තමන් වරෙක මුහුණදුන් අවාසනාවන්ත අත්දැකීමට සමාන අවස්ථාවකට ශ්‍රී ලංකාවට මුහුණ දීමට සිදුව ඇති බවත්, ත්‍රස්තවාදී ක්‍රියා මැඩ පැවැත්වීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවට සිය සහයෝගය ලබාදීමට සූදානම් බවත් බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය තෙරේසා මේ පසුගිය 23 වනදා රාත්‍රියේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ දුරකථනය ඔස්සේ අමතමින් ප්‍රකාශ කර ඇත.
අග්‍රාමාත්‍ය කාර්‍යාලය සදහන් කරන ආකාරයට මෙම ත්‍රස්ත ක්‍රියා සම්බන්ධයෙන් වූ විමර්ශනවලට සහාය පළ කිරීම සඳහා බ්‍රිතාන්‍ය නියෝජිත කණ්ඩායමක් නොබෝ දිනකින් ශ්‍රී ලංකාවට එවීමට කටයුතු කරන බව ද බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරිය සදහන් කර තිබේ.
මෙහිදී විපතට පත් ශ්‍රී ලාංකිකයින් වෙත ශෝකය පළ කිරීම සම්බන්ධයෙන් තෙරේසා මේ අග්‍රාමාත්‍යවරියට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සිය ස්තූතිය පළ කර ඇත.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
