ජපන් මුදල් ඇමති සජිත්ගේ ප්‍රතිපත්තිය ප්‍රතිකේෂ්ප කරලා : හර්ෂ වැඩේ පත්තු කරලා !

ජපන් මුදල් ඇමති සජිත්ගේ ප්‍රතිපත්තිය ප්‍රතිකේෂ්ප කරලා : හර්ෂ වැඩේ පත්තු කරලා !

ශ්‍රී ලංකාව හැකි ඉක්මණින් ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය අවසන් කළ යුතු බවද, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාවට ලබාදී වැඩසටහන කඩා කප්පල් කර නොගත යුතු බවද ජපන් මුදල් අමාත්‍ය ෂුනිචි සුසුකි පැවසු බව සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා පවසයි .

මන්ත්‍රීවරයා පවසන්නේ තමන් සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ඇතුළු කණ්ඩායමක් සමඟ ජපාන තානාපති කාර්යාලයේදී මුදල් අමාත්‍ය ෂුනිචි සුසුකි සහ තානාපති මිසුකොෂි හිදෙකි හමුවූ බවත් එහිදී මේ බව සඳහන් කෙරුණු බවය.

කෙසේ වුවත් විපක්ෂ නායක සජිත් දිගින් දිගටම පසුගිය සමයේ පවසා සිටියේ සජබ ආණ්ඩුවක් යටතේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග වන ශ්‍රී ලංකා රජයේ වැඩසටහන සංශෝධනය කරන බවය.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් දේශපාලන විචාරකයන් පෙන්වා දෙන්නේ ජපන් මුදල් අමාත්‍යවරයා විසින් සජබ ප්‍රතිපත්තිය ප්‍රතිකේෂ්ප කිරීමක් මේ හරහා පෙන්නුම් කරන බවය. ලංකාවේ ප්‍රධාන ණය හිමියෙකු වන ජපානයේ මෙම අදහසට පිටුපෑමට කොහෙත්ම ඉඩක් නොමැති බවද විචාරක මතය වී තිබේ.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න