දක්ෂිණ අධිවේගී මාර්ගයේ වැලිපැන්න පිවිසුම තාවකාලිකව වසා දැමීමට තීරණය කළ බව මාර්ග සංවර්ධන අධිකාරිය පවසයි.
අධික වර්ෂාවත් සමග එම පිවිසුම ජලයෙන් යටවීම හේතුවෙන් එලෙස වසා දැමීමට තීරණය කළ බව මාර්ග සංවර්ධන අධිකාරිය සඳහන් කළේය.
ඒ අනුව, යළි දැනුම්දෙනතුරු වැලිපැන්න පිවිසුම වසා තැබෙන අතර වැලිපැන්න පිවිසුමෙන් පිටවන වාහන දොඩංගොඩ හෝ කුරුඳුගහහැතැම්ම අන්තර් හුවමාරු මධ්‍යස්ථාන භාවිත කළ යුතු බව ද එම අධිකාරිය දැනුම් දෙයි.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
