පුවත්

සජිත්ගේ පැතුම විපක්ෂ නායක !
අන්තර් පාලනයක් යනු මෙරට බහුතර ජනතාවගේ පොදු තීන්දුවක් නොවන අතර තම තමන්ගේ හිත සුව පිණිස තනතුරු හා වරප්‍රසාද බෙදා ගැනීමක් බැවින් රට අපේක්ෂා නොකරන දෙයකට තමන් එකඟ නොවන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස බීබීසීය සමග කළ විශේෂ සංවාදයකදී පැවසුවේය.
''රට ඉල්ලන්නේ නැති දෙකට සක්විති රජකම දෙනවා කිවුවත් ඒ පාවාදීම මම කරන්නේ නෑ. කවුරුහරි බහුතර කණ්ඩායමක් කිවුවොත් නෑ මේකම කෙරෙන්න ඕනා කියලා ඒ ගොල්ලන්ට කරගන්න කියනවා. මම එතන නෑ. තමන්ට ඕනා විදියකට 225ට එකතුවෙලා පුළුවන්ද ලක්ෂ 220 වෙනුවෙන් තම තමන්ගේ රුචිඅරුචිකම් අනුව ගනුදෙනු කරන්න. '' යනුවෙන් එහිදී ඔහු කියා සිටියේය.
කෙසේ වුවත් ඔහුට සමීප ආරංචි මාර්ග උපුටා දක්වමින් ප්‍රසිද්ධ youtube නාලිකාවක් පවසන්නේ විපක්ෂ නායක ධූරයෙ වරප්‍රසාද හේතුවෙන් ඔහු මේ මොහොතේ අගමැති නොවනු ඇති බවයි.
මේ වන විට අගමැති මහින්ද රාජපක්ෂ ගේ පුත්‍රයකු විසින් සජිත් ප්‍රේමදාස විපක්ෂ නායක ගේ හිතවතෙකු හරහා එවනු ලැබූ පණිවිඩයක් ගැනත් විපක්ෂ නනායකවරයා ගේ අවධානය යොමුව ඇති බවත් වාර්තා වෙයි.
ඒ අගමැති ට එරෙහිව විශ්වාසභංගය සම්මත වුවහොත් මහින්ද රාජපක්ෂ විපක්ෂ නායක වන බවයි. එහිදී අගමැති වීම සඳහා වත්මන් විපක්ෂ නායක වෙත බහුතරයක් ඇත්දැයි යන්න ප්‍රශ්න කර ඇති බවත් දේශපාලන ආරංචි මාර්ග පවසයි.

ප්‍රෝඩාව හමාරයි - ඉන්ධන මිල සූත්‍රය අවශ්‍යයි : පොහොට්ටුව පිළිගනියි !
ඉන්ධන මිල සංශෝධනය සඳහා මිල සූත්‍රයක් හඳුන්වා දෙන බව බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර පැවසීය.
ඩොලරයේ අගය ඉහළ යෑම නිසා සංස්ථාව විශාල වශයෙන් පාඩු ලබන තත්වයක් මතුව ඇතැයිද ඔහු සඳහන් කළේය.
මැයි මාසයේ මුල් සතිය වනතුරු ප්‍රමාණවත් ඉන්ධන තොග රටේ පවතින බව සඳහන් කළ අමාත්‍යවරයා විදුලි බලාගාර සඳහාද ප්‍රමාණවත් ඉන්ධන තොග නිකුත් කර ඇතැයි ද පැවසීය.
ඉන්ධන මිල ස්ථායිකරණ අරමුදල කෝ !
නව කැබිනට් අමාත්‍ය කාංචන විජේසේකර ගේ මේ ප්‍රකාශය අනුව මෙරටට වඩාත් ගැලපෙන්නේ ලෝකය පුරා පිළිගත් ක්‍රමවේදයක් වන ඉන්ධන මිල සූත්‍රය බව තහවුරු වෙයි.
කෙසේ වුවත් වත්මන් ආණ්ඩුවේ කොටස් විපක්ෂයේ සිටි අවධියේදී හිටපු මුදල් අමාත්‍ය මංගල සමරවීර හඳුන්වා දුන් ඉන්ධන මිල සූත්‍රය ට දැක්වූ විරෝධය ප්‍රෝඩාවක් බව ඒ අනුව තහවුරු වෙයි.
එසේම වත්මන් ආණ්ඩුව බලයට පත්වූ සැනින් ඉන්ධන මිල සූත්‍රය අහෝසි කර වඩාත් ගැලපෙන්නේ ඉන්ධන මිල ස්ථායිකරණ අරමුදල බව පවසා අරමුදලක් ගොඩනැගූ නමුත් එයත් ප්‍රෝඩාවක් බව මේ වන විට තහවුරු වෙයි.
අවසානයේ සිදුව ඇත්තේ මිනිසුන් රැවටීම පමණි.

අධිකරණ විෂයත් අලිසබ්‍රි ට !
මුදල් අමාත්‍ය ලෙස කටයුතු කරන අලිසබ්‍රි අධිකරණ අමාත්‍ය ධුරයෙහි අද (26) පස්වරුවේ කොළඹ කොටුව ජනාධිපති මන්දිරයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඉදිරියේ දිවුරුම් දී ඇති බව වාර්තා වෙයි.
ජනාධිපති ලේකම් ගාමිණී සෙනරත් ද මේ අවස්ථාවට එක්ව සිටියේය.
ජනාධිපති මාධ්‍ය අංශය මේ සම්බන්ධයෙන් වන නිවේදනය නිකුත්කර ඇත.
එසේම ඔහු මුදල් ඇමති ලෙසත් ඉදිරියට කටයුතු කරන බවත් වාර්තා වෙයි.

ලිට්‍රෝ ගෑස් මිල තවත් ඉහළට !
අද (26) මධ්‍යම රාත්‍රියේ සිට ලිට්‍රෝ ගෑස් සිලින්ඩරයක මිල රු 4,860ක් දක්වා ඉහළ දැමීමට තීරණය වී ඇත.
කෙසේ වුවත් අද මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති විජිත හේරත් පවසා සිටියේ කිලෝ ග‍්‍රෑම් 12.5 ගෘහස්ත ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 5175 ක් දක්වා මිල ඉහළ දැමීමක් සිදු කළ යුතු ම බවය.
නැත්නම් ගෑස් සැපයීම අත්හිටුවීමට සිදුවන බවත් ඔහු පැවසීය.

චීනාගේ හැටි පෙන්වයි : ණය ගෙවීමට ණයක් පමණයි !
ශ්‍රී ලංකාවට ලබාදී ඇති ණය ප්‍රතිව්‍යුහගත කළ නොහැකි බවත්, එම ණය ගෙවීමට තවත් ණයක් ලබාදීමට හැකි බවත්, චීනය යෝජනා කර ඇතැයි සම කැබිනට් ප්‍රකාශක, ජනමාධ්‍ය අමාත්‍ය නාලක ගොඩහේවා පවසයි.
විදේශ විනිමය අර්බුදය හේතුවෙන් මේ අවස්ථාවේ ණය ගෙවීම අසීරු බවත්, ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ අවශ්‍යතාවයක් ඇති බවත් ශ්‍රී ලංකාව ණය හිමියන්ට දැනුම් දී ඇති බව කී ඇමතිවරයා ණය දී ඇති බටහිර රටවල් එයට සාධනීය ප්‍රතිචාර දක්වා ඇතත් චීනය ඒ සම්බන්ධයෙන් වෙනත් ස්ථාවරයක් දරණ බවත් සඳහන් කළේය.
අමාත්‍ය නාලක ගොඩහේවා මේ බව පැවසුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී අද (26) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්නයකට ප්‍රතිචාර දක්වමින් ය.
චීනය ලෝකයේ විවිධ රටවලට ණය දී ඇති බැවින් එක රටකට පමණක් ණය ප්‍රතිව්‍යුහගත කිරීමට ගියහොත් අන් රටවලින් ද බලපෑමක් විය හැකි නිසා, එසේ නොකර ඒ ණය ගෙවීමට තවත් ණයක් දීමට සූදානම් බව ඔවුන් යෝජනා කර තිබෙන බව ද ඇමතිවරයා කීවේය.
මේ අවස්ථාවේ දී ශ්‍රී ලංකාවට ඇමෙරිකානු ඩොලර් බිලියන 4ක 5ක හදිසි අවශ්‍යතාවයක් තිබෙන නිසාත්, ණය ප්‍රතිව්‍යුහගත කිරීමට අවශ්‍ය නිසාත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ සාකච්ඡා කළ බවත්, ඔවුන් ඊට උපකාර කිරීමට සූදානම් බව ප්‍රකාශ කිරීමම විශාල ශක්තියක් බවත් අමාත්‍යවරයා පැවසීය.
ඒ තමයි චීනය !
මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් දේශපාලන විචාරකයන් පවසන්නේ චීනය ස්වාභාවය මෙය බවත් එය පුදුමවීමට හෝ ලතැවීමට කාරණයක් නොවන බවත් ය.
"ඒ තමයි චීනය. ඔවුන් ලෝකයේ පුරා කටයුතු කර තියෙන්නේ මෙහෙම. විශාල ව්‍යාපෘති වෙනුවෙන් කිසිම ඇගයීමක් නැතුව ඔවුන් ණය නිකුත්කර සිටිනවා. දූෂිත ආණ්ඩු, මූල්‍ය කළමනාකරණය , විනිවිද භාවය , ගෙවීම් හැකියාව , මේ කිසිම දෙයක් ඔවුන්ගේ න්‍යාය පත්‍රයේ නෑ. මේ ගැන බලන්න සූඩානය වැනි රටවල් ඓතිහාසික නිදර්ශන. ඔවුන් රටවල් අවි හෝ වෙනත් භෞතික උපක්‍රම හරහා ආක්‍රමණය කරන්නේ නෑ . නමුත් ණය දීම හරහා එය සිදුකර ආර්ථික මර්මස්ථාන අත්පත් කර ගන්නවා. රාජපක්ෂවරුන් ට ඔවුන් ලැදි මේ නිසා . දැන් කරන්න දෙයක් නෑ . කුම්බලා මාළු කෑවා නම් බළලෝ විඳවපන් තියරිය තියෙන්නේ " යැයි අප වෙත අදහස් දැක්වූ දේශපාලන විචාරකයකු පැවසීය.

අරගලයේ අලුත් ගම : මයිනාගෝගම අරලියගහ මන්දිරය අසල ඉදිවෙයි !
කොළඹ අගමැති නිල නිවස සහ කාර්‍යාලය ඇතුළත් අරලිය ගහ මන්දිරය ඉදිරියේ විරෝධතාකරුවන් විසින් මේ වන විට තාවකාලික කූඩාරම් ඉදිකර විරෝධය දක්වමින් සිටියි.
ජනාධිපති කාර්‍යාලය ආශ්‍රිත ගෝල්ෆේස් පිටිය ප්‍රදේශය " ගෝඨාගෝගම " ලෙස නම් කර ඇති අතර අරලිය ගහ මන්දිරය අසල " මයිනා ගෝ ගම " ලෙස නම්කර ඇත.
මේ අතර අරලිය ගහ මන්දිරය ආසන්නයේ විරෝධතාකරුවන් ඉවත් කිරීමට කොල්ලුපිටිය පොලිසිය විසින් අධිකරණ නියෝගයක් ලබා ගැනීමට උත්සාහ කළත් එය අධිකරණය ප්‍රතිකේෂ්ප කර ඇත.
කෙසේ වුවත් ඊයේ (25) රාත්‍රියේ අරලිය ගහ මන්දිරය අසල පදික වේදිකාව හරස් කර පොලිසිය විසින් බස් රථ කිහිපයක් යෙදූ අතර එහිදී විරෝධතාකරුවන් සහ පොලිසිය අතර උනුසුම් තත්ත්වයක් ඇති විය.
ඇතිවූ තත්ත්වය සජීවී ලෙස සමාජ මාධ්‍ය හරහා ප්‍රචාරය කරමින් විරෝධතාකරුවන් පොලිසියේ ක්‍රියාව දැඩිව විවේචනය කරනු දකින්නට ලැබිණ.

මිල වැඩි නොකළොත් ගෑස් සැපයුමත් නෑ : ලිට්‍රෝ සභාපති ප්‍රසිද්ධියේ කියයි !
කිලෝ ග‍්‍රෑම් 12.5 ගෘහස්ත ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 5175 ක් දක්වා මිල ඉහළ දැමීමක් සිදු කළ යුතු ම බවත් එසේ නොකරන්නේ නම් ගෑස් සැපයුම නතර කර දැමීමට සිදුවනු ඇති බවත් ලිට්‍රෝ ගෑස් සමාගම පවසයි.
අද (26) මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් සමාගමේ සභාපති විජිත හේරත් මේ බව පැවසීය.
එනිසා ඉදිරියේදී ගෑස් මිල වැඩිවීම රජය විසින් නිවේදනය කරනු ඇති බවද ඔහු පවසයි.
මිල වැඩි නොකිරීම මත සමාගමට දිනකට රුපියල් කෝටි 25ක අලාභයකට මුහුණදීමට සිදුවනු ඇති බවක් ඔහු පෙන්වා දෙයි.
ඉදිරියේදී ගෑස් සඳහා මිල සූත්‍රයක් ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බවත් සභාපතිවරයා මාධ්‍ය හමුවේ පැවසීය.
මේ වන විට ලාෆ් ගෑස් සමාගම සොය මෙහෙයුම් කටයුතු නවත්වා ඇති බව නිල වශයෙන් සඳහන් කර නැති නමුත් කිසිදු අලෙවි හලක ලාෆ් ගෑස් නොමැත. මේ වන විට යම් ප්‍රමාණයකට ගෑස් සැපයුම සිදුකරන්නේ ලිට්‍රෝ ගෑස් සමාගම පමණි. ඒ අනුව යම් ආකාරයකට ලිට්‍රෝ ගෑස් සමාගම සැපයුම නැවැත්වීමක් සිදුකළ හොත් මෙරට වෙළඳ පොළ තුළ ගෑස් නැත්තටම නැති වනු ඇත.

කිසිසේත් ඉල්ලා අස්වෙන්නේ නෑ - මහින්ද : 124 ක් ඉන්නවා පුත්තලමෙන් හඬක් !
තමන් කිසිසේත් අගමැති ධුරයෙන් ඉල්ලා අස් නොවන බව මහින්ද රාජපක්ෂ සඳහන් කර ඇත.
ඔහු මේ බව සදහන් කර ඇත්තේ අද (26) ශ්‍රී ලංකා පොදුජන පාර්ලිමේන්තු හා හිටපු පළාත් සභා මන්ත්‍රීවරුන් සමඟ පැවති හමුවකදීය.
එක එක්කෙනා කිව්ව පළියට ඉල්ලා අස්වීමට සූදානම් නැති බවත් විරුද්ධ පැත්තේ අය බහුතරය පෙන්වුවහොත් පමණක් ඉල්ලා අස්වීමට සූදානම් බවත් එහිදී අගමැති පවසා ඇත.
ශ්‍රී ලංකා පෙරමුණ සඳහන් කරන්නේ තමන්ට පාර්ලිමේන්තුවේ බහුතර බලය මේ වන විටත් ඇති බවයි.
124ක් ඉන්නවා - පුත්තලමෙන් හඬක්
මේ අතර පුත්තලම දිස්ත්‍රික්කය නියෝජනය කරන රාජ්‍ය අමාත්‍යවරයකු වන සනත් නිශාන්ත පවසා ඇත්තේ , අගමැති මහින්ද රාජපක්ෂට සහාය දැක්වීමට පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් 124 දෙනකු සිටින බවයි.
එම 124 නොසලකා හැර 113 නොපෙන්වන කණ්ඩායමකට යම් විදියකින් හෝ අගමැති ධුරය බාර දුනහොත් අගමැති මහින්ද රාජපක්ෂ ඇතුළු එම මන්ත්‍රීවරුන් 124 දෙනා විපක්ෂයේ අසුන් ගන්නා බවත් ඔහු පවසයි.

මහින්දගෙන් බලය ගිලිහෙයි !
මේ වන විට පාර්ලිමේන්තුව අභ්‍යන්තරයේ බහුතරය තහවුරු කිරීමට සමස්ථ විපක්ෂය සමත්ව ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල පවසයි.
සමගි ජනබලවේගය පක්ෂය විසින් , ආණ්ඩුවට එරෙහිව විශ්වාස භංග යෝජනාවක් ගෙන ඒමට සූදානම් වූ විට, 113 හදා ගන්නේ නැතුව විශ්වාස භංග යෝජනා ගෙනැවිත් එය ආණ්ඩුවට විශ්වාසය පල කිරීමේ යෝජනාවක් වේවි කියා විරුද්ධ වුවත් , මේ වන විට මන්ත්‍රීවරුන් 120ක් තම පාර්ශ්වය සමග බව ඔහු පවසනවා.
අද මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් ඔහු මේ බව පැවසූ අතර වැඩිදුරටත් මෙසේද සඳහන් කළේය .
"දැන් ඔන්න 113ට 120ක්ම හරි. අපි ගණන් හදලා බලමු. විපක්ෂයට හිටියේ මන්ත්‍රිවරුන් 65යි. අපි 42ක් විපක්ෂයට ආවාත් තුනක් ආපසු ගියා. දැන් ස්වාධීන මන්ත්‍රි කණ්ඩායමේ 39 එකතු කළාම 104යි. අන්තර්කාලින ආණ්ඩුවකට අවස්ථාව සලසමින් ආණ්ඩුව ඉල්ලා අස්විය යුතු බවට ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රිවරුන් 10ක් ලිඛිතව ප්‍රකාශ කළා. දැන් 114යි. ඒ අතරේ 20 වන සංශෝධනයේ දී ආණ්ඩුවට සහයට දීමට තීරණය කළ මුස්ලිම් මන්ත්‍රිවරුන් 3ක් ආණ්ඩුවට ලබා දෙන සහය ඉවත් කර ගෙන තම පක්ෂ වෙත යෑමට තීරණය කළා. දැන් 117යි. ඒ වගේම නාලක ගොඩහේවා ඇමතිතුමාත් ඩලස් අලහප්පෙරුම හිටපු ඇමතිතුමාත් චරිත හේරත් කෝප් සභාපතිතුමාත් අන්තර්කාලින ආණ්ඩුවකට සහය දක්වා ආණ්ඩුව ඉවත් විය යුතු බවට ප්‍රකාශ කර තිබෙනවා. දැන් 120යි. ඒ වගේම තම මතය දැනට ප්‍රසිද්ධ නොකළ තවත් පොහොට්ටුවේ මන්ත්‍රිවරුන් විශාල පිරිසක් විශ්වාසභංගයකදී සහය දැක්වීමට සිටින බව ඉතාම විශ්වාසයෙන් කියන්න කැමතියි."
මෙම මාධ්‍ය හමුවේදී අදහස් දක්වමින් ගම්මන්පිල මන්ත්‍රීවරයා, වැඩිදුරටත් අනාවරණය කර සිටියේ ,පසුගිය දින වල අගමැති මහින්ද රාජපක්ෂ වෙත , සහය පළකිරීමේ යෝජනාවක් අසාර්ථක වූ බවයි.
එහිදී මන්ත්‍රීවරයා මෙසේද පැවසීය.
ඒ අනුව අගමැති මහින්ද ට සහය දක්වන යෝජනාවක් වෙනුවෙන්, පෙරේදා සිට කටයුතු සූදානම්ව තිබෙනවා. ඊට පොදුජන පෙරමුණේ ලේකම් ,මැදිහත්වීමක් කර , මන්ත්‍රීවරුන්ට අත්සන් තැබීමට නියෝග කර තිබෙනවා.එහෙත් ඔහුට එක්කර ගැනීමට හැකියාව ලැබී ඇත්තේ , මන්ත්‍රීවරුන් 46ක් පමණයි.
කෙසේ වුවත් මෙහිදී අදහස් දක්වමින් ගම්මන්පිල මන්ත්‍රීවරයා මෙසේද සඳහන් කර සිටියේ ය.
"ආණ්ඩුවට එරෙහිව විශ්වාස භංග යෝජනාව ගෙනැවිත් මේ අර්බූදය මැද බල පොරයක් හදනවාට වඩා කළ යුතු දේ වන්නේ අන්තර්කාලින සර්ව පාක්ෂික ආණ්ඩුවට ඉඩ දී වත්මන් ආණ්ඩුව ඉල්ලා අස්වීමයි. අගමැතිතුමා ඉල්ලා අස්වුණොත් ඇමති මණ්ඩලය ඉබේම විසිර ගොස් අන්තර්කාලින ආණ්ඩුවට අවස්ථාව සැලසෙනවා.

20 ත් රිවර්ස් : කැබිනට් අනුමැතිය ලැබිලා !
20 වැනි සංශෝධනය ඉවත්කරමින් 21 වැනි ආණ්ඩුක්‍රම සංශෝධනය පාර්ලිමේන්තුවට ගෙන ඒමට අද (25) රාත්‍රීයේ පැවැති කැබිනට් මණ්ඩලයේ දී අනුමැතිය ලැබී තිබේ.
ඒ සඳහා වන යෝජනාව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර ඇත.
මෙහිදී යළි බලාත්මක වන්නේ 19 වැනි සංශෝධනය වන අතර එයත් සංශෝධන සහිතව බවත් දේශපාලන ආරංචි මාර්ග පවසයි.
කෙසේ වුවත් 20 සංශෝධනය ගෙනෙන අවස්ථාවේ ආණ්ඩුවේ පාර්ශ්ව කියා සිටියේ රට ඉදිරියට ගෙන යන්න 20 අත්‍යවශ්‍ය බවය. අවසානයේ එය මුලාවක් බව රට හමුවේ තහවුරු ව ඇත.

අරලිය ගහ මැදුර ඉදිරිපිට උද්ඝෝෂකයන් ඉවත් කරන්න : අධිකරණ නියෝගය නොලැබෙයි !
#GoHomeGota2022 අරගලයට සමගාමීව මේ වන විට පිරිසක් අරලිය ගහ මන්දිරය ඉදිරියේ විරෝධතාවයේ යෙදෙමින් සිටින අතර ඔවුන් ඉවත් කිරීමට පොලිසිය ඉල්ලූ අධිකරණ නියෝගය ප්‍රතිකේෂ්ප වී ඇත.
කොළඹ අතිරේක මහේස්ත්‍රාත් අධිකරණය විසින් මේ ඉල්ලීම ප‍්‍රතික්‍ෂෙප කර තිබේ.
එහිදී මහේස්ත්‍රාත්වරයා පවසා ඇත්තේ නිශ්චිත පිරිසක් නම් නොකොට ඉල්ලන ඉල්ලීම්වලට තමන්ට නියෝග නිකුත් කළ නොහැකි බවය.
කෙසේ වෙතත් උද්ඝෝෂකයන් මහජන පීඩාවක් ඇති වන ලෙස කටයුතු කලහොත් ඒ සම්බන්ධයෙන් පොලිස් බලතල පාවිච්චි කරන්නැයිද මහේස්ත්‍රාත්වරයා නියෝග කර ඇත.

ජනාධිපති දෙපා නැමැඳ කල් ඉල්ලයි : කල් දුන්නොත් බුදු සරණයි !
උද්ගත වී ඇති ආර්ථික අර්බුදයට පැවති සියලු ම රජයන් වග කිව යුතු අතර, ඒවාට තාවකාලික හා තිරසර විසඳුම් ලබා දීමට අප රජය මේ වන විට විධිමත් මාර්ගයකට අවතීර්ණ වී ඇති බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පවසයි .
ඒ මහා නායක හිමිවරුන් වෙත ලිපියක් යවමිනි.
තමන් විසින් ගනු ලබන විධිමත් මාර්ගයකට අවතීර්ණවීමේ නිසි ප්‍රතිඵල නෙළා ගැනීමට යම් කාලයක් තමන් වෙත ලබා දෙන මෙන් ජනාධිපතිවරයා නායක හිමිවරුන්ගෙන් ‘දෙපා නැමැද ඉල්ලා සිටින’ බව එහි සඳහන් ය. ඒ අතර එම ආර්ථික අර්බුදයට නායක හිමිවරුන්ගේ අවවාද අනුශාසනා ඉතා ගෞරවයෙන් යුතුව ඉදිරියේදීත් අපේක්ෂා කරන බව ජනාධිපතිවරයා පවසයි.
ජනාධිපතිවරයා යැවූ සම්පුර්ණ ලිපිය පහත පළවේ.
“අතිගෞරවාර්හ මහා නායක ස්වාමීන්ද්‍රයන් වහන්ස,
රට තුළ උද්ගත ව ඇති වත්මන් සමාජ, ආර්ථික හා දේශපාලනික අර්බුදය කඩිනමින් විසඳීමෙහි ලා ත්‍රෛනිකායික අතිපූජ්‍ය මහානායක මාහිමිපාණන් වහන්සේලා විසින් ඉදිරිපත් කරන ලද යෝජනා මාලාව පිළිබඳවයි.
වර්තමානයේ රට තුළ උද්ගත වී ඇති සමාජ, ආර්ථික හා දේශපාලනික අර්බුදය විසඳීමෙහි ලා ඔබ වහන්සේලා විසින් මා වෙත, අග්‍රාමාත්‍යතුමන් වෙත සහ විපක්ෂ නායකතුමන් ප්‍රමුඛ පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු පක්ෂ නායකයින් වෙත 2022.04.20 වන දින යොමු කරන ලද ලිපිය හා බැඳේ.
ඔබවහන්සේලා විසින් මීට පෙර මා වෙත එවන ලද, එනම්: 2022 අප්‍රේල් මස 04 වන දින ඉදිරිපත් කරන ලද යෝජනාවලියේ අන්තර්ගත කරුණු කිසි සේත් මා විසින් නො සලකා හැර නොමැති බව ඉතා ගෞරවයෙන් යුතුව ඔබවහන්සේලා වෙත ප්‍රථමයෙන් ම කාරුණිකව ප්‍රකාශ කර සිටිමි.
මේ වන විටත් ඔබවහන්සේලා විසින් පෙන්වා දෙන ලද රටේ මතු වී ඇති ආර්ථික අර්බුදය වහා ම විසඳීමෙහි ලා අප විසින් ක්‍රියාමාර්ග රාශියක් ගෙන ඇත. ජනතාව මුහුණ දෙන ඉතා අසීරු ජීවන තත්ත්වය පිළිබඳව මා හට අවබෝධයක් ද නැතුවා නො වේ. දෛනික, සංඛ්‍යාලේඛන හා දත්ත මත පදනම්ව, විශේෂඥ සහාය ද ඇතිව මා අමාත්‍ය මණ්ඩලය සමඟ කටයුතු කරන බව කාරුණිකව දන්වා සිටිමි.
ඒ අනුව, මහජනතාවට අත්‍යවශ්‍ය වන ආහාර, ඖෂධ, ගෘහස්ථ ගෑස් මෙන් ම නොයෙකුත් ඉන්ධන සැපයීම් සම්බන්ධව සකස් කරන ලද සැලසුම් මේ වන විටත් දැඩි අධීක්ෂණයක් යටතේ ක්‍රියාත්මක කරමින් පවතී.
ඒ අනුව, නව මුදල් අමාත්‍යවරයා, නව මහ බැංකු අධිපති සහ නව භාණ්ඩාගාර ලේකම්, මවිසින් පත් කරන ලද ජාත්‍යන්තර මූල්‍ය විශේෂඥයින්ගේ මඟ පෙන්වීම මත, අදාළ ජාත්‍යන්තර මූල්‍ය ආයතන සහ මිත්‍ර රටවල් සමඟ දැනටමත් සාකච්ඡා කරමින් අවශ්‍ය පියවර ගනිමින් සිටිති.
එහි ප්‍රතිඵලයක් වශයෙන් “ජාත්‍යන්තර මූල්‍ය අරමුදල” හා ඉන්දීය රජය දැනටමත් යහපත් ප්‍රතිචාර දක්වා ඇති හෙයින්, පවතින ආර්ථික අර්බුදයට තිරසර විසඳුමක් ලබා ගන්නා තෙක් ඉදිරි සති කිහිපය තුළ තාවකාලික විසඳුමකට යා හැකි බවට තරයේ විශ්වාස කරමි.
මා ජනාධිපති ලෙස පත් වූ වහා ම නව ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීම සඳහා නීති විශාරදයන්ගෙන් හෙබි කමිටුවක් පත් කරන ලදි. එම කමිටුවේ සාමාජිකයන් වනුයේ:
ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා - සභාපති
විශ්‍රාමික මහාචාර්ය ජී. එච්. පීරිස් මහතා
විනිසුරු ඒ. ඩබ්. ඒ. සලාම් මහතා
ජනාධිපති නීතිඥ මනෝහාර ද සිල්වා මහතා
ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන මහතා
ජනාධිපති නීතිඥ සමන්ත රත්වත්තේ මහතා
මහාචාර්ය ඒ. සර්වේස්වරන් මහතා
මහාචාර්ය ඩබ්. සෙනෙවිරත්න මහතා
ජනාධිපති නීතිඥ නවීන් මාරපන මහතා
කෞෂල්‍ය මොල්ලිගොඩ මහත්මිය - ලේකම්
මෙම කමිටුව වසර දෙකක පමණ කාලයක් තුළ විවිධ දේශපාලන පක්‍ෂ, විවිධ කණ්ඩායම් සහ විශේෂඥ පුද්ගලයින් සමඟ දීර්ඝ ලෙස සාකච්ඡා පවත්වා නව ව්‍යවස්ථාවකට අදාළ කෙටුම්පත් සකස් කරමින් පවතී. එම කෙටුම්පත සකස් කොට අවසන් කිරීමට ආසන්න බව ද කමිටුව විසින් මට දන්වා ඇත. එසේ සකස් කරන ලද කෙටුම්පත ලැබුණු විගස අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කර අනුමැතිය ලද පසු පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කටයුතු කරන බව ගෞරවයෙන් දන්වා සිටිමි. එසේ ම ඔබ වහන්සේලාට ද එම කෙටුම්පතෙහි පිටපතක් ලැබීමට සලස්වන බැව් කාරුණිකව දන්වමි.
රටේ ජනාධිපතිවරයා වශයෙන් රට තුළ ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාවර කිරීම උදෙසා මම කැප වී සිටිමි. ඔබවහන්සේලා විසින් සඳහන් කොට ඇති 20 වන ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කිරීම පිළිබඳව ද පාර්ලිමේන්තුව තුළින් යම් ක්‍රියාමාර්ගයක් ගන්නේ නම් ඒ පිළිබඳව මාගේ සහයෝගය දක්වන බව ද, එවැනි සංශෝධනයක් ජනාධිපතිවරයා සහ පාර්ලිමේන්තුව එක් ව සිදු කළ යුත්තක් බැව් ද කාරුණිකව සිහිපත් කරනු කැමැත්තෙමි.
තව ද, රටේ පවතින වර්තමාන තත්ත්වයට ස්ථීරසාර විසඳුමක් උදෙසා තම දායකත්වය අපේක්ෂාවෙන් සියලු ම දේශපාලන පක්ෂවලට සර්වපාක්ෂික සමුළුවට කරන ලද ආරාධනාවට ද, අමාත්‍ය ධුර භාර ගනිමින් රට පත් ව ඇති තත්ත්වයෙන් මුදවාලීම සඳහා සහාය ලබා දෙන ලෙසට පිරිසිදු චේතනාවෙන් යුතුව කළ ඉල්ලීමට ද මේ වන තෙක් කිසිදු යහපත් ප්‍රතිචාරයක් නො ලැබීම කනගාටුවට කරුණකි. එසේ වුවත්, මාගේ ආරාධනය සියලු දේශපාලන පක්ෂ සඳහා තවදුරටත් එලෙස ම පවතින බව ද දන්වනු කැමැත්තෙමි.
අප කුමන දේ කළත්, සියලු ක්‍රියාදාමයන් ව්‍යවස්ථානුකූල විය යුතු අතර ජනතා අභිලාෂයන් සාක්ෂාත් කර ගැනීම වත්මන් ව්‍යවස්ථාව තුළ සිදු විය යුතු ය. එ නිසා, මා හෝ අප රජය හෝ කිසිදු අවස්ථාවක වත් ඔබවහන්සේලා ඉදිරිපත් කරන යෝජනා හෝ ජනතා අභිලාෂයන් හෝ බැහැර කොට කටයුතු නො කරන බවට සිහිපත් කරමි.
අමාත්‍ය මණ්ඩලයක් නොමැතිව රටක පරිපාලන කටයුතු මෙහෙයවිය නො හැකි ය. එසේ ම අමාත්‍ය මණ්ඩලයක් නොමැති වීම ප්‍රායෝගික ද නො වේ. ඒ අනුව, ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරුන්ගේ සහාය ද ඇතිව, තරුණ මන්ත්‍රීවරුන් බහුතරයකින් සමන්විත අමාත්‍ය මණ්ඩලයක් පත් කිරීමට මා හට සිදු විය. දැවෙන ජනතා ප්‍රශ්නවලට කඩිනම් විසඳුම් සෙවීම සඳහා ම කෙටිකාලයකට මෙම පත්කිරීම් සිදු කළ බව ද ගෞරවයෙන් සඳහන් කරමි.
මෙතෙක් මාගේ ධුර කාලය වූ වසර දෙකහමාරක් තුළ නොයෙකුත් දේශපාලන පක්‍ෂ මෙන් ම නොයෙකුත් ජන කණ්ඩායම්, විශ්වවිද්‍යාල ශිෂ්‍යශිෂ්‍යාවන් සහ සමාජ ක්‍රියාකාරීන් විසින් පවත්වන ලද උද්ඝෝෂණ, පෙළපාලි, සාමාන්‍ය ජන ජීවිතයට බාධා වන අයුරින් මාර්ග අවහිර කිරීම් වැනි දෑවලදී කිසිදු ආකාරයක බැටන් පොලු ප්‍රහාර හෝ කඳුළු ගෑස් වැනි සාමාන්‍යයෙන් උද්ඝෝෂණ මර්දනය කරන කිසිදු ආකාරයක කටයුත්තක් අපගේ රජය විසින් නො කරන ලද බැව් සිහිපත් කරනු කැමැත්තෙමි. මාගේ කාර්යාලය ඉදිරිපස සිටිමින් කරන ලද කිසිදු විරෝධතාවයකට හෝ උද්ඝෝෂණයකට පොලිසිය / ත්‍රිවිධ හමුදාව යොදා ගනිමින් පහර දීම් වැනි මර්දනකාරී ක්‍රියා අනුගමනය නො කරන ලද බැව් ඔබ වහන්සේලාට ගෞරවයෙන් සිහිපත් කරමි.
2022.04.19 වන දින මහජන විරෝධතාවය අතරතුර සිදු වූ සිද්ධිය සම්බන්ධයෙන් මා දැඩි සේ කම්පාවට පත් වන අතර ඒ සම්බන්ධව විධිමත් පරීක්ෂණයක් පැවැත්වීම සඳහා කණ්ඩායම් කිහිපයකට ම උපදෙස් ලබා දී ඇත. එම පරීක්ෂණ අවසන් වූ වහා ම ඒ සම්බන්ධයෙන් ඔබ වහන්සේලා දැනුවත් කිරීමට බලාපොරොත්තු වෙමි.
ඔබවහන්සේලා ද සඳහන් කරන පරිදි දැනට උද්ගත වී ඇති ආර්ථික අර්බුදයට පැවති සියලු ම රජයන් වග කිව යුතු අතර, ඒවාට තාවකාලික හා තිරසර විසඳුම් ලබා දීමට අප රජය මේ වන විට විධිමත් මාර්ගයකට අවතීර්ණ වී ඇති බැවින්, එයින් නිසි ප්‍රතිඵල නෙළා ගැනීමට යම් කාලයක් අප වෙත ලබා දෙන මෙන් ඔබවහන්සේලාගෙන් දෙපා නැමැද ඉල්ලා සිටින අතර ම ඔබවහන්සේලාගේ අවවාද අනුශාසනා ඉතා ගෞරවයෙන් යුතුව ඉදිරියේදීත් අපේක්ෂා කරමි.
සියලු දේශපාලන පක්‍ෂ එකතු කර ගෙන වත්මන් අර්බුදකාරී දේශපාලන වාතාවරණය සමථයකට පත් කිරීමට හා අද අප රට පත් ව ඇති ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒමට ඔබවහන්සේලා මැදිහත් වී යම් කිසි ක්‍රියා මාර්ගයක් ගැනීමට යෝජනා කරන්නේ නම්, ඒ සඳහා මාගේ පූර්ණ දායකත්වය ලබා දෙන බැව් ද ඉතා ගෞරවයෙන් සිහිපත් කරමි.
මෙයට,
ශාසනස්ථිතිකාමී,
ගෝඨාභය රාජපක්ෂ
2022 අප්‍රේල් මස 21 වන දින”
කල් දුන්නොත් බුදු සරණයි !
මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් දේශපාලන විචාරකයකු පවසා සිටියේ , තමන් වැඩිදුරටත් කිසිවක් නොකියන බවත් , කල් දුන්නොත් බුදු සරණයි කියා පමණක් කියන බවයි.

ලොක්කා එළවීම
" ලොක්කව එලවීමෙන් මිසක් අපි පස්ස බලන්නේ නෑ " යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු පවසයි.
මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් ඔහු මේ බව පැවසූ අතර එහිදී ඔහු ලොක්කා යනුවෙන් අදහස් කර සිටියේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ බව දේශපාලන විචාරකයන් පවසයි.
අප්‍රේල් 26 මහ නුවර සිට කොළඹ දක්වා සමගි ජනබලවේගය පවත්වන විරෝධතා පාගමනක් සම්බන්ධයෙන් අදහස් දක්වමින් මන්ත්‍රීවරයා මේ බව පැවසීය.
මැයි 01 වනදා අතිවිශාල ජනකායක් සමග කොළඹ වැටලීමක් සමගි කඳවුර පක්ෂය සංවිධානය කර ඇත.
මේ අවස්ථාව සඳහා මනූෂ නානායක්කාර මන්ත්‍රීවරයා ද සහභාගි ව සිටියේය.

ලංකා අරගල මාදිලිය : ගෝලීය පැසසුමට !
ලංකා ජන අරගලය සම්බන්ධයෙන් ජර්මන් තානාපති ධනාත්මක ප්‍රතිචාරයක් දක්වා ඇත.
විචාරකයන් පවසන්නේ මෙය සාමාන්‍යයෙන් අත්දැකීමට නොලැබෙන ප්‍රතිචාරයක් බවයි.
එය පහත දැක්වෙයි .
ශ්‍රී ලංකාවේ සාඩම්බර මිනිසුන් ප්‍රකාශනයේ නිදහස සඳහා ඇති අයිතිය කෙතරම් සාමකාමී ලෙස භාවිතා කරන්නේද යන්න ගැන මා තුළ ඇත්තේ පැහැදීමකි. එය මට, සාමකාමී විරෝධතා කොතරම් බලවත් වියහැකිද යන්න අප විසින් අත්විඳින ලද, 1989 දී සිදුවූ ජර්මනිය යළි එක්සත්වීමේ සිද්ධිය මතකයට නංවයි. මීට සම්බන්ධ සියලු පාර්ශ්වයන්ට සාමකාමීව සිටීමට ශක්තිය ලැබේවායි ප්‍රාර්ථනා කරන්නෙමු!
හොල්ගර් සොයිබර්ට්
ශ්‍රී ලංකාවේ ජර්මන් තානාපති
(පහත දක්වා ඇත්තේ තානාපතිවරයාගේ එම ට්විටර් පණිවිඩයයි.)

ඩොලරයේ ඓතිහාසික නැගීමක් !
මෙරට වාණිජ බැංකුවල සහ රාජ්‍ය බැංකු වල ඇමෙරිකා එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල 345 අගයක් දක්වා අද (25) පහළ වැටි ඇති බව වාර්තා වෙයි.
ඇමෙරිකා එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව රුපියල මෙරට ඉතිහාසයේ මෙතරම් අගයකට පහළ වැටුණු පළමු අවස්ථාව මෙය බව මූල්‍ය විශ්ලේෂකයන් පවසයි.
ශ්‍රී ලංකා මහ බැංකුව අද (25) නිකුත් කළ දෛනික විදේශ විනිමය අනුපාතවලට අනුව ඇමෙරිකා එක්සත් ජනපද ඩොලරයක ගැනුම් අනුපාතය රුපියල් 330.0000 ක් වූ අතර විකුණුම් අනුපාතය රුපියල් 342.4979 ක් විය.
ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වන ජාත්‍යන්තර බැංකුවක අද දින යාවත්කාලීන කළ විදේශ විනිමය අනුපාතිකයේ ඇමෙරිකා එක්සත් ජනපද ඩොලරයක විකුණුම් මිල රුපියල් 355 ලෙස සටහන් විය.

නාමල්ගේ උත්සාහය වතුරේ : ජීවන් තොණ්ඩමන් විශ්වාසභංගයට පක්ෂයි !
වත්මන් ආණ්ඩුවට එරෙහි විපක්ෂය ඉදිරිපත් කිරීමට නියමිත විශ්වාස භංගයට පක්ෂව ඡන්දය දීමට තීරණය කළ බව ලංකා කම්කරු කොන්ග්‍රසයේ නායක ජීවන් තොණ්ඩමන් පවසයි.
රටේ ජනතාවගේ හා වතුකර ජනතාවගේ යහපත උදෙසා මෙම තීරණය ගත් බව ඔහු සිය ටිවිටර් ගිණුමේ පණිවිඩයක් තබමින් සඳහන් කර ඇත.
ලංකා කම්කරු කොන්ග්‍රසයේ විධායක සභාව රැස්වූ අවස්ථාවේ මෙම තිරණය ගත් බව මන්ත්‍රීවරයා සඳහන් කරයි.
ජීවන් තොණ්ඩමන් වත්මන් ආණ්ඩුවේ වතු නිවාස හා ප්‍රජා යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කළ නමුත් පසුව ස්වාධීන විය.
එසේම පසුගියදා ඔහුට නාමල් රාජපක්ෂ දැරූ කැබිනට් අමාත්‍ය ධූරය ලබාදීමට උත්සාහ කර ඔහුව ආණ්ඩුවට දිනා ගැනීමට උත්සාහයක් දියත්කර තිබුණත් එය ව්‍යර්ථව ගියේ, ජීජීවන් තොණ්ඩමන් එය ප්‍රතිකේෂ්ප කළ නිසාය.

මහනාහිමිවරුන්ට ජනාධිපති දුන්න පොරොන්දු වැඩක් නෑ : අරගලය ඉදිරියට !
අන්තර්කාලීන ආණ්ඩුවක් පිහිටුවීමට සහ ආර්ථික අර්බුදය විසඳීම සඳහා කඩිනම් පියවර ගැනීමට එකඟ වන බව ජනපතිවරයා ත්‍රෛනිකායික මහානාහිමිවරුන්ට ලිපියක් එවමින් දැනුම්දී ඇතැයි අස්ගිරි මහා නිකායේ ලේඛකාධිකාරී මැදගම ධම්මානන්ද හිමි පවසයි.
එසේම නව ව්‍යවස්ථාවක් පාර්ලිමේන්තුවේ අනුමැතිය ඇතිව රටට ඉදිරිපත් කිරීමටද ජනාධිපතිවරයා කැමැත්ත පළ කර ඇතැයි හිමිනම පවසයි.
කෙසේ වුවත් ගෝල්ෆේස් අරගල බිමේ ආරංචි මාර්ග සඳහන් කරන්නේ තම අරගලය මේ නොවන බවය.
තමන් අරගලය දියත්කර ඇති ප්‍රමුඛ සටන් පාඨය වන්නේ #GoHomeGota බවත් එය කොතරම් සාධාරණ ද යන්න ජනාධිපති පසුගියදා නව කැබිනට් මණ්ඩලය පත්කිරීම අවස්ථාවේ පිළිගත් බවත් ඔවුන් පවසයි.
එබැවින් රටම බංකොලොත් කර මිනිසුන් කුසගින්නේ යන එන මං නොමැති කළ ජනාධිපතිට තවදුරටත් ධූරයෙ රැඳී සිටීමට යුතුකමක් නැති බවත් ඔවුන් පවසයි.
ඒ අනුව තම අරගලය අඛණ්ඩව ඉදිරියට ගෙනයන බවත් ඔවුන් පවසයි.

තරුණ අරගලයෙහි ගාන්ධීයානු ශ්‍රී ලාංකික ඓතිහාසික මොහොත !
ඉන්දියානු නිදහස් සටන තුළ ගාන්ධි ඇතුළු පිරිස රැගෙන ගිය අවිහිංසාවාදී ව්‍යාපාරය ඉන්දියාවෙන් නතර නොවිණි. එයින් පසු ඉන්දියානු ආදර්ශය ගත් ඇමරිකාවේ මාටින් ලුතර් කිං ජුනියර් විසින් නායකත්වය ලබා දුන් කළු ජාතික ව්‍යාපාරය තුළත් ප්‍රබලව දක්නට ලැබුණි. සාමකාමී පාද යාත්‍රා , උද්ඝෝෂණ වැඩවර්ජන, හර්තාල් තුළින් කළු ජාතිකයින්ගේ සිවිල් අයිතිවාසිකම් ඉල්ලා සිටීමයි. ඉන් අනතුරුව නෙල්සන් මැන්ඩෙලා විසින් නායකත්වය ලබා දුන් දකුණු අප්‍රිකාවේ නිදහස් සටන තුළ ද මෙම සංකල්පය ප්‍රායෝගිකව යෙදවීම දක්නට ලැබුණි. දැන් දැන් ලෝකයට අවිහිංසාවාදී ආදර්ශ ආකෘතිය පිළිබඳ පිබිදීම ඇති කරන්නේ ශ්‍රී ලංකාවේ රාජපක්ෂවරු සම්බන්ධයෙන් පවත්වාගෙන යන ගාලුමුවදොර පැවත්වෙන තරුණ විරෝධතා තුළින්ය.
එය යටත්විජිත වලින් නිදහස ලබා ගැනීම සඳහා ලොව පුරා සිදුකල පැරණි සමාජ ව්‍යාපාර වලට හාත්පසින්ම වෙනස් ස්වරූපයක් ගන්නා ආකාරය පහුගිය දිනවල අරගලය නිරීක්ෂණය කිරීමේ දී අරගල භූමියේ සැරීසැරීමේ දී දක්නට ලැබිණි. හුුදු විරෝධතා වෙනුවට විවිධ සංස්කෘතික අංග එකතුවීමත් දක්නට ලැබුණි. පාද යාත්‍ර , සත්‍යග්‍රහ , උද්ඝෝෂණ ද විවිධ කලා ශිල්ප ක්‍රම භාවිතා කරමින් සිදුකරන විරෝධතා ද දක්නට ලැබිණි. ජනතාව ආකර්ශණය සඳහා විරෝධතාවයන් සඳහා ද නව මෙවලම් යොදාගැනීම් දක්නට ලැබුණි.
ඒ අතර රාජපක්ෂවරුන්ට ගෙදර යන්නට කියන සටන් පාඨයට ඉතාමත් බර හදකම්පන කරවන අවි යොදාගැනීමත් වරින් වර දක්නට ලැබුණි. එය රාජපක්ෂවරුන් ගෙදර යන තැනට ඉල්ලා මිරිහානෙන් ඇරඹි උද්ඝෝෂණයේ බිළිදෙකු වඩාගත් තරුණ මවකගේ ආගමනය අරගල තුළ ප්‍රබල රූපකයක් එක්කරන්නට විය. තවත් බහින්නට තැනක් නැතුව පතුලටම වැටුණු අපිට සමාජ මාධ්‍ය භාවිතා කරන ජනතාවගේ වෝලය සකස් වුයේ මෙම තරුණ මවගේ පිංතූරයෙනි. එය විරෝධතාවය ප්‍රකාශ කරන තවත් ප්‍රබල මාදිලියක් විය. කාන්තාවක් වශයෙන් ඇයට විඳින්නට සිදුවන අනේකවිඳ දුක්කදොම්නස් ඇඟේ ප්‍රකාශයෙන් ද අපිට අසන්නට ලැබිණි. ඇයගේ නිරූපණය සමස්ත අම්මාවරුන්ගේ පීඩාවම සංකේතාත්මකව නිරූපණය විය.
ඒ අතර අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයෙන් සංවිධානය කළ පාර්ලිමේන්තුව අසල තිබු විරෝධතාවයක ගැහැණු ළමයෙක් පොලිස් නිළධාරියෙකුට රෝස මලක් දෙන පිංතූරයක් ද සැරිසරන්නට විය. වියට්නාමය යුද්ධය වැනි ලෝක යුද්ධ වලදී සිදුකළ ආදරය සහ උණ්ඩය පිළිබඳ උපායිමාර්ගික සිතා බැලීමක් තරුණ අරගලය තුළට එක්කර තිබිණි. ඊට වඩා එය ප්‍රබල රූපකයක් වන්නේ මෙම නූතන විලාසිතාවෙන් සැරසී සිටින තරුණිය සමස්ත තරුණ ප්‍රජාව සහ පීඩාව නිරූපණය කරමින් රාජපක්ෂවරුන්ගේ නපුරට එරෙහිව අවිහිංසාවාදය පැතිරවීමත් අරගලයේ වාමවාදී මානය තවදුරටත් තීවුර කළේය.
අරගලයේ දවසින් දවස වෙනස්වන උපායමාර්ගික අතර නැවතත් ගාන්ධීයානු අවිහිංසාවාදී උපක්‍රම මෙහෙයවීම් දක්නට ලැබුණි. ඒ නිසා මෙම අරගලයේ හැඩය විටෙක නව සමාජ ව්‍යාපාරවල ලක්ෂණ නිරූපණය ද තවත් විටෙක යටත්විජිත නපුරට එරෙහිව සිදුකළ අරගල වල ලක්ෂණ නිරූපණය ද වරින් වර දක්නට ලැබිණි.
එය කන්‍ය සොයුරියන් විසින් අන්තරේ පෙළපාලී ආ තරුණයින් ඉදිරියට ඇවිත් ඔවුන්ව ආරක්ෂා වැටක් සේ සිට ගැනීමයි. යක්ෂයාට ඝණ ආදර තාප්පය බැඳීම බලා සිටින්නන්ට නෙත් කුදුළුන් තෙත් විය. මෙය මා දකින්නේ ශ්‍රී ලාංකේය ඩිජිටල් තාක්ෂණය භාවිතා කරන අරගලකරුවන්ගේ ඓතිහාසික ගාන්ධීයානු මොහොත බවයි. එය නැවතත් ඉන්දියානු නිදහස් ව්‍යාපාරයේ එකිනෙක සිදුවීම් අල්ලා සකස් වූ චිත්‍රපටියක් අප හමුවේ දිස්වෙන ආකාරයෙන් කම්පනයටත් අරගලය කෙරෙහි අනුරාගය තීවුර කිරීමටත් හේතුවක් විය. අරගලයට ආදරය කිරීමටත් නොකඩවා පෙළඹීමට හේතු වේ.
මෙමඟින් පෙන්නුම් කරන්නේ ගේඨාගෝගමේ පුරා සිටින සියලු ප්‍රජාවන් ඇතුළු සමාජ වෙනසක් අපේක්ෂා කරන පුද්ගලයින් සඳහා ප්‍රබල ආධ්‍යාත්මික සංකේතයක් බවට මෙම කන්‍ය සොයුරියන් පත් වී ඇති බවයි. අනෙක් අතට උණ්ඩය වෙනුවට දයාව වැපිරීම ද බලා සිටින අප තුළත් ඇහැට කදුළු කැට උනන්නට වීම මඟින් ද අරගලය තුළ සිටින තරුණයින් හා සියලු වැඩිහිටියන් සමෝධානික වීම ද මෙමඟින් පෙන්වන යටි අරුත වේ.
සාමාන්‍යයෙන් අන්තරේ අරගල කෙරෙහි වපර ඇසින් බලන බොහෝ දෙනෙකුගේ මුවින් ද යක්ෂයාගෙන් ආරක්ෂා කර දෙන මෙන් දේව කන්නලව් ද මේ ක්‍රියාව තුළ ඇතුළත් වේ. ඒ නිසා දෙවියන් ඉදිරියේ යක්ෂයා දණ නවන මොහොත ලෙසත් මෙය දැක්විය හැකිය.
අනෙක් අතට කාඩිනල් ඇතුළු පිරිසත් මෙම මොහොතේ පාස්කු ප්‍රහාරයේ වින්දිතයින්ට යුක්තිය ඉල්ලා ජාත්‍යන්තරය දැනුවත් කරමින් කිතුණුවන්ගේ ගෞරවාදරයට පත් වූ වතිකානුවේ ශුද්ධ වූ පාප් වහන්සේ ලඟ දණ නමා සිටින මොහාතක කන්‍ය සොයුරියන්ගේ නැඟී සිටීම භූ දේශපාලනික වැදගත් මොහොතක් ද නිරූපණය කෙරේ.
සැමුවෙල් හන්ටින්ටිං සඳහන් කරන බටහිර යටත්විජිතවාදයේ ඉලක්ක බවට පත්වන අපේ ඉතිහාසය බටහිර හා එක්ව හැඩ සකස් කරමින් සිටියි. ලංකාව වැනි රටක් උදාහරණයට ගත් විට බෙදුම්රේඛා විශාල වශයෙන් අලුතින් නිර්මාණය විමට බල දේශපාලනය ක්‍රියාත්මක වුවත් නව අන්තර් ආගමික ජනවාර්ගික සමාජ පර්යයායක් ද ගොඩනැඟීමට මෙම අරගලය අනෙක් අතට දායකත්වය සපයනු ලැබෙන බව අපිට අවබෝධ කරගත හැකියි.
මෙමඟින් ස්ත්‍රීමය ශරීරයේ සංස්කෘතික නිර්මිතය ද නිරූපණය ද අන්තර්ගත වේ. ගැටුම් නිර්මාණය කරන්නේ පුරුෂයින් මූලීක කරගත් පුරුෂාධිපත්‍ය සමාජය වන අතර ස්ත්‍රිය ඒවා නිවීමට දායක වීම වැනි ස්ත්‍රීපුරුෂ සමාජභාවීය නිර්මිත වලට වඩා ඇයගේ නිර්භීත ඉදිරිපත් වීමක් ද මෙහි අන්තර්ගත කරුණු අතර වේ. රට වෙනුවෙන් යුක්තිය වෙනුවෙන් සමාජය සමතුලිත කිරීමේ භූමිකාව ද සමස්ත ස්ත්‍රී නිරූපණයෙන් දිස් වේ.
පාස්කු ප්‍රහාරයට යුක්තිය ඉටුකරනවා යැයි ජනතාව මුලා වේ දමා බලයට ආ පාලක පංතියට සුදු ලෝගුවේ බලය පෙන්වීමේ රැඩිකල් අවිහිංසාවාදී ප්‍රතිරෝධය ද මෙහි අවධාරණය වේ. මෙය හුදු අවිහිංසාවදී ක්‍රියාවකට වඩා රැඩිකල් ලෙස මට හැඟෙන්නේ රාජපක්ෂ නපුර වෙනුවට යුක්තිය සහ සමානාත්මතාවය සඳහා සාමකාමී වෙඩි මුරය මෙම කන්‍ය සොයුරියන් විසින් තැබීමයි. එය තෙවැනි පාර්ශවයන්ගේ අවධානයට යොමු කිරීමට ද ඔවුන් කෙරෙහි යුක්තිය ඉටුවීමට ද රට වර්තමානයේ ඇද තබා තිබෙන අර්බුදය තවදුරටත් ජාත්‍යන්තරයේ අවධානනයටත් හේතු වේ.
දිනෙන් දින අලුත් වන අන්තර් ආගමික සහජීවනය දිස්වන පොදු ජන අරගලයට ජය !!
චන්දිමා ජයසේන ගේ ෆේස්බුක් ගිනුමෙනි
Page 339 of 464