නීතිඥ බුද්ධික මල්ලවාරච්චි සහ ඔහු ගේ බිරිඳ ඝාතනය කිරීමත්, ඉන් පසුව කිසිදු විමර්ශනයකින් තොරව ඔහුට පාතාල ලේබලය ඇලවීමත් පිළිබඳ වගකීම අමාත්‍ය ආනන්ද විජේපාල විසින් දැරිය යුතු බවත්, ඔහු සිය අමාත්‍ය ධුරයේ වගකීම දැරීමට අසමත්වීම සම්බන්ධයෙන් වගකීම බාරගත යුතු අතර, ඔහුට වහා ඉල්ලා අස්වන ලෙස බල කරමින් Free Lawyers සංවිධානය නිවේදනයක් නිකුත් කර ඇත.
කාන්තාවන් ගේ අයිතිවාසිකම් සුරක්ෂා කරන බවට ජාතික ජනබලවේග ආණ්ඩුව ජනතාවට පොරොන්දුවක් ලබා දුන් බවත්, කාන්තාවන් පිළිබඳ ජාතික කොමිෂන් සභාව පිහිටුවීම එම පොරොන්දුවේ එක් අංගයක් වුව ද කාන්තාවන් පිළිබඳ ජාතික කොමිෂන් සභාව මාස හතරක කාලයක සිට අක්‍රීය වී ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රිණී චමින්ද්‍රානි කිරිඇල්ල පැවසුවා ය.
2026 පෙබරවාරි 13 වැනි සිකුරාදා මහ දවල් නීතිඥ බුද්ධික මල්ලවාරච්චි සහ ඔහුගේ බිරිඳ ඝාතනය ආසියාවේ බටහිර පදනම් කරගත් පැරණිතම නීති පද්ධතියේ අඛණ්ඩතාවට එක එල්ලේම බලපාන බවත්, එය දැනටමත් ඝාතන ගණනාවකින් සොලවා ඇති නීතිය සහ සාමය පවත්වාගෙන යෑම කෙරෙහි දැවැන්ත අහිතකර බලපෑමක් ද ඇති කරන බව එක්සත් ජාතික පක්ෂය සඳහන් කරයි.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
