අනුර දිනුවත් දිවුරුම්දීමට ලැබෙයිද සැකයි : මොනවද ලාල් මේ කියන්නේ ?

අනුර දිනුවත් දිවුරුම්දීමට ලැබෙයිද සැකයි : මොනවද ලාල් මේ කියන්නේ ?

එළැඹෙන ජනාධිපතිවරණය ජය ගත්තත් අනුර දිසානායක ට දිවුරුම් දීමට නොහැකි වන ලෙස අගවිනිසුරුවරයා උස්සනු ඇතැයි සැකයක් ඇති බව ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික , ජාතික ජනබලවේගය පක්ෂයේ විධායක කමිටු සාමාජික , හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කේ.ඩී. ලාල් කාන්ත පවසයි .

අනුර දිසානායක මහතා ජනාධිපතිවරණය ජයගන්නා බවට බොහෝ පක්ෂවල අය දෙගිඩියාවට පත්කර ඇති බවද පැවසූ ඔහු ඒ නිසා ජනාධිපතිවරණය නොපවත්වනු ඇතැයි සැකයක් ඇති බවද කියා සිටියේය

ලාල් කාන්ත හිටපු මන්ත්‍රීවරයා මේ අදහස් දක්වා සිටියේ මහනුවර කරළියද්ද ප්‍රදේශයේදී පැවති ජාතික ජන බලවේගය ජන හමුවක් අමතමිනි.

ජනාධිපතිවරණයෙන් මාලිමාව ජයග්‍රහණය කරන බවට සියලු සමීක්ෂණ වාර්තා සහතික කර ඇතැයිද කේ. ඩී. ලාල් කාන්ත එහිදී පැවසීය .

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න