යුක්‍රේන - රුසියා යුද්ධයට මැදිව අසරණවුවන්ගේ ප්‍රශ්නය දේශපාලනීකරණය කරන්න එපා !

යුක්‍රේන - රුසියා යුද්ධයට මැදිව අසරණවුවන්ගේ ප්‍රශ්නය දේශපාලනීකරණය කරන්න එපා !

යුක්‍රේන - රුසියා යුද්ධය ට එක්වී අසරණ වී ඇති ශ්‍රී ලාංකිකයින්ගේ ප්‍රශ්නය සමහර පුද්ගලයන් දේශපාලනීකරණය කිරීමට උත්සාහ ගනිමින් සිටින අතර එය නොකළ යුතු දෙයක් බව ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය, ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් පවසයි.

මෙසේ අසරණ වී සිටින පුද්ගලයන් ගෙන්වා ගැනීම සඳහා රජය උපරිම වශයෙන් මැදිහත් වන බවද රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.

මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කල අතර මේ ආකාරයට ප්‍රශ්නය දේශපාලනීකරණය කිරීමට උත්සාහ කරන කිහිපදෙනෙකු ඒ වෙනුවෙන් මේ වන විට විනෝද චාරිකාවකට එක්ව සිටින බවද රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.

රුසියාවට හෝ යුක්‍රේනයට ගිය පුද්ගලයින්ගේ තොරතුරු ලබාදීම සඳහා ආරක්ෂක අමාත්‍යංශය විසින් දුරකථන අංකයක් හඳුන්වාදුන් බවත් ඒ ඔස්සේ මේ වනවිට පැමිණිලි 451ක් ලැබී ඇති බවත් සඳහන් කරන රාජ්‍ය අමාත්‍යවරයා ලැබී ඇති පැමිණිලි වලට අදාළව පොලීසිය විසින් 301 දෙනෙකුගෙන් කටඋත්තර ලබාගෙන ඇති බවද පැවසීය.

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න