අද (31) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි සිපෙට්කෝ ඉන්ධන මිල ගණන් සංශෝධනය කර තිබේ.
මෙම සංශෝධන යටතේ ඉන්ධන වර්ග තුනක මිල ගණන් අඩුවී ඇති අතර, දෙකක මිල ගණන් නොවෙනස්ව පවතී.
ඒ අනුව ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 13කින් පහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 355කි.
ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක මිල නොවෙනස්ව පවතින අතර, එහි මිල රුපියල් 420කි.
සුදු ඩීසල් ලීටරයක මිල රුපියල් 16කින් පහළ ගොස් ඇති අතර එහි නව මිල රුපියල් 317කි.
එමෙන්ම ලංකා සුපර් ඩීසල් ලීටරයක මිල නොවෙනස්ව පවතින අතර එහි මිල රුපියල් 377කි.
භූමිතෙල් මිල රුපියල් 13කින් පහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 202ක් වෙයි.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
