටුනායක ගුවන් තොටුපළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් වෙත වැඩිදුර විමර්ශන කටයුතු සදහා භාර දී ඇති බව ඔහු ප්‍රකාශ කරයි.

BBC

කැබිනට් සංශෝධනය කල් යයිද ? ජනාධිපතිගේ අලුත්ම ගැසට් එක මෙන්න !

අමාත්‍යංශ 10ක විෂය පථයන් සංශෝධනය කරමින් ජනපති ගෝඨාභය රාජපක්ෂ විසින් අති විශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කර තිබේ.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් දේශපාලන විචාරකයන් පවසන්නේ මෑතකදී සිදුකරන බවට ප්‍රසිද්ධව තිබූ කැබිනට් සංශෝධනය කල්‍ යනු ඇති බවයි.

සාමාන්‍යයෙන් එවැන්නක් තාර්කික විය හැකි නමුත් මේ සියල්ල එක රැයින් වෙනස් විය හැකි බවත් , ගැසට් නිකුත්කරමින් සහ ක්ෂණිකව ඒවා නැවත වෙනස් කිරීම මේ ආණ්ඩුවේ සුලබ කරුණක් වීම ඊට හේතුව බවත් ඔවුන් පවසයි.

නව අමාත්‍යංශ විෂය පථයෙන් වෙනස් කිරීමට ජනාධිපති නිකුත්කළ ගැසට් නිවේදනය පහත දැක්වෙයි.

4e354c1a 2261 97 s page 001d7866c17 2261 97 s page 002

fd99b026 2261 97 s page 003

0bc136eb 2261 97 s page 004

fdbad519 2261 97 s page 005

53de1cdc 2261 97 s page 006

6cc7f8c3 2261 97 s page 007

ගම්මන්පිල ඉල්ලපු ඩොලර් නැත්නම් : රටම දවස් 10න් කොට උඩ !

ඉදිරි කාලයට අවශ්‍යය ඉන්ධන තොග ආනයනය සඳහා ඇමෙරිකානු ඩොලර් මිලියන දෙසීයක පමණ හිඟයක් ඇතිවී තිබෙන බව විෂය භාර අමාත්‍ය උදය ගම්මන්පිල උපුටා දක්වමින් ආණ්ඩුව හිතවාදී වෙබ් අඩවි වාර්තා කරයි.

අදාළ පුවත අනුව මතුව ඇති තත්ත්වය සම්බන්ධයෙන් අදහස් දක්වන බලශක්ති ඇමති උදය ගම්මන්පිල පවසා ඇත්තේ එම හිඟ මුදල් වහා ලබා දෙන ලෙස අද (10) පැවැත්වෙන කැබිනට් මණ්ඩල රැස්වීමේදී ඉල්ලීමක් කරන බවයි.

වැඩිදුරටත් අඩහස් දවන උදය ගම්මන්පිල අමාත්‍යවරයා , ජනවාරි මාසයේ මෙරට පරිභෝජනයට අවශ්‍ය ඉන්ධන සඳහා ඩොලර් මිලියන 350ක් අවශ්‍ය බවත් දැනට තෙල් සංස්ථාව සතුව ඇත්තේ ඩොලර් මිලියන 150 ක් පමණ බවත් අනාවරණය කර ඇත .

උදය ගම්මන්පිල අමාත්‍යවරයා මෙම මාසයේ ඉන්ධන අවශ්‍යතාවය සපුරාලීමට තවත් ඩොලර් මිලියන 200ක මුදලක් ලබා දෙන්නැයි ඉල්ලීමක් කරන බව පවසා ඇත්තේ ඒ අනුව ය.

ඉදිරි දින 10ක කාලයක් සඳහා අවශ්‍ය ඉන්ධන තෙල් සංස්ථාව සතුව තිබෙන බව පවසන අමාත්‍යවරයා අදාළ මුදල කැබිනට් මණ්ඩලයෙන් ලබා දෙනු ඇතැයි තමන් විශ්වාස කරන බවත් පවසා ඇත .

බැඳුම්කර ණය ගෙවීමට : සියලු ණයවර ලිපි නිකුත්කිරීම නවතන නියෝගයක් !

එළඹෙන ජනවාරි 18 වන දින ආපසු ගෙවීමට නියමිත ඩොලර් මිලියන 500ක ජාත්‍යයන්තර බැඳුම්කර වගකීම් හෙවත් ණය සඳහා ඩොලර් ඉතිරි කර ගැනීම ඉලක්ක කර ගෙන බැංකුවලින් ණයවර ලිපි නිකුත් කිරීම අත් හිටුවන ලෙස මහ බැංකුව විසින් රජයට අයත් වානිජ බැංකුවලට උපදෙස් ලබා දී ඇති බව ආණ්ඩුව හිතවාදී වෙබ් අඩවියක් වන ලීඩ් නිව්ස් පවසයි.

අදාළ පුවත වැඩිදුරටත් මෙසේද සඳහන් කරයි.

ඒ අනුව අත්‍යයවශ්‍යය ආනයන සඳහා ණයවර ලිපි නිකුත් කිරීම නවතා දමන බව එම බැංකුවල අභ්‍යයන්තර ආරංචි මාර්ග පවසයි.මහ බැංකුව විසින් මෙම තීන්දුව ගෙන ඇත්තේ රන් සංචිත විකුණා දැමීම මගින් උපාය ගත් ඩොලර් මිලියන 206ක මුදලට අමතරව ඉතිරි මුදල සොයා ගැනීමට බව අදාළ ආරංචි මාර්ග සඳහන් කරයි යනුවෙන් ද අදාළ පුවත පවසයි.

ජනමතවිචාරණවලට ලෑස්ති වෙන්න එපා : ඒවා වානා - මෛත්‍රී ආණ්ඩුවෙන් ගේම ඉල්ලයි !

ජනමත විචාරණයක් මගින් කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් නැතිවූ වසර 2 ක කාලය නැවත ලබාගන්නට තමන්ට තරුණයකු යෝජනා කළ බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පසුගියදා පැවසූ අතර ඊට හැරෙන තැපෑලෙන් විරෝධය දැක්වීමට හිටපු ජනාධිපති , ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති මෛත්‍රීපාල සිරිසේන කටයුතු කර ඇත.

ඒ ඊයේ (09) මාතර පැවති ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මාතර දිස්ත්‍රික් සමුළුව ට එක්වෙමිනි.

එහිදී හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසා සිටියේ , ජනමතවිචාරණයක් මගින් වත්මන් ආණ්ඩුවේ කාලය දිර්ඝ කරගැනීමට සුදානම් නොවන ලෙසයි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන එහිදී වැඩිදුරටත් මෙසේද පැවසීය,

“රටම අවුල්. මේ ලෝකෙ දෙයක් දන්නේ නැති අය කියනවා.. මැතිනියගේ කාලේ වගේලු දැනුත් කන්න නෑ. පෝලිම් කියලා. මම මැතිනියගේ කාලේ සතොසෙන් බඩු බෙදාහැරිය සැපයීම් නිලධාරියෙක්. මෙහෙම අහේනියක් තිබුණේ නෑ. මෙහෙම පෝලිම්වල කවුරුත් කුණුහරුප කිව්වේ නෑ. තනියෙන් රටක් කරන්න පුළුවන් කියලා හිතන්න එපා. හොඳ කණ්ඩායමක් ඉන්න ඕනේ. අවුරුදු 5ක් මම තනියම ආණ්ඩු කරපු කෙනෙක්. මං වෙනුවෙන් කතා කරන්න පාර්ලිමේන්තුවේ මන්ත්‍රිවරයෙක් හිටියේ නෑ. ආණ්ඩුවෙත් නෑ. විපක්ෂයෙත් නෑ. එහෙම අගමැති, ඇමති මණ්ඩලයක් නැතුවත් මම අද තියෙන අර්බුදයට රට දැම්මේ නෑ. 2015ටත් වඩා අඩුවෙන් බඩු මිල තිබුණේ අපේ කාලේ. අමාරුවෙන් රුපියල් 2කින් තෙල් මිල වැඩි කළාම, පොහොට්ටුවේ නායකයෝ බයිසිකල් පැද්දා. ඒ අතර දන්නවානේ…පොල් බෑය, ලූනු ගෙඩිය පෙන්නලා අහපුවා. දැන් සනීපද.. සැපද.. ඇහුවා. දැන් රටම අසනීපයි. ජනාධිපති ඡන්දයට කලින් ශ්‍රීලනිපය ගැන පුදුම වටිනාකමක් තිබ්බේ. පොදු ජන පෙරමුණේ ඉහළම නායකයෝ මාව කීසැරයක් හමුවුණා ද?. වන් ටූ ත්‍රී තුන්දෙනා වෙනවෙනම මාව හමුවුණා. ශ්‍රීලනිපය නැතිව දිනන්න බෑ කියපු අය ඡන්දෙන් පසු පළමු සතියේම සන්ධාන ගිවිසුම කඩකළා. ගිවිසුමේ කිසිම කාරණයක් අද වෙනකල් ඉටු කරලා නෑ. කරපිංචා වගේ අරගෙන විසි කෙරුවා. ජනාධිපති ඡන්දයක් ළඟදි එන්නේ නෑ. ජාතික මැතිවරණයකට එන්නේ පාර්ලිමේන්තු මැතිවරණය. සමහරු කියනවා ජනමත විචාරණයක් ගැන. ජනමත විචාරණ තියලා කල් දිග් කරගන්න ලෑස්ති වෙන්න එපා. ඒක කවදාවත් කෙරෙන්නේ නැති වැඩක්.”

චීන විදෙස් ඇමතිගෙන් ජනාධිපති ගෝඨාභය ඉල්ලපු දේවල් මෙන්න !

චීන විදේශ කටයුතු අමාත්‍ය වෑන්ග් යී සහ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අතර ජනාධිපති මන්දිරයේ දී සිදුවූ හමුවේදී ඉල්ලීම් කිහිපයක් සිදුකිරීමට ජනාධිපතිවරයා පියවර ගෙන ඇත.

ජනාධිපතිවරයාගේ නිල ෆේස් බුක් ගිණුමේ සටහන් කර තිබෙන ආකාරයට , චීන සංචාරකයන් මෙරටට එවීමට අදාලවත්, චීනයෙන් ගෙන තිබෙන ණය ආපසු ගෙවීම ප‍්‍රතිව්‍යුහගත කර දෙන ලෙසත්, චීනයෙන් භාණ්ඩ ආනයනයේ දී වෙළද ණය ක‍්‍රමයක් සකස් කර දෙන ලෙසත්,ජනාධිපතිවරයා චීන විදේශ කටයුතු අමාත්‍යවරයාගෙන් ඉල්ලා තිබේ.

මේ ඉල්ලීම් සම්බන්ධයෙන් චීන විදේශ කටයුතු අමාත්‍යවරයාගේ ප‍්‍රතිචාරය කුමක් වී දැයි සදහන් කර නොතිබුණද, චීන විදේශ කටයුතු අමාත්‍යවරයා, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට නුදුරු දිනයක දීම චීනයේ සංචාරයකට පැමිණෙන ලෙස ආරාධන කර තිබෙන බවද එම ෆේස් බුක් සටහනේ සදහන්ව තිබේ.

බැසිල්ගේ ගෝලයන් IMF යාමේ සටනට බහියි !

මේ වන විට ආණ්ඩුව IMF ප්‍රතිකේෂ්ප කිරීමේ මතය වෙනස් කරමින් සිටින බවක් පෙන්නුම් කරයි.

ඒ අනුව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ ගේ සමීපතම මැති ඇමතිවරුන් යොදවා මූල්‍ය අර්බුදයට සහනයක් ගන්න IMF යාමේ වැදගත්කම මතුකරවන තත්ත්වයක් පෙන්නුම් කරයි.

ඒ සමග රාජ්‍ය අමාත්‍ය නිමල් ලන්සාද පසුගියදා ජනහමුවක් අමතමින් IMF යාම අත්‍යවශ්‍ය බව අවධාරණය කර ඇත.

එහිදී අමාත්‍යවරයා පවසා සිටියේ මේ මොහොතේ රට මුහුණ දී තිබෙන ආර්ථික අර්බුදයෙන් ගැලවීමට නම් ජාත්‍යන්තර මුල්‍ය අරමුදල වෙත යා යුතු බව පවසන අමාත්‍යවරයා ගැටළුවලට විසඳුම් නොලැබෙන්නේ නම් අනාගතයේ පාරට බැසීමට වත් බැරි තත්ත්වයක් මතු ව ඇති බවය.

ජනතාවගේ ප්‍රශ්න කතා කිරීම තනතුරුවලින් ඉවත් කිරීමට හේතු වන්නේ නම් තමන් අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වීමට සූදානම් බව රාජ්‍ය අමාත්‍ය නිමල් ලන්සා මහතා සඳහන් කරයි.

ජනතාව පෝලිම්වල රස්තියාදු වීම සිදු නොවිය යුතු දෙයක් බව ද පවසන ඔහු එවන් දේ දැක දැක නොදැක්කා සේ සිටිය නොහැකි බවද කියා සිටී.

රජය විවේචනය කරන මැති ඇමතිවරුන් හරහා පිටවෙන්නේ පොදු මහ ජනතාවගේ හඬ බවත් එනිසා එම විවේචනයන්ට සාවධානව කන් දිය යුතු බවත් ඔහු පෙන්වා දෙයි.

Page 383 of 463