පුවත්

සජිත් අනුරව කොපි කරයි !
අපි පහුගිය කාලයක් තිස්සේ දිගටම කිව්ව දෙයක් තමයි ග්‍රවුන්ඩ් එකේ බැහැලා ඉන්නේ ජවිපෙ ප්‍රමුඛ ජාතික ජනබලවේගය විතරයි . වෙන කවුරුත් නෑ කියලා . 2024 කියන්නේ මැතිවරණ වසරක් බව ඇත්ත. තවම මැතිවරණයක් කැඳවලා නැති එකත් ඇත්ත. මැතිවරණයක් කැඳෙව්වාට පස්සේ ඔය දැන් තියෙන වෝට් බේස් වෙනස් වෙන එකත් ඇත්ත. හැබැයි මේ වෙනකොට නිකුත්වෙන බහුතරයක් සමීක්ෂණ ඇතුලේ ජවිපෙ ප්‍රමුඛ ජාජබ ඉහළින් ඉන්න එකත් ඇත්ත.
ඔන්න මේ කියන්න යන්නේ ඒ ගැන තියෙන අලුත්ම අප්ඩේට් එක .
ජාතික ජන බලවේගය ඉදිරි ජනාධිපතිවරණය ජයග්‍රහණය කරනු ඇති බවට විශ්වාසදායක සමීක්ෂණ වාර්තාවක් ලැබී ඇති බව ජාතික ජන බලවේගයේ විධායක සභික හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල් රත්නායක කියනවා.
පසුගිය නොවැම්බර් මාසය වන විට ජාජබට සියයට පණහක ප්‍රමාණයක මහජන කැමැත්තක් තිබූ බවයි බිමල් කියන්නේ..ඒ මාලිමාව විසින් පින්ලන්තයේ දී පවත්වන ලද ජන හමුවක් අමතමින් ...
දේශපාලන නායකත්වය වෙනස් නොකර ශ්‍රී ලංකාව වැටී ඇති දුෂ්කර තත්ත්වයෙන් ගොඩ ගත නොහැකි බවද පැවසූ බිමල්. තම පක්ෂයේ වැඩපිළිවෙළ පිළිබඳව ජාතික වශයෙන් මෙන්ම විදෙස්ගත ලාංකිකයන්ගේ ද බහුතර විශ්වාසයක් ලැබී ඇති බව සඳහන් කර තියනවා.
ඔන්න දැන් ජවිපෙ ප්‍රමුක මාලිමාවේ කට්ටිය දැන් එක දිගට රැස්වීම සම්මන්ත්‍රණ තියන්න පටන් අරගෙන .. හැම රැස්වීමකටම, කට කපලා සෙනග. වැඩිපුරම ඉන්නේ කාන්තාවෝ.. දැන් දැන් තරුණයොත් සැලකිය යුතු මට්ටමින් එකතුවෙන ගතියක් පේනවා.
රැස්වීම පුරාම තියෙන්නේ මාලිමා ගැම්ම .. අනුර ජනාධිපති කරනවා කියන විස්වාසය.
ඔන්න දැන් ප්‍රකට ව්‍යාපාරික දිලිත් ජයවීරත් රැස්වීම තියාගෙන යන්න පටන් අරන්.
MJP පක්ෂයේ නායක දිලිත් ජයවීර මෙදා සැරේ ජනාධිපතිවරනෙට අපේක්ෂකයෙක් විදියට ඉදිරිපත් වෙන්නයි යන්නේ. ලංකාවේ විතරක් නෙමෙයි, ඇමරිකාවේ, ඕස්ට්‍රේලියාවේ විතරක් නෙමෙයි අනුර රැස්වීම තියපු හැම තැනකම රැස්වීම තියන්න දිලිත් තීන්දු කරලා ..
දිලිත් තමන්ගේ ප්‍රතිවාදියා විදියට දිගටම චැලේන්ජ් කරන්නේ අනුරට..
මාලිමාව නියෝජනය කරන අනුර කියනවා වඩා හොඳ ආර්ථික ප්‍රතිපත්ති එක්කම , ඔන්න දිලිත් මේ වෙනකොට රට ගොඩදාන වැඩපිළිවෙළක් පවා එලියට දාලා .. මේදා සැරේ ජනාධිපතිවරනෙට චන්ද ගන්න වැඩපිළිවෙලක් තාම එලියට දාලා තියෙන්නේ දිලිත් ගේ MJP පක්ෂය විතරයි.
මුලදී මුලදී සජබේ , අනුරලගේ මාලිමාවත් එක්ක ගේම ඉල්ලගෙන ආවට මොකද , මේ වෙනකොට සජබත් ඩවුන් ගිහින්. අලුත් වැඩකට අතගහන්න ලු යන්නේ..
මාලිමාව කරනවා වගේ , දැවැන්ත දේශපාලන රැස්වීම් වෙනුවට ඉදිරි කාලය තුල රටේ උද්ඝෝෂණ මාලාවක් දියත් කිරීමට සමගි ජන බල වේගය තීරණය කරලා.
ඒ තුලින් ජනතා ආකර්ෂණය වඩා ලෙහෙසියෙන් දිනා ගත හැකි බවයි ඔවුන්ගේ මතය වෙලා තියෙන්නේ .
ආරංචි විදියට, පසුගීයදා පැවති සජබ විශේෂ හමුවකදී ලු ඔය ගැන තීන්දුව අරගෙන තියෙන්නේ .
මෙහිදී බහුතරය පවසා තියෙන්නේ , රැස්වීම් තියන්න ජනතාව එකතු කර ගැනීමේ විශාල ගැටලුවක් තියනවා කියලයි..
එම තත්වය මත රැස්වීම් පවත්වා අපහසුතාවයන්ට පත්වනවාට වඩා උද්ඝෝෂණ මාලාවක් පවත්වා ජනතාව අතරට යෑම වඩා ප්‍රතිඵලදායක බවයි සජබ මතය වෙලා තියෙනවා කියන්නේ .
දේශපාලන වාර්තාකරු

වැටුණු රට කෙළින් කළේ යළි පුබුදමු ශ්‍රී ලංකා වැඩසටහන : දැන්වත් කියවගන්න - වජිර
රට යළි ගොඩනැගීම වෙනුවෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ගෙන යන වැඩපිළිවෙළ හැර වෙනත් විකල්පයක් නොමැති බවත් එබැවින් සියලු පක්ෂ බේද පසෙකලා එම වැඩපිළිවෙළ සාර්ථක කර ගැනීමට දායක විය යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන පැවසීය.
පෙබරවාරි මාසයෙන් පසු ලෝක බැංකුව, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, ආසියානු සංවර්ධන බැංකුව මෙන්ම මිත්‍ර රටවල් සමඟ රට ඉදිරියට ගෙන යාමට අවස්ථාව උදා වී තිබෙන බවත් එය කඩා කප්පල් කිරීමට ඇතැම් පාර්ශ්ව දරන ප්‍රයත්න හඳුනා ගනිමින් ඒවා පරාජය කිරීමේ වගකීම ජනතාව සතු බවත් මන්ත්‍රීවරයා අවධාරණය කළේය.
පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මේ බව සඳහන් කර සිටියේ 'ස්ථාවර රටකට සැවොම එක මඟකට' මැයෙන් අද (16) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.
එහි දී වැඩිදුරටත් අදහස් දැක් වූ පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මෙසේ ද පැවසීය.
ශ්‍රී ලංකාව වැනි දේශපාලන පක්ෂ 75ක් පමණ ඇති රටක් ලෝකයේ තවත් නැහැ. ඒ අනුවයි අප රටේ බෙදීම් නිර්මාණය කර තිබෙන්නේ. එය රට තුළ අසමගියක් නිර්මාණය කර තිබෙනවා. නිදහසින් පසු මෙරට ඇති වූ බොහෝ විනාශයන්ට ද එම තත්ත්වය හේතු වූවා. මෙම පක්ෂවලට මුදල් ලැබෙන්නේ කෙසේද ? වියදම් කරන්නේ කව්රුන් ද යන්න පිළිබඳව සොයා බැලීමට කිසිදු ක්‍රමවේදයක් නැහැ. එබැවින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් මෙම පක්ෂ මැතිවරණවලදී මුදල් වියදම් කරන ආකාරය සොයා බැලීමට හැකියාව ලැබෙන පනතක් පාර්ලිමේන්තුවේ සම්මත කර තිබෙනවා.
ඒ වගේම ජනාධිපති රනිල් වික්‍රමසිංහට මේ වන විට ලෝකයේම අවධානය යොමුව තිබෙනවා. ඒ වසරකුත් මාස හයක් තුළ අන්තයටම වැටී තිබූ රට යළි සංවර්ධනයේ මාවතට යොමු කළ නිසයි. ඒ වෙනුවෙන් ජනාධිපතිවරයා සෑම විදෙස් සංචාරයක්ම ඵලදායී ලෙස යොදා ගත් බවද සිහිපත් කළ යුතුයි.
ඒ වගේම මේ වන විට රට ගොඩ නැගීම වෙනුවෙන් ක්‍රියාවට නංවා තිබෙන්නේ 2020 දී පරාජය වූ අපගේ පක්ෂයේ ප්‍රතිපත්ති ප්‍රකාශනය බව පැවසිය යුතුයි. එසේ නම් ජනතාව මතක තබාගත යුතුව ඇත්තේ අද වන විට හිඟයකින් තොරව ඉන්ධන, විදුලිය, ගෑස් ඇතුළු අත්‍යවශ්‍ය ද්‍රව්‍ය භුක්ති විදින්නේ ඔවුන් විසින් පරාජය කළ ප්‍රතිපත්ති ප්‍රකාශනය ක්‍රියාවට නැංවීමෙන් බවයි. අද රට සාමාන්‍ය තත්ත්වය පත්ව තිබෙන්නේ එම ලියවිල්ල නිසා බව ඔබ සිහිතබා ගත යුතුයි.
එදා අප විසින් ටෝකියෝ සම්මේලනයට ඉදිරිපත් කළ “යළි පුබුදමු ශ්‍රී ලංකා” ග්‍රන්ථයේ ඇතුළත් කරුණු අද රජය විසින් ක්‍රියාත්මක කරමින් සිටිනවා. මේ රටේ දේශපාලනය කරන සියලු දෙනාම එය කියවා ගත යුතුයි.
අප තවදුරටත් එකිනෙකා විවේචනය කර ගැනීමෙන් ඵලක් නැහැ. අන්තයටම පිරිහුණු රට යළි ගොඩ නැගීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ගෙන යන වැඩපිළිවෙළ හැර වෙනත් විකල්පයක් නැහැ. අද ජනතාව පෝලිම් නැති යහපත් ජීවිතයක් ගත කරමින් සිටින්නේ එම වැඩපිළිවෙළ නිසයි. එබැවින් සියලු පක්ෂ මේ සමඟ එකට සිට ගත යුතුයි. මේ යන ගමන කවුරුන් විසින් හෝ වෙනස් කළොත් එහි වගකීම ඔවුන් විසින් දැරිය යුතුයි. දෙශපාලන වාසි වෙනුවෙන් ඇතැම් අවස්ථාවල සිදු කරන යම් යම් සාවද්‍ය ප්‍රකාශවල වගකීම ද එම පාර්ශ්ව විසින් දැරිය යුතුයි.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ 2022 වසරේදී වගකීම භාර ගන්නා අවස්ථාව වන විට මේ රට තුළ කිසිවෙකුටත් දේශපාලනය කිරීමේ හැකියාව තිබුණේ නැහැ. කිසිම සංවර්ධන කාර්යයක් කිරීමට කිසිවෙකුටත් ශක්තියක් තිබුණේ නැහැ. වසර තුනක් අතපසු වූ එම සංවර්ධන ක්‍රියාවලි ලබන පෙබරවාරි මාසයේ සිට යළි ආරම්භ කිරීමට හැකියාව මේ වනවිට ලැබී තිබෙනවා.
නමුත් මෙම රටේ සංවර්ධන ක්‍රියාවලිය අඩපණ කිරීම සඳහා ද ඇතැම් පාර්ශ්ව උත්සාහ ගනිමින් සිටිනවා. ඒ පිරිස් මේ දිනවල වැඩ වර්ජන රැල්ලක් දියත් කර තිබෙනවා. එය ලෝකය පුරා ප්‍රචාරය කිරීමෙන් මෙරට පැමිණෙන සංචාරයකයින් ප්‍රමාණය අඩු කිරීම ඔවුන්ගේ ප්‍රයත්නය වී තිබෙනවා . එමඟින් රටේ ආර්ථිකය බිද දැමිය හැකියි. ඒ හමුවේ රටට හිමි විය යුතු ඩොලර් බිලියන ගණනක් අහිමි වීමේ අවධානමක් පවතිනවා.
තවද ණය ප්‍රතිව්‍යූහගත කිරීම සඳහා ජපානය මෙන්ම පැරිස් සමාජය ඇතුළු මෙරට ණය හිමි රටවල් සමඟ එක් ගිවිසුමක් ද, චීනය සමඟ තවත් ගිවිසුමක් ද අත්සන් කිරීමට නියමිතයි. ඒ සමඟ පෙබරවාරි මාසයෙන් පසු ලෝක බැංකුව, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, ආසියානු සංවර්ධන බැංකුව, ජයිකා ආයතනය මෙන්ම මිත්‍ර රටවල සහයෝගය ඇතුව රට ඉදිරියට ගෙන යාමට අවස්ථාව උදා වෙනවා. එය කඩාකප්පල් කිරීමට ඇතැම් පාර්ශ්ව උත්සාහ කළ හැකියි. එවැනි ප්‍රයත්නයන් හඳුනාගෙන ඒවා පරාජය කිරීම ජනතාව සතු වගකීමක් වනවා.

ජනපති ධූරයට සුදුසුම පුද්ගලයා රනිල් : ප්‍රසන්න කෙලින්ම කියයි !
ආර්ථිකය ගොඩනඟා රට ස්ථාවර කිරීමට වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ ට නැවත අවස්ථාවක් ලබාදිය යුතු බව ආණ්ඩුපක්ෂ ප්‍රධාන සංවිධායක, නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග අවධාරණය කරයි.
ඔහු පෙන්වා දෙන්නේ රට මුහුණදී තිබෙන ආර්ථික අර්බුදය විසඳීමට සුදුසුම පුද්ගලයා වත්මන් ජනාධිපතිවරයා බව තම පුද්ගලික විශ්වාසය බවයි.
අමාත්‍යවරයා වැඩිදුරටත් අවධාරණය කරන්නේ මේ මොහොතේ රට පවතින්නේ අත්හදා බැලීම් සිදුකිරීමට සුදුසු අවස්ථාවක නොවන බවයි.
එවැනි අත්හදා බැලීම් සිදුකිරීමට යෑමෙන් සිදුවන්නේ රට තවතවත් අගාධයට ඇද වැටීම බවද හෙතෙම පෙන්වා දෙයි.
මිනුවන්ගොඩ හා ගම්පහ පලාත් පාලන නියෝජිතයන් සමඟ ඊයේ (15) උඩුගම්පල පැවැති සාකච්ඡාවකදී අමාත්‍ය ප්‍රසන්න රණතුංග මේ බව සඳහන් කළේය.
ගම්පහ සහ මිනුවන්ගොඩ ආසනවල ඉදිරි සංවර්ධන කටයුතු පිළිබඳව දැනුවත් කිරීම සඳහා මෙම සාකච්ඡාව පැවැත්විණ.
එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍ය ප්‍රසන්න රණතුංග මෙසේද පැවසීය.
“ඉදිරි ජනාධිපතිවරණයේදී පොහොට්ටුව මොකද කරන්නෙ කියලා හැමෝම අහනවා. පොහොට්ටුව තවම අපේක්ෂකයෙක් තෝරලා නැති බව මම ඉතා වගකීමෙන් කියනවා. අපේක්ෂකයෙක් ඉදිරිපත් කරනවද නැද්ද කියල පක්ෂය තවම සලකා බලමින් ඉන්නවා. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහය ලබාදිය යුතු බව මම පෞද්ගලිකව විශ්වාස කරනවා. ජනාධිපතිවෙලා නැවැත වරක් රට පාලනය කරන්න ඔහුට ඉහළම සුදුසුකම් තිබෙනවා.
මීට වසර දෙකකට පෙර රටත් ජනතාවත් අතිශයින්ම ඛේදජනක ඉරණමකට මුහුණ දුන්නා. ජනතාව පෝලිම්වල අපා දුක් වින්දා. නමුත් අද වනවිට එදා තිබූ බොහෝ ප්‍රශ්න නිරාකරණය වෙමින් තිබෙනවා. එහෙත් තව රාශියක් ඉතිරිවෙලා තිබෙනවා. හැමදාම මේ රටේ ජනතාව ජනාධිපතිවරු තේරුවේ ජාතික ප්‍රශ්න විසඳීම මූලික කරගෙනයි. 2004දි මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපති කළේ යුද්ධය දිනන්නයි. 2015 මෛත්‍රීපාල සිරිසේන පත් කළේ යහපාලනය ස්ථාපිත කරන්නයි. 2019දි ගෝඨාභය රාජපක්ෂ දිනෙව්වෙ ජාතික ආරක්ෂාව තහවුරු කරන්නයි. එහෙනම් අපි අද රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කරන්න ඕන රටේ ආර්ථිකය සුරක්ෂිත කරන්නයි.
ඒ නිසා රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපතිවරණ අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වෙනවානම් අපි පක්ෂක් ලෙස සන්ධානගතව ඔහුට සහය දිය යුතුයි කියන තැන මම ඉන්නවා. වත්මන් ජනාධිපතිවරයා, ජනාධිපතිවරණයට ඉදිරිපත්විය යුත්තේ “ජාතික අපේක්ෂකයා” ලෙසයි.
දැන් ජනාධිපතිවරණ අපේක්ෂකයෝ වැහි වැහැලා. එක එක ජාතියේ අපෙක්ෂකයෝ එනවා. පෙට්ටිකඩයක් එහෙමත් නැත්නම් ආයතනයක් පාලනය කරනව වගේ රටක් පාලනය කරන්න බෑ. කයිවාරු ගහන්න ඕනම කෙනෙක්ට පුළුවන්. නමුත් වැඩ කරන්න හැමෝටම බැහැ. ආර්ථික අර්බුධ විසඳලා ජනතාවාදී පාලනයක් ස්ථාපිත කරන්න අපිට ඉතිරිවෙලා තියෙන්නෙ ඉතාම සීමිත කාලයක්. ඒ නිසා අනිත් අපේක්ෂකයන්ට එක අවස්ථාවක්වත් දෙන්න අවස්ථාවක් අපිට ඉතිරිවෙලා නැහැ. මේක අත්හදා බැලීම් කරන කාලයක් නෙවෙයි. රනිල් වික්‍රමසිංහ කියන්නේ කයිවාරු නැති වැඩ විතරක් තියෙන අනාගතවාදී නායකයෙක්. ඒ නිසා ජනාධිපතිධූරයට මේ මොහොතේ ඉහළම සුදුස්සා වත්මන් ජනාධිපතිවරයා යැයිද පැවසීය.

ප්‍රියංකර ජයරත්නට සජබෙන් විශාල කරදරයක් !
කැමති ආසනයක් බාරගෙන සමගි ජන බලවේගය පක්ෂයට එක්වන ලෙස තමන්ට එම පක්‍ෂයෙන් විශාල කරදරයක් ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රියංකර ජයරත්න පවසයි.
ප්‍රියංකර ජයරත්න මන්ත්‍රීවරයා පොදුජන පෙරමුණ හරහා පාර්ලිමේන්තු පැමිණියත් මේ වන විට නිමල් ලන්සා - අනුර යාපා දේශපාලන සන්ධානය සමඟ ක්‍රියාකාරී දේශපාලනයේ නිරතව සිටියි.
ඒ වෙනුවෙන් පැවති ජනහමුවක් අමතමින් ඔහු මේ බව සඳහන් කළ අතර සජබ ආරාධනය ප්‍රතිකේෂ්ප කළත් ඉදිරි දේශපාලනය තුළ නව ගමනක් ආරම්භ යාමට තමන් සූදානම් බවත් ඒ සඳහා කටයුතු කරමින් ඇති බවත් පැවසීය.

ත්‍රිරෝද රථවලටත් QR කේතයක්
මෙරට අවිධිමත් අංශයේ රැකියා වල නියුතු සියලුදෙනා හට වෘත්තීය ගරුත්වය සහ අභිමානය ලබාදීමට ආරම්භ කළ ගරු සරු වැඩසටහන යටතේ ත්‍රිරෝදරථ රියැදුරන්ගේ වෘත්තීය කවුන්සිල පිහිටුවීමේ පළමු අදියර ලෙස අන්තර්වාර ආංශික මෙහෙයුම් කමිටුව අද (16) පිහිටුවනු ලැබීය.
කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාරගේ ප්‍රධානත්වයෙන් ආංශික කමිටු පිහිටුවීමට අදාලව අද පැවති සාකච්ඡාවේදී මෙම කමිටුව පිහිටුවනු ලැබීය.
ඒ අනුව මෙම අන්තර්වාර මෙහෙයුම් කමිටුව විසින් ත්‍රිරෝදරථ රියැදුරන්ගේ වෘත්තීය භාවය සහ සමාජ ආරක්ෂණය තහවුරු කිරීමට අදාලව ත්‍රිරෝදරථ රියැදුරන් සඳහා වූ වෘත්තීය කවුන්සිලය පිහිටුවන තෙක් ක්‍රියාත්මක වීමට නියමිතය.
දැනට ත්‍රීරෝදරථ රියැදුරන් ලෙස කටයුතු කරනු ලබන සියලුදෙනා ලියාපිදිංචි කරමින් දත්ත පද්ධතියක් සකස්කිරීමට අදාලව කිව්ආර් කේථයක් හදුන්වා දෙන ලෙසට ඉදිරිපත් වූ යෝජනාව සලකා බලමින් ඉතා කෙටි කාලයක් තුලදී නව කේථය හදුන්වා දීමට පියවර ගන්නා බවටද අමාත්‍යවරයා මෙහිදී සහතික විය.
එමෙන්ම ත්‍රීරෝදරථ රියැදුරන් සඳහා වූ පිහිටුවන ලබන වෘත්තීය සංවිධානය මගින් අන්තර්ජාලය හරහා ත්‍රිරෝදරථ රියැදුරන්ට ගමන්වාර ලබා ගැනීමට හැකි ක්‍රමවේදයක් සකස්කිරීම සම්බන්ධවද මෙහිදී සාකච්ඡාවට ලක්විය.
ත්‍රිරෝදරථ රියැදුරන්ගේ වෘත්තීය භාවය සහ සේවාවේ ගුණාත්මක භාවය වර්ධනය කිරීමට අමාත්‍යවරයා විසින් ගෙනයන වැඩපිළිවෙලට කමිටු සමාජිකයින් සිය සතුට පළකළ අතරම සිය සංවිධානයේ ඉදිරි කටයුතු කරගෙන යාමට ඇතැම් රාජ්‍ය ආයතන තුල යම් බාධා පවතින බවද කමිටු සමාජිකයෝ පෙන්වා දුන්හ.
ඒ අනුව ජාතික ගමනා ගමන කොමිෂන් සභාවේ පනත සංශෝධනය කිරීමට පවතින ප්‍රමාදයක් දැඩි අභියෝගයක් වී ඇති බවද කමිටු සමාජිකියන් පෙන්වා දුන් අතර එහිදී ක්‍රියාත්මක වූ අමාත්‍යවරයා නීති කොටුම්පත් සම්පාදක දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ව මේ සම්බන්ධයෙන් දැණුවත් කිරීමටද පියවර ගනු ලැබීය.
මෙහිදී අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කර සිටියේ, ත්‍රිරෝදරථ රියැදුරන්ගේ වෘත්තීයභාවය සහ ඔවුන්ගේ ප්‍රමිතීන් ඔවුන් විසින්ම සකස් කර දියයුතු බවත් අමාත්‍යවරයා වශයෙන් තමන් එම යෝජනා බලාත්මක කිරීමට අවශ්‍ය නෛතික පසුබිම සකස්කර දීම පමණක් සිදුකරන කරන බවයි.
එමෙන්ම කිසිම අවස්ථාවක සමාජ ආරක්ෂණ කටයුතු සඳහා පුද්ගලික අංශයේ රක්ෂණ සමාගම් හෝ වෙනත් කිසිම පාර්ශවයක් එක්කර නොගන්නා බවටද අමාත්‍යවරයා මෙහිදී සහතික විය.
ඒ අනුව මෙරට දැනට ක්‍රියාත්මක සමාජ ආරක්ෂණ ක්‍රමවේද මෙන්ම පූර්ණ රාජ්‍ය මැදිහත්වීම මත මෙම නව සමාජ ආරක්ෂණ ක්‍රමවේදයන්ට ක්‍රියාත්මක වන බවට අමාත්‍යවරයා වැඩිදුරටත් අවධාරණය කළේය.

'වැට් වැඩිවීමේ යම් අසාධාරණයක් තිබෙනවා' - රවී කරුණානායක
සියයට 15% සිට සියයට 18 % ක් දක්වා වැට් වැඩිකිරීමේදී ජනතාවට කිසියම් අසාධාරණයක් සිදුව ඇතැයි හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක පවසයි.
ඔහු එබව කියා සිටියේ, රජය වැට් බදු ඉහළදැමීම නිසා ජනතාවට දරාගත නොහැකි පරිදි ජිවන වියදම ඉහළයාම සම්බන්ධයෙන් විමසා සිටි අවස්ථාවේදීය.
''මේ වෙනකොට IMF නියෝජිතයන් පැමිණ සිටිනවා. ඔවුන්ගේ උපදෙස් මත වැට් වැඩිකර තිබෙනවා. එතනදී ඔවුන් කියන්නේ ආදායමත් වියදමත් සමබරතාවයට ගේන්න කියලයි. 15% සිට 18 % ක් දක්වා වැට් වැඩිවීමේ යම් අසාධාරණයක් ද තිබෙනවා. මොකද මේ 3% වැඩි වෙන්නේ රුපියල් බිලියන 146ක් උපයන්නේ රාජ්‍ය සේවයේ ඉන්න ලක්ෂ 17කට වැටුප් ගෙවන්නයි. එය එසේ නම් මේ වැට් වැඩි කිරීමේ ඵලදායිතාවක් තිබේද යන්න ගැන නැවත සිතා බැලිය යුතුයි.
ඒ නිසා මම නම් හිතන්නේ වැට් වැඩි කිරීම වෙනුවට ඵලදායිතාව ඇතිකරලා, නාස්තිය නැති කිරීමයි අවශ්‍ය වන්නේ. ඒ නිසා ජාත්‍යන්තර මුල්‍ය අරමුදලට කියන්න ඕන, අපි ආදායම් උපයලා පෙන්නන්නම්.. ඒ සඳහා වන මාර්ගය අපේ අතට දෙන්න කියලා. මෙතැනදී රජයේ නිලධාරීන්ට ද වගකීමක් තියෙනවා. ඔවුන් රාජ්‍ය සේවයෙන් විශ්‍රාම ගිය විට ඊළඟට යන්න තිබෙන රැකියා ස්ථාන ගැන හිතන්නේ නැතුව, බය නැතුව ඇත්ත කතා කරන්න ඕන. ඔවුන් ජනතාව වෙනුවෙන් පෙනී සිටින්න ඕන.'' යයි රවී කරුණානායක සඳහන් කළේය.
''TIN අංකය ගැන අනියත බියක් එපා''
බදු ගෙවන්නන් හඳුනාගැනීම සඳහා නිකුත් කරන අංකයක් නැතිනම් Taxpayer Identification Number ලබාගැනීම සම්බන්ධව අනියත බියක් මතුව ඇති නමුත් එය කිසිසේත් බියවීමට කාරණයක් නොවන බව ද රවී කරුණානායක පැවසිය.
TIN අංකයක් ලබාගත් පමණින් කිසිසේත් බදු ගෙවීමට සිදුනොවන බවත් හිටපු අමාත්‍යවරයා අවධාරණය කර සිටියේය.
එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් හිටපු මුදල් අමාත්‍යවරයා මෙසේ පැවසීය.
TIN අංකය ගැන රටේ බහුතරයක් කතා කරගෙන යනවා. මේ ගැන අනියත බියක්ද මතුව තිබෙනවා. ඒ නිසා මේ ගැන නිවැරදි දිය යුතුයි. TIN එහෙමත් නැත්නම් Taxpayer Identification Number කියන්නේ හැඳුනුම්පත වගේම දෙයක්. බදු ගෙවන්නන් හඳුනාගැනීම සඳහා නිකුත් කරන අංකයක්. ඉතිං මේ TIN අංකය ලබාගත් නිසා බදු ගෙවන්න සිද්ධ වෙනවා කියලා දෙයක් නෑ. යම් තැනක ගෙවා තිබෙන බදු නැවත ලැබෙන්නත් පුළුවන්. බදු ගෙවන්න සිදුවන්නේ ඒ නිර්ණායක වලට ඇතුළත් පිරිසට පමණයි. ඒ නිසා මේ අංකය ලබාගැනීම බය වෙන්න දෙයක් නෙවෙයි.
නමුත් අද බලන්න සමාගම් 120,000ක් පමණ තිබෙන රටක බදු ගෙවන්නේ සමාගම් 18,000යි. මෙය ඉතා ලැජ්ජා සහගත තත්ත්වයක්. ඒ වගේම ලක්ෂ 220ක් ඉන්න රටක බදු ගෙවන්නේ ලක්ෂ 2ක් ලක්ෂ 3ක් වගේ ප්‍රමාණයක් වීමත් ප්‍රශ්නයක්. කොහොම නමුත් ලියා පදිංචි වූ පමණින් 94%කට බදු ගෙවන්න සිද්ධ වෙන්නේ නෑ. නමුත් බදු ගෙවිය යුතු සියලු දෙනා නිසි පරිදි එය සිදුකළ යුතුයි.
''අවුරුදු 75ක් තිස්සේ රට ගියේ බොරු කියමින් නිසි වෘත්තීය පදනමක් නැතුවයි. ඒ නිසා තමයි රටට මෙවැනි තත්ත්වයක් උදාවෙලා තියෙන්නේ. මේ හදන්නේ ඒ බංකොලොත් භාවයෙන් රට එලියට ගන්නයි. ''

අවලෝකිතේෂ්වර බෝධි සත්ත්වයා රිමාන්ඩ්
අවලෝකිතේෂ්වර නාමයෙන් පෙනී සිටිමින් බුදු දහමට නිගාවන ආකාරයේ දේශන පවත්වමින් සිටියදී අත්අඩංගුවට ගත් මහින්ද කොඩිතුවක්කු නැමැත්තා එළඹෙන 24වැනිදා දක්වා රිමාන්ඩ් බන්ධනාගාරගතකර තිබේ.
සැකකරු අද (16) කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව අධිකරණය මෙම නියෝගය ලබාදී ඇත.
සැකකරු පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන් විසින් පන්නිපිටියේදී ඊයේ (15) අත්අඩංගුවට ගනු ලැබීය.
අවලෝකිතේෂ්වර නාමයෙන් පෙනී සිටිමින් මහින්ද කොඩිතුවක්කු නැමැත්තෙක් පසුගිය 01 වනදා ඊජිප්තුවේ සිට මෙරටට පැමිණ තිබු අතර පසුව ඔහු විවිධ ස්ථානවලට යමින් දේශන සිදුකරන අයුරුද අනුගාමිකයින් ඔහුට වැඳුම් පිඳුම් කරන අයුරු දැක්වෙන වීඩියෝ දර්ශන ද සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය විය.
අදාළ තැනැත්තාගේ දේශන තුළින් බුද්ධ චරිතයට සහ බෞද්ධ ආගමික ඉගැන්වීම්වලට නිගාවන බවට බෞද්ධ කටයුතු පිළිබඳ කොමසාරිස් ජනරාල්වරයා ඇතුළු පාර්ශ්ව කිහිපයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කර තිබුණේ ඒ අනුවය.
ඒ අනුව අදාළ තැනැත්තා පිළිබඳ පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසය විමර්ශනයක් ආරම්භ කර තිබු අතර ඒ සම්බන්ධයෙන් කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කරමින් සැකකරුට එරෙහිව විදෙස් ගමන් තහනමක්ද ලබාගෙන තිබිණි.
මෙවන් පසුබිමක පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසයේ පරිගණක අපරාධ විමර්ශන අංශය විසින් ඊයේ දහවල් පන්නිපිටිය ප්‍රදේශයේදී අවලෝකිතේෂ්වර නාමයෙන් පෙනී සිටින සැකකරුව අත්අඩංගුවට ගනු ලැබීය.
අනතුරුව සැකකරු නේවාසිකව රැඳීසිටි කැස්බෑව, මාකන්දන සර්වෝදය පාරේ පිහිටි දෙමහල් නිවස වෙත සැකකරු රැගෙන ගොස් එම නිවස පරික්ෂා කිරීමටද විමර්ශන නිලධාරින් කටයුතු කළේය.
පසුව ප්‍රශ්න කිරීම් සඳහා සැකකාර අවලෝකිතේෂ්වර නාමයෙන් පෙනී සිටි තැනැත්තා පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසය වෙත රැගෙන එනු ලැබීය.

ජනාධිපතිවරණයට පොහොට්ටුවෙන් අපේක්ෂකයෙක් නෑ !
දැන් දවසින් දවස දේශපාලන පිටිය රත්වෙමින් තියෙන්නේ ..
''ජනාධිපතිවරණය කැඳවන්නේ මැතිවරණ කොමිසමයි'' , මැතිවරණ කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් සමන් ශ්‍රී රත්නායක කියනවා.
''මෙම වසරේ පැවැත්වීමට යෝජිත ජනාධිපතිවරණය කැඳවීමේ නිල ප්‍රකාශය නිකුත් කිරීම සහ මැතිවරණය පවත්වන දින නියම කිරීම සිදුකරන්නේ මැතිවරණ කොමිෂන් සභාවෙන්. එම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් මැතිවරණ කොමිෂන් සභාවට හිමිව ඇති බලය අනුව සිදුකෙරෙනවා. '' සමන් ශ්‍රී රත්නායක කියනවා.
පවත්නා ව්‍යවස්ථානුකූල තත්ත්වය යටතේ ජනාධිපතිවරණය සැප්තැම්බර් දෙවැනි සතියත් ඔක්තෝබර් මස දෙවැනි සතියත් අතර කාලය තුළ පැවැත්විය යුතු බවද ඔහු අවධාරණය කරනවා.
ඔය කියන විදියට ජනාධිපතිවරණයට තව මාස 8ක් විතර තියනවා. දැනට ඡන්ද සටහනට බැහැලා ඉන්නේ සජිත්- අනුර- දිලිත් සහ ධම්මික.
පොහොට්ටුවේ ජනාධිපතිවරණ අපේක්ෂකයා පිළිබඳ සංවාදය විටින් විට දේශපාලන කරළිය තුළ ඉස්මතු වෙනවා. ධම්මික පෙරේරාගේ නම නිරන්තරයෙන් කියැවුණු අතර පසුගිය සතිය වන විට නාමල් රාජපක්ෂ නමත් ජනාධිපතිවරණ අපේක්ෂකයන් අතර සංවාදයට ලක්වන බවක් පෙනී යනවා.
“කොහොමත් එකයි. නාමල් දැම්මා නම් හරි."
යන අදහස පෙරදැරිව කටයුතු කරන මන්ත්‍රීවරුන් සහ පොහොට්ටු ක්‍රියාකාරීන් පිරිසක් සිටින බව පේන්න තියෙනවා .
“අපි බොහොම පැහැදිලිව කිව්වා, තාමත් කිසිම ජනාධිපතිවරණ අපේක්ෂකයෙක් අපි නම් කරලා නැහැ."
රූපවාහිනී සංවාදයකට එක්වෙමින් පොහොට්ටුවේ ප්‍රධාන ලේකම් සාගර කාරියවසම් මෙලෙස අවධාරණය කළේ මේ අතරවාරයේදී..
රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරණයට ඉදිරිපත් වේ නම් ඔහුට නිශ්චිත වශයෙන්ම හිටපු ජනපති මහින්ද රාජපක්ෂ ගේ සහයෝගය ලැබිය යුතු බව ආණ්ඩුවේ ප්‍රබලයන් කිහිප දෙනකු සඳහන් කර තියනවා.
“රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමාට මහින්ද මහත්තයාගෙ සහයෝගය ගන්න එක එච්චර අපහසු නෑ." - සමහරු කියනවා.
ඇතැම් දේශපාලන වාර්තාවන්ට අනුව, ජනපති හිතෛශීන් මහින්ද රාජපක්ෂ ගේ සහයෝගය වික්‍රමසිංහ ජනාධිපතිවරයා වෙත ලැබෙනු ඇතැයි විශ්වාස කරනවා.
''පොහොට්ටුවේ අපේක්ෂකයෙක් නැතිවෙන්නත් පුළුවන්'' ඔන්න ඒ අස්සේ මහින්ද කියලා .
ඉදිරි ජනාධිපතිවරණය සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් අපේක්ෂකයෙකු ඉදිරිපත් නොවීමටද ඉඩක් තියනවා කියලයි පොහොට්ටු පක්ෂයේ නායක හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ කියන්නේ.
මහින්ද හිටපු ජනාධිපති එහෙම කතාවක් කියලා තිබුනේ, මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින්.
'' අපි තාම තීරණයක් අරගෙන නෑ නේ. සමහරවිට අපේ පක්ෂයෙන් ඉදිරිපත් වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන්." - මහින්ද කියනවා.
ඔය කතාව අවට ගියාට කියපු කතාවක් වෙන්න බෑ .. ජනාධිපතිවරණය දිනන්න එජාපය හදන සන්ධානෙට රාජපක්ෂලා ගත්තොත් රනිල්ට ඇපත් නෑ කියලා , නිමල් ලන්සලගේ අලුත් සන්ධානේ කට්ටිය කියනවා.
ඒ අස්සේ රනිල් පහුගිය සතියේ UNP මැනේජ්මන්ට් කමිටි එකේදී කියලා තිබුනේ අමුතු කතාවක් .. '' මම මේ පාර ජනාධිපතිවරනෙට එන්නේ නිපාක්ෂික ස්වාධින අපේක්ෂකයා විදියට. ඉති කව්රුහරි මට උදව් කරනවා කිව්වොත් මම එපා කියන්න ද ? - රනිල් එහෙම කියල තිබුනේ , රාජපක්ෂලා ත් ජනාධිපතිවරණ සටනට එකතුකර ගන්නද කියලා , ඒ රැස්වීමේ හිටපු ව්‍යාපාරික මහත්තයෙක් අහපු ප්‍රශ්නෙට උත්තරයක් විදියට.
මහින්ද , අපෙන් අපේක්ෂකයෙක් දන්නේ නෑ වගේ කතාවක් කියන්නේ, රනිල් එක්ක ඇතිකර ගත එකඟත්වයක් අනුව වෙන්න බැරිද ?
මතකද 2015, ජනාධිපතිවරණයේදී ජවිපෙ උදවිය අපේක්ෂකයෙක් ඉදිරිපත් නොකර මෛත්‍රී දිනවන්න යටින් දුන්න ගැම්ම ..
ඒ කියන්නේ පොහොට්ටුවෙන් අපේක්ෂකයෙක් නොදා යටින් රනිල්ට සප් එකදෙයි කියන එකද. ප්ලීස් මුහුදට හත් ගව්වක් තියෙනකොට සරම් කැහිපට නොගහා ඉමුද.. . තව මාස 8කට වැඩිය තියනවා. මොනවයින් මොනවා වෙන්න බැරිද.. තවත් ටික දොහක් බලන් ඉමු..
දේශපාලන වාර්තාකරු

සජබ භාගයට වැඩි ජනපතිට එකතු වෙනවා : හැරිසන් කැට තියයි !
සමගි ජන බලවේගය පක්ෂයේ දැනට සිටින පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් භාගයට වඩා වැඩි පිරිසක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ සමග එක්වනු ඇති බව හිටපු අමාත්‍ය පී හැරිසන් පවසයි.
ඔවුන් ඉදිරි මැතිවරණයට පෙර ජනාධිපති රනිල් වික්‍රමසිංහ සමඟ එක්වන බවට තමන් කැට තබා පවසන බවද හිටපු අමාත්‍යවරයා සඳහන් කළේය.
හිටපු අමාත්‍ය පී.හැරිසන් මෙම අදහස් දක්වා සිටියේ ගාල්ල දිස්ත්‍රික්කයේ එක්සත් ජාතික පක්ෂයේ ජන හමුවක් අමතමිනි.
ජනතා විමුක්ති පෙරමුණටද ටිකක් දීලා බලන්නයි එහි නායකයා ඉල්ලා සිටියද එලෙස අත්හදා බැලීමට ගෝඨාභය රාජපක්ෂයට ලක්ෂ හැට නමයක් එකතුවී බලය ලබාදී වසර දෙක හමාරකින් රට කඩා වැටුණු බවද ඔහු වැඩිදුරටත් පැවසීය.

අවලෝකීතේෂ්වර වෙන්ඩ ගිය මහින්ද අත්අඩංගුවට
අවලෝකේතීශ්වර බෝධිසත්වයන් වහන්සේ බවට හඳුන්වා ගනිමින් බුදුරජාණන් වහන්සේට, භික්ෂූන් වහන්සේලාට හා බෞද්ධාගමට අපහාස වන විකෘති දේශනා කළැයි කියන පුද්ගලයා අද (15) පන්නිපිටිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ කොඩිතුවක්කු මුදියන්සේලාගේ මහින්ද කොඩිතුවක්කු නමැති පුද්ගලයෙකි.
ඔහු කැලණිය රජමහා විහාරයට සුඛෝපභෝගි මෝටර් රථයකින් පැමිණිමෙන් පසු සිල්මාතාවක් ඇතුළු පිරිසක් ඔහුට වැදුම් සිදුකරන අයුරු ද ඊට ඇතුළත් විය.
මොහු පිළිබඳ පරික්ෂණයක් ආරම්භ කරන්නැයි ඉල්ලා බොද්ධ කටයුතු පිළිබඳ කොමසාරිස් ජනරාල්වරයා ඇතුළු පාර්ශ්ව කිහිපයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කර තිබුණි.
ඒ් අනුව, ඒ සම්බන්ධයෙන් විමර්ශන කළ එම දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසය විමර්ශනවල ප්‍රගතිය කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළේය.
එහිදී මෙම පුද්ගලයාට විදෙස්ගමන් තහනමක් පනවන ලෙසත්, ඔහුගේ බැංකු ගිණුම් පරික්ෂා කිරීමට අවසර දෙන ලෙසත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා මහෙස්ත්‍රාත්වරයාගෙන් අවසර ඉල්ලා තිබුණි.
ඊට අවසර දුන් කොටුව මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ නියෝග කළේ, ලබන 17 වනදා විමර්ශන ප්‍රගතිය අධිකරණයට දැනුම්දෙන ලෙසයි.

IMF නියෝජිතයන් උතුරේ සංචාරයක
මෙරට නිල සංචාරයක නිරත ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ශ්‍රී ලංකා ජ්‍යේෂ්ඨ දූත මණ්ඩල ප්‍රධානී පීටර් බෘෘවර් ඇතුළු කණ්ඩායමක් උතුරු පළාතේ සංචාරයක නිරත වී තිබේ.
උතුරු පළාත් ආණ්ඩුකාර කාර්යාලයේදී උතුරු පළාත් අණ්ඩුකාර පී. එස්. එම්. චාල්ස් හමු වූ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිත පිරිස උතුරු පළාතේ ජන ජීවිතයේ වර්තමාන තත්ත්වය සහ සංවර්ධන කටයුතු පිළිබඳව කරුණු විමසා ඇත.
උතුරු පළාතේ ජීවත්වන ජනතාව ආර්ථිකමය වශයෙන් සවිබල ගැන්වීම, ප්‍රදේශයේ යටිතල පහසුකම් සංවර්ධනය,ජනතාවගේ ජීවන තත්ත්වය නංවාලීම සඳහා ක්‍රියාත්මක කළ හැකි යෝජනා පිළිබඳව මෙහිදී සාකච්ඡාවට ලක්ව තිබේ.
චාල්ස් මහත්මිය එහිදි පවසා ඇත්තේ, උතුරේ ජනතාවගේ ජීවන තත්ත්වය නංවාලීම සඳහා ඔවුන් ආර්ථිකමය වශයෙන් සවිබල ගැන්වීම සඳහාත් රජය මේ වන විට සැලසුම්ගත වැඩපිළිවලක් ක්‍රියාත්මක කරන බවය.

තෛපොංගල් උත්සවයට ජනපතිගෙන් සුබ පැතුම් !!!
හින්දු බැතිමතුන්ගේ ප්‍රධානතම ආගමික උත්සවයක් වන තෛපොංගල් උත්සවය අද (15) දිනට යෙදී තිබේ. ලොව පුරා හින්දු බැතිමත්හූ තෛපොංගල් උත්සවය අද මහ ඉහළින් සමරති.
අදට යෙදී ඇති තෛයිපොංගල් උත්සවය වෙනුවෙන් පණිවුඩයක් නිකුත් කරමින් ජනාධිපතිවරයා පැවසුවේ, කෘෂි නවීකරණ වැඩපිළිවෙළ සමග රට පුරා කෘෂිකර්මාන්තයේ නව පරිවර්තනයක් වෙනුවෙන් අවශ්‍ය සැලසුම් දැනටමත් රජය ක්‍රියාවට නංවා ඇති බවයි.
බිඳ වැටුණු ශ්‍රී ලංකා ආර්ථිකය නැවත නගා සිටුවමින් සශ්‍රීක රටක් ගොඩනැගීමේ දී අප කෘෂිකර්මාන්තය කෙරෙහි දැඩි විශ්වාසයක් තබා ගත යුතු බව, ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසයි.
එම කටයුතු සාර්ථක කර ගැනීමට මෙවර තෛපොංගල් සැමරුම ආශිර්වාදයක් වේවායි ප්‍රාර්ථනා කරන බවද, ජනාධිපතිතුමා නිකුත් කළ තෛපොංගල් පණිවුඩයේ වැඩිදුරටත් සඳහන් වේ.
මේ අතර ස්වභාවධර්මය සමග බැඳි සම්ප්‍රදායික ජීවන රටාව කෙරෙහි විශ්වාසයෙන් දමිළ ගොවි ජනතාව සරු අස්වැන්නක් ලබා ගැනීම උදෙසා සූර්යයාට කෘතඥතාව පුදන මෙම අස්වැන්නේ මංගල්‍යය දැයේ ජීවනාලියේ පිළිබිඹුවක් වනු ඇතැයි, අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන සඳහන් කරනවා.
තෛපොංගල් උත්සවය වෙනුවෙන් පණිවුඩයක් නිකුත් කරමින් අග්‍රාමාත්‍යවරයා ඒ බව පැවසුවේ එය වත්මන් තත්ත්වයන් හමුවේ ආහාර සුරක්ෂිතාවය සහ ග්‍රාමීය පුනර්ජීවනය සඳහා වන සක්‍රීය සංකල්පයට උත්තේජනයක් වනු ඇති බවයි.
මේ අතර අප රට තුළ නිර්මාණය වූ බංකොලොත්භාවයත් සමග ඇති වූ අභියෝගාත්මක වසරක් අවසානයේ තවත් අභියෝග රැසකින් යුත් වසරකට අප එළැඹ ඇතැයි, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.
තෛපොංගල් උත්සවය වෙනුවෙන් පණිවුඩයක් නිකුත් කරමින් විපක්ෂ නායකවරයා පැවසුවේ, එකී අභියෝගයන්ට අප ජාති, ආගම්, කුල, ගෝත්‍ර භේදයකින් තොරව මුහුණ දිය යුතු බවයි.
ඒ සඳහා අවශ්‍ය වන ස්වාභාව ධර්මයේ ආශිර්වාදය මෙවර තෛපොංගල් දිනයේදී ලබා ගෙන ලෝකයේ අංක එකේ රට බවට පත්වීමේ නව ගමනකට, නව වෙනසකට එක්වන ලෙස සකල ලෝකවාසී ශ්‍රී ලාංකිකයන්ගෙන් , ඉල්ලා සිටින බව විපක්ෂ නායකවරයා නිකුත් කළ සුබපැතුම් පණිවුඩයේ වැඩිදුරටත් සඳහන් වේ.

ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් ජනපතිට ලිපියක්
ධර්ම විකෘතීන්හි හා ශාසන විකෘතීන්හි යෙදෙමින් පටු ලාභාපේක්ෂාවෙන් උතුම් ශ්‍රී සද්ධර්මය විනාශ කරන පුද්ගලයන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය නෛතික ප්‍රතිපාදන සම්පාදනයට කටයුතු කරන ලෙස දන්වමින් ත්‍රෛනිකායික මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේලා ජනපති රනිල් වික්‍රමසිංහ වෙත ලිපියක් යොමුකර තිබේ.
සංවිධානාත්මකව බුදු දහම පිළිබඳව සාවද්‍ය මතවාද ජනගත කරමින් බෞද්ධ දර්ශනයේ හා සංස්කෘතියේ හර පද්ධතීන්ට හානි කරන පුද්ගලයින්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාව පිළිබඳව උන්වහන්සේලා අදාළ ලිපිය මඟින් ජනපතිවරයාගේ අවධානයට යොමුකර ඇත.
සියම් මහා නිකායේ මල්වතු පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල, සියම් මහා නිකායේ අස්ගිරි මහා විහාර පාර්ශවයේ මහානායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඤාණරතන, ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ මහානායක අතිපූජ්‍ය කරගොඩ උයන්ගොඩ මෛත්‍රී මූර්ති, ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහානායක අතිපූජ්‍ය මකුලෑවේ ශ්‍රී විමල යන ස්වාමින්ද්‍රයන් වහන්සේලාගේ අත්සනින් යුතුව ජනපතිවරයා වෙත යොමුකර තිබෙන ලිපියේ මෙසේද සඳහන් වෙයි.

TIN එකට බය වෙන්න එපා : හිටපු මුදල් ඇමති රවී කියයි !
බදු ගෙවන්නන් හඳුනාගැනීම සඳහා නිකුත් කරන අංකයක් නැතිනම් Taxpayer Identification Number ලබාගැනීම සම්බන්ධව අනියත බියක් මතුව ඇති නමුත් එය කිසිසේත් බියවීමට කාරණයක් නොවන බව හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක පවසයි.
TIN අංකයක් ලබාගත් පමණින් කිසිසේත් බදු ගෙවීමට සිදුනොවන බවත් හිටපු අමාත්‍යවරයා අවධාරණය කර සිටියි.
හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මේ බව සඳහන් කර සිටියේ, "රටම බයවෙලා ඉන්න මොකක්ද මේ TIN අංකය?" යනුවෙන් මාධ්‍යවේදියකු නගු පැනයකට ප්‍රතිචාර දක්වමිනි.
එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මෙසේ පැවසීය.
TIN අංකය ගැන රටේ බහුතරයක් කතා කරගෙන යනවා. මේ ගැන අනියත බියක්ද මතුව තිබෙනවා. ඒ නිසා මේ ගැන නිවැරදි දිය යුතුයි. TIN එහෙමත් නැත්නම් Taxpayer Identification Number කියන්නේ හැඳුනුම්පත වගේම දෙයක්. බදු ගෙවන්නන් හඳුනාගැනීම සඳහා නිකුත් කරන අංකයක්. ඉතිං මේ TIN අංකය ලබාගත් නිසා බදු ගෙවන්න සිද්ධ වෙනවා කියලා දෙයක් නෑ. යම් තැනක ගෙවා තිබෙන බදු නැවත ලැබෙන්නත් පුළුවන්. බදු ගෙවන්න සිදුවන්නේ ඒ නිර්ණායකවලට ඇතුළත් පිරිසට පමණයි. ඒ නිසා මේ අංකය ලබාගැනීම බය වෙන්න දෙයක් නෙවෙයි.
නමුත් අද බලන්න සමාගම් 120000ක් පමණ තිබෙන රටක බදු ගෙවන්නේ සමාගම් 18000යි. මෙය ඉතා ලැජ්ජා සහගත තත්ත්වයක්. ඒ වගේම ලක්ෂ 220ක් ඉන්න රටක බදු ගෙවන්නේ ලක්ෂ 2ක් ලක්ෂ 3ක් වගේ ප්‍රමාණයක් වීමත් ප්‍රශ්නයක්. කොහොම නමුත් ලියා පදිංචි වූ පමණින් 94%කට බදු ගෙවන්න සිද්ධ වෙන්නේ නෑ. නමුත් බදු ගෙවිය යුතු සියලු දෙනා නිසි පරිදි එය සිදුකළ යුතුයි.
අවුරුදු 75ක් තිස්සේ රට ගියේ බොරු කියමින් නිසි වෘත්තීය පදනමක් නැතුවයි. ඒ නිසා තමයි රටට මෙවැනි තත්ත්වයක් උදාවෙලා තියෙන්නේ. මේ හදන්නේ ඒ බංකොලොත් භාවයෙන් රට එලියට ගන්නයි.
මේ වෙනකොට IMF නියෝජිතයන් පැමිණ සිටිනවා. ඔවුන්ගේ උපදෙස් මත වැට් වැඩිකර තිබෙනවා. එතනදී ඔවුන් කියන්නේ ආදායමත් වියදමත් සමබරතාවයට ගේන්න කියලයි. 15% සිට 18 % ක් දක්වා වැට් වැඩිවීමේ යම් අසාධාරණයක් ද තිබෙනවා. මොකද මේ 3% වැඩි වෙන්නේ රුපියල් බිලියන 146ක් උපයන්නේ රාජ්‍ය සේවයේ ඉන්න ලක්ෂ 17 කට වැටුප් ගෙවන්නයි. එය එසේ නම් මේ වැට් වැඩි කිරීමේ ඵලදායිතාවක් තිබේද යන්න ගැන නැවත සිතා බැලිය යුතුයි. ඒ නිසා මම නම් හිතන්නේ වැට් වැඩි කිරීම වෙනුවට ඵලදායිතාව ඇතිකරලා, නාස්තිය නැති කිරීමයි අවශ්‍ය වන්නේ. ඒ නිසා ජාත්‍යන්තර මුල්‍ය අරමුදලට කියන්න ඕන, අපි ආදායම් උපයලා පෙන්නන්නම්.. ඒ සඳහා වන මාර්ගය අපේ අතට දෙන්න කියලා. මෙතැනදී රජයේ නිලධාරීන්ටද වගකීමක් තියෙනවා. ඔවුන් රාජ්‍ය සේවයෙන් විශ්‍රාම ගිය විට ඊළඟට යන්න තිබෙන රැකියා ස්ථාන ගැන හිතන්නේ නැතුව, බය නැතුව ඇත්ත කතා කරන්න ඕන. ඔවුන් ජනතාව වෙනුවෙන් පෙනී සිටින්න ඕන.

සමගිය ඇතුලේ ට්‍රොයිකාවක් හැදිලා !
සමගි ජනබලවේගය පක්ෂය තුළ දේශපාලන ''ට්‍රොයිකාවක්'' හැදිලය කියලා කතාවක් යනවා .
මේ ''ට්‍රොයිකාවට'' අයිති පක්ෂයෙ ඉන්න ආර්ථික කටයුතු ගැන කතාකරන තුන්දෙනෙක්ලු.
එයාල මේ පක්ෂයෙ ජ්‍යෙෂ්ඨයො හැටියට කාලයක් කට්ට කාලා, පක්ෂය ගොඩනගන්න මහන්සි වූ අය බවයි එයාලගෙ අදහස.
ඒත් අලුතෙන් පක්ෂයට එන අයට මේ පැරණි අයට වඩා තැනක් ලැබීම ''ට්‍රොයිකාවට'' දිරවන්නෙ නැතිලු.
ඒ වාගේම ''ට්‍රොයිකාව''ට අයිතිය කියන එක්තරා උගතකුට පක්ෂයෙම අය ප්‍රසිද්ධියේ වාග් ප්‍රහාර එල්ල කිරීම ගැනත් මේ අය නොසතුටින්ලු ඉන්නෙ. මේ බව දන්න ආණ්ඩුවෙ ලොකු මහත්තයෙක් මේ ට්‍රොයිකාවෙ තුන්දෙනාට දේශපාලන ඇමක් දාගෙන ඉන්නවා කියලත් ආරංචියි.
දේශපාලන වාර්තාකරු

කෘෂි විද්‍යාව ප්‍රශ්න පත්‍රය පිටකළ ගුරා රිමාන්ඩ් !
අධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස් පෙළ – 2023 කෘෂි විද්‍යාව- 2 ප්‍රශ්න පත්‍රය පිළිතුරු ලිවීමට පෙර සමාජ මාධ්‍යයට මුදා හැර ඇති බවට සැකපිට අත්අඩංගුවට ගනුලැබූ අම්පාර ඩී.එස්.සේනානායක ජාතික පාසලේ කෘෂි විද්‍යා ගුරුවරයා ජනවාරි 26 වැනි දා තෙක් රිමාන්ඩ් බාරයේ තබන්නැයි අම්පාර අතිරේක දිසාවිනිසුරු සහ මහේස්ත්‍රාත් චතුරිකා එම්. චන්ද්‍රතිලක අද (14) නියෝග කළාය.
අත්අඩංගුවට ගත් සැකකාර ගුරුවරයා 52 වන වියේ පසුවන අම්පාර, විජිතපුර ප්‍රදේශයේ පදිංචි දමින්ද ලක්මාල් නමැත්තෙකි.
විභාග දෙපාර්තමේන්තුව විසින් කරන ලද පැමිණිල්ලක් අනුව විමර්ශන පවත්වාගෙන හෙළිවූ තොරතුරු මත සැකකාර ගුරුවරයා අත්අඩංගුවට ගත් බව රහස් පොලිසියේ අධිකරණයට දැන්වීය.
මෙම අත්අඩංගුවට ගැනීම සිදුකළේ ඔහු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ අපරාධ විමර්ශන ඒකක 3 අංශයේ නිලාධාරීන් කණ්ඩායමක් විසිනි.
කෘෂි විද්‍යා ප්‍රශ්න පත්‍රය ඉකුත් 10 වැනිදා පැවැති අතර එය විභාගයට පෙර සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ සංසරණය වීම හේතුවෙන් විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසූරිය එම ප්‍රශ්න පත්‍රය අවලංගු කිරීමට කටයුතු කළ බව ද අධිකරණයට දැන් වීය.

ජපන් මුදල් ඇමති සජිත්ගේ ප්‍රතිපත්තිය ප්‍රතිකේෂ්ප කරලා : හර්ෂ වැඩේ පත්තු කරලා !
ශ්‍රී ලංකාව හැකි ඉක්මණින් ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය අවසන් කළ යුතු බවද, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාවට ලබාදී වැඩසටහන කඩා කප්පල් කර නොගත යුතු බවද ජපන් මුදල් අමාත්‍ය ෂුනිචි සුසුකි පැවසු බව සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා පවසයි .
මන්ත්‍රීවරයා පවසන්නේ තමන් සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ඇතුළු කණ්ඩායමක් සමඟ ජපාන තානාපති කාර්යාලයේදී මුදල් අමාත්‍ය ෂුනිචි සුසුකි සහ තානාපති මිසුකොෂි හිදෙකි හමුවූ බවත් එහිදී මේ බව සඳහන් කෙරුණු බවය.
කෙසේ වුවත් විපක්ෂ නායක සජිත් දිගින් දිගටම පසුගිය සමයේ පවසා සිටියේ සජබ ආණ්ඩුවක් යටතේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග වන ශ්‍රී ලංකා රජයේ වැඩසටහන සංශෝධනය කරන බවය.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් දේශපාලන විචාරකයන් පෙන්වා දෙන්නේ ජපන් මුදල් අමාත්‍යවරයා විසින් සජබ ප්‍රතිපත්තිය ප්‍රතිකේෂ්ප කිරීමක් මේ හරහා පෙන්නුම් කරන බවය. ලංකාවේ ප්‍රධාන ණය හිමියෙකු වන ජපානයේ මෙම අදහසට පිටුපෑමට කොහෙත්ම ඉඩක් නොමැති බවද විචාරක මතය වී තිබේ.

අනුර දිනුවත් දිවුරුම්දීමට ලැබෙයිද සැකයි : මොනවද ලාල් මේ කියන්නේ ?
එළැඹෙන ජනාධිපතිවරණය ජය ගත්තත් අනුර දිසානායක ට දිවුරුම් දීමට නොහැකි වන ලෙස අගවිනිසුරුවරයා උස්සනු ඇතැයි සැකයක් ඇති බව ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික , ජාතික ජනබලවේගය පක්ෂයේ විධායක කමිටු සාමාජික , හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කේ.ඩී. ලාල් කාන්ත පවසයි .
අනුර දිසානායක මහතා ජනාධිපතිවරණය ජයගන්නා බවට බොහෝ පක්ෂවල අය දෙගිඩියාවට පත්කර ඇති බවද පැවසූ ඔහු ඒ නිසා ජනාධිපතිවරණය නොපවත්වනු ඇතැයි සැකයක් ඇති බවද කියා සිටියේය
ලාල් කාන්ත හිටපු මන්ත්‍රීවරයා මේ අදහස් දක්වා සිටියේ මහනුවර කරළියද්ද ප්‍රදේශයේදී පැවති ජාතික ජන බලවේගය ජන හමුවක් අමතමිනි.
ජනාධිපතිවරණයෙන් මාලිමාව ජයග්‍රහණය කරන බවට සියලු සමීක්ෂණ වාර්තා සහතික කර ඇතැයිද කේ. ඩී. ලාල් කාන්ත එහිදී පැවසීය .
Page 132 of 483