අස්වැසුම ඉලොක්ට්‍රොනික ක්‍රමවේදයට

අස්වැසුම ඉලොක්ට්‍රොනික ක්‍රමවේදයට

අස්වැසුම ප්‍රතිලාභීන් තෝරාගැනීමේදී අවශ්‍ය දත්ත ලබාගැනීමේ සිට සමස්ත ක්‍රියාවලියම ඉලෙක්ට්‍රොනික ක්‍රමවේදයට පමණක් සිදු කරන ලෙස රජයේ මුදල් පිළිබඳ කාරක සභාව නිර්දේශ කර තිබේ.

එමෙන්ම අස්වැසුම ප්‍රතිලාභීන් තෝරාගැනීමේදී දරිද්‍රතාවය පරික්ෂා කර බලා තීරණය කළ හැකි නිර්ණායකවලට මුලිකත්වය ලබා දෙන ලෙස ද එම නිර්දේශ අතර ඇතුළත්ය.

මේ වනවිට අස්වැසුම ප්‍රතිලාභීන් තෝරාගැනීමේදී භාවිතාකරන නිර්ණායකවල විශාල ගැටලු පවතින බව සහ විධිමත් බවක් නොමැති බව පෙන්වා දුන් කාරක සභාව ඒව හැකි ඉක්මනින් නිවැරදි කිරීමට කටයුතු කරන ලෙසටද උපදස් ලබාදෙන ලදී.

ඒහිදී අස්වැසුම ප්‍රතිලාභීන් තෝරාගැනීමේදී දැනට භාවිතා කරන ලකුණු ලබාදීමේ ක්‍රමවේදයද ඉදිරියේදී වෙනස් කිරීමට කටයුතු කරන බව මුදල් අමාත්‍යාංශ නිලධාරීහු කාරක සභාව හමුවේ පැවසූහ.

මේ පිළිබඳ කරුණු සාකච්ජා වුයේ ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වාගේ සභාපතිත්වයෙන් රජයේ මුදල් පිළිබඳ කාරක සභාව පසුගියදා (28) පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදීය.

මෙහිදී අස්වැසුම ප්‍රතිලාභීන් තෝරාගැනීමේදී එම පුද්ගලයින්ගේ අතින් දත්ත සටහන් කරගැනීම ඔස්සේ විශාල දුෂණ අක්‍රමිකතා සිදුවන ආකාරය පිළිබඳව කාරක සභා සාමාජිකයින් මෙහිදී කරුණු දක්වමින් පෙන්වා දුන්හ. ඒ අනුව අස්වැසුම ප්‍රතිලාභීන් තෝරාගැනීමේදීද අවශ්‍ය දත්ත ලබාගැනීමේ සිට සමස්ත ක්‍රියාවලියම ඉලෙක්ට්‍රොනික ක්‍රමවේදය පමණක් භාවිතා කරමින් සිදු කරන ලෙසට රජයේ මුදල් පිළිබඳ කාරක සභාව විසින් නිර්දේශයක් මුදල් අමාත්‍යාංශ නිලධාරීන්ට ලබාදෙන ලදී.

එමෙන්ම අස්වැසුම ප්‍රතිලාභීන් තෝරාගැනීම ආශ්‍රිතව ඉදරිපත් වී ඇති අක්‍රමිකතා සඳහා විධිමත් ලෙස නෛතික ක්‍රියාමාර්ග නොගැනීම සම්බන්ධයෙන් කාරක සභාවේ අප්‍රසාදය පලවිය.

එලෙස නෛතික ක්‍රියාමාර්ග නොගැනීම ඔස්සේ තව තවත් දුෂණ අක්‍රමිකතා සිදුවන බවත් එය අස්වැසුම ප්‍රතිලාභ නිවැරදිම පුද්ගලයින් සඳහා හිමිවීමට දැඩි බාධාවක් ඇති කරන බවත් කාරක සභාව විසින් පෙන්වා දෙන ලදී. ඒ අනුව ලැබෙන පැමිණිලි විභාග කර ඒ සඳහා අවශ්‍ය නෛතික ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරන ලෙසට කාරක සභා සභාපතිවරයා විසින් නිලධාරීන්ට උපදෙස් ලබාදුන්නේය.

මෙම රැස්වීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් වන ගරු රවුෆ් හකීම්, ගරු ජොන්ස්ටන් ප්‍රනාන්දු ,ගරු එම්. ඒ. සුමන්තිරන් ,ගරු මහින්දානන්ද අලුත්ගමගේ , ගරු නිමල් ලාන්සා , ගරු මධුර විතානගේ, ගරු මයන්ත දිසානායක යන මහත්වරුන් ඇතුළු රාජ්‍ය නිලධාරීහු පිරිසක් සහභාගී වූහ.

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න