රුපියල් තුන් කෝටි විසි ලක්ෂයක් වටිනා රන් බිස්කට් තොගයක් ගුවන් තොටුපළෙන් පිට කිරීමට තැත් කිරීමේ දී රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන ඇති බව රේගු මාධ්‍ය ප්‍රකාශක සුනිල් ජයරත්න මහතා පැවසීය.
23 හැවිරිදි, වත්තල ප්‍රදේශයේ පදිංචිකරුවකු වන මොහු ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ කටුනායක ගුවන් තොටුපළ තුළ රාජකාරී ඉටු කරන කාර්යය මණ්ඩල සාමාජිකයෙකි.
ඔහු තම දෙකකුළේ වළලු කරට මදක් ඉහළට වන්නට රන් බිස්කට් 10 බැගින් කොටස් හතරකට සකස් කර ඒවා බැඳ ගෙන, පසුව කකුල් වැසෙන සේ මේස් පැළද සපත්තු දමා ගෙන සිට ඇති අතර එහි ග්‍රෑම් 100 බැගින් වූ කිලෝ ග්‍රෑම් 04 ක්බර රන් බිස්කට් 40 ක් තිබූ බව රේගු මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.
මෙම පුද්ගලයා කටුනායක ගුවන් තොටුපළ පිටත්වීමේ පර්යන්තයේ අවසාන ගේට්ටුව පසු කර යෑමට සූදානම් වන විට අද උදෑසන 9.00 ට පමණ රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් මෙම අත් අඩංගුවට ගැනීම සිදු කර තිබුණි.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
