සරත් අමුණගම, දිලිත්ව අත හරී

සරත් අමුණගම, දිලිත්ව අත හරී

හිටපු අමාත්‍ය ආචාර්ය සරත් අමුණුගම, ව්‍යවසායක දිලිත් ජයවීර නායකත්වය දරන 'මව්බිම ජනතා පක්ෂයේ' සභාපති ධූරයෙන් ඉල්ලා අස්විය.

ඔහු සිය ඉල්ලා අස්වීමේ ලිපිය දිලිත් ජයවීර ට යවා ඇත.

කෙසේ වෙතත් ඉල්ලා අස්වීමට හේතුවක් ඔහු එම ලිපියේ සඳහන් කර නොමැත.

දිලිත් ජයවීර ගේ දේශපාලන කටයුතු වලට එම ලිපියෙන් ඔහු සුබ පතා ඇතැයිද දැනගන්නට ඇත.

මේ සම්බන්ධයෙන් අප ආචාර්ය සරත් අමුණුගම ගෙන් කළ විමසුමකදී ඔහු පැවසුවේ, තමා මව්බිම ජනතා පක්ෂයේ සභාපති ධූරයෙන් ඉල්ලා අස්වූ බවයි.

ආචාර්ය සරත් අමුණුගම, ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ, පිවිතුරු හෙළ උරුමය නායක උදය ගම්මන්පිල, පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චන්න ජයසුමන ඇතුළු පිරිසක් සමග සන්ධාන ගතවීමේ පැවැති උත්සවයට ද සහභාගී නොවීම විශේෂත්වයක් විය.

කෙසේ වෙතත් එම උත්සවයට ඔහුගේ දියණිය වරුණි අමුණුගම සහභාගි වූවාය.

මේ අතර සරත් අමුණුගම මහතා විමල් වීරවංශ ඇතුළු පිරිස සමග සන්ධානගතවීම සම්බන්ධයෙන් මනාපයක් නොදක්වන බව දේශපාලන ආරංචි මාර්ගවලින් පැවැසේ.

( lankadeepa.lk - සුජිත් හේවාජුලිගේ)

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න