Image

ගුණාත්මක සහ පහසුකම් සහිත පොදු ප්‍රවාහන ක්ෂේත්‍රයක් ගොඩනැගිය යුතු යි - ජනපති

ගුණාත්මක සහ පහසුකම් සහිත පොදු ප්‍රවාහන ක්ෂේත්‍රයක් ගොඩනැගිය යුතු යි - ජනපති

සෑම පුද්ගලයකුට ම ප්‍රතිලාභ සැලසෙන, ගුණාත්මක සහ පහසුකම් සහිත පොදු ප්‍රවාහන ක්ෂේත්‍රයක් ගොඩනැගිය යුතු බවත්, එමගින් ජනතාවට ප්‍රවාහනය සඳහා පෞද්ගලිකව දැරීමට සිදුව ඇති වැය බර අවම කරමින් ගුණාත්මක ප්‍රවාහන සේවාවක් රට තුළ සහතික කළ හැකි යැයි ද ජනාධිපති අනුර කුමාර දිසානායක පැවසී ය.

ජනාධිපති අනුර කුමාර දිසානායක මේ බව සඳහන් කළේ: ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යාංශයට අදාළව 2026 වසරේ වෙන් කෙරුණු අයවැය ප්‍රතිපාදන මත ක්‍රියාත්මක ව්‍යාපෘතිවල ප්‍රගති සමාලෝචනය සහ 2027 අයවැය යෝජනා පිළිබඳ අද (13) ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවති අයවැය පූර්ව සාකච්ඡාවට එක් වෙමිනි.

කෙටි දුර ධාවනය සඳහා මෙට්‍රෝ බස් රථ

නව සැලැස්මක් ඔස්සේ පොදු ප්‍රවාහන සේවාව දියුණු කිරීමේ අවශ්‍යතාව මෙහිදී පෙන්වා දුන් ජනාධිපතිවරයා ප්‍රවාහන සහ මහාමාර්ග ක්ෂේත්‍රය තුළ 2026 වසරේ ක්‍රියාත්මක ව්‍යාපෘතිවල ප්‍රගතිය වෙන් වෙන්ව විමසා බැලී ය. පැරණි බස් රථ සංචිත ක්‍රම ක්‍රමයෙන් ධාවනයෙන් ඉවත් කරමින් නව බස් රථ ධාවනයට එක් කිරීමේ වැඩපිළිවෙළ පිළිබඳව ද මෙහි දී විශේෂ අවධානය යොමු කෙරුණු අතර නගරාශ්‍රිත කෙටි දුර ධාවනය සඳහා මෙට්‍රෝ බස් රථ යනාදි පහසුකම් සහිත බස් රථ සංචිත ප්‍රතිස්ථාපනය කිරීමෙන් ජනතාවට සුවපහසු ගමනාගමනයක් සහතික කළ හැකි බව වැඩිදුරටත් සඳහන් කර සිටිසිටයේ ය.

ලබන වසරේ දී නිමකළ හැකි ව්‍යාපෘතිවලට ප්‍රමුඛතාව

නාගරික සංවර්ධන අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක ප්‍රධාන වැඩසටහන් වන මහල් නිවාස සංකීර්ණ ඉදිකිරීමේ ව්‍යාපෘති, නාගරික ප්‍රදේශ ආශ්‍රිත කසළ කළමනාකරණ ව්‍යාපෘති මෙන්ම CITY BRANDING ව්‍යාපෘතිය යටතේ ක්‍රියාත්මක වැඩසටහන්වල 2026 වසරේ ප්‍රගතිය, මෙම වසර් ජනතා අයිතියට පත් කළ හැකි ව්‍යාපෘති සහ ඉදිරි වසර වෙනුවෙන් අවශ්‍ය ප්‍රතිපාදන පිළිබඳ මෙහිදී පුළුල් ලෙස විමසා බැලී ය. ලබන වසරේදී නිමකළ හැකි ව්‍යාපෘති තෝරා ගෙන ඒවාට ප්‍රමුඛතාව ලබා දෙමින් අයවැය ප්‍රතිපාදන වෙන් කිරීමට උපදෙස් දුන් ජනාධිපතිවරයා විදේශ ණය ආධාර යටතේ සිදුවන ව්‍යාපෘතිවල දී, අවසාන ප්‍රතිඵලය පිළිබඳ නිසි අවබෝධයකින් තොරව එම ව්‍යාපෘති අනුමත නොකළ යුතු බවට ද උපදෙස් ලබා දුන්නේ ය.

WhatsApp Image 2026 07 13 at 6.21.49 PM

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න