Image

සිංහරාජය දෙබෑ කර මාර්ග හදයි !

සිංහරාජය දෙබෑ කර මාර්ග හදයි !

සිංහරාජයේ කුඩව  ප්‍රදේශයේ  සංචාරකයින්ගේ පහසුව තකායැයි පවසමින්  ලේක උරුම වනාන්තරය ඇතුලත කිලෝ මිටර් දෙකක් පමණ දිග මාර්ගයක් මෙි වන විට ඉදිකරමින් ඇති බව පරිසරවේදීන් චෝදනා කරයි.

මේ ලෙස ඉදිකරන මාර්ගය අඩි අටක පලලින් යුක්ත මාර්ගයක් වන අතර වන සංරක්ෂණ දේපාර්තමෙින්තුවෙි මැදිහත් වීම මත ඩොසර් යොදා ගනිමින් ඉතා සංවෙිදී පරිසර පද්ධතියක් වනසමින් සිටින බවත්  වන සංරක්ෂණ දේපාර්තමෙින්තුවෙි අභ්යන්තර ආරංචිමාර්ග වලට අනුව මෙය ලෝක බැංකු ව්‍යාපෘතියක  ගිවිසා ගැනීමෙ කොටසක් ලෙස සිරිසේන - රනිල් හවුල  විසින් අද වන විට සිදුකරමින් තිබෙන බවද ඔවුන් පෙන්වාදෙයි.

 මේ සම්බන්ධව ආචාර්ය රවීන්ද්‍ර කාරියවසම් තැබූ අනාවරණයක් පහත දැක්වේ.

දේශගුණික විපර්යාස  අවම කිරීම සදහා යනුවෙන් දකුණු ආසියාවෙි රටක් වශයෙන් ලංකාව මුල්කරගනිමින් ආධාර මුදල් ලබා දුන් ESCAMP ව්යාපෘතිය  නැත්නමි  පරිසර සමිපත් සංරක්ෂණය හා කළමණාකරණය සදහා වන ලෝක බැංකු ව්‍යාපෘතිය යටතේ මෙය සිදු කරමින් ඇත.

මෙම මාර්ගය ඉදිකර සංචාරකයින්ගේ පහසුව තකා කොන්ක්‍රීට්  ගල් අතුරා  සකස් කිරීමට මෙිවන විට වන සංරක්ෂණ බලධාරීන් තීරණය කර ඇති අතර  මෛත්‍රී  ජනපති හා රනිල් වික්‍රමසිංහ අගමැතිගේ  පුර්ණ දායකත්වය හා අනු දැනුම මත මෙය ඉදිවෙමින් පවතී. මෙම මාර්ගය ඉදිකිරිමෙන් අනතුරුව  විදුලි කාර් රථ සංචාරකයින් වෙනුවෙන් දාවනය කිරීමට මෙහි බලාපොරේත්තු වෙි .

2011-2030 ජාතික භෙති්ක සැළස්ම අනුව සිංහරාජයේ මාර්ග තුනක් ඉදිකිරීමට නියමිත බව අප 2013 වර්ෂයේදි පෙන්වා දුන් අතර  මෙි ඉදිවන්නේ සිංහාරජය දෙබෑ කරන දෙවන මාර්ගයියි.

සබරගමු පලාත හා දකුණු පලාත තුල විහිදී ඇති සිංහරාජ  වනාන්තරය 1988 වර්ෂයේ යුනිස්කෝ සංවිධානය මගින් ලෝක උරුමයක් බවට පත් කරන්නේ මෙහි ඇති ජෛව විද්‍යාත්මක වටිනා කම මෙන්ම ලෝකයේම දුර්ලබ වන ගහනයන්ගෙන් එකක් වීම නිසාය .

හෙක්ටයාර්8864 ලෝක උරුමයක් ලෙසත් එයින් පිටත ඇති තවත් සිංහ රාජයට අයිතිව තිබූ වනාන්තර ගණනවක් පුරා විසිර ඇති සිංහරාජය මෙරය ඇති ප්රථමාක වනාන්තරයක් වන අතර හය මිනිසා සහ ජෛව ගොල රක්ෂිතයක් ලෙස  හදුන් වනු ලැබයි ග සියයට පහකට වැඩි අවෙිණික ක්ෂිරපායීන් හා සමනල්ලුනට වාසස්ථායක් වන මෙිහ  සියයට 70 පමණ ආවේනික  ශාක විවිධත්වයක් දැක ගත හැකිය.

සිංහරාජයේ මුළු බිමි ප්‍රමාණය  හෙක්ටයාර් 11.187 ක් පමණ වන අතර පරිවාර වනාන්තර ගණනාවකින්ද මෙම වන භූමිය සමන්විත වේ. උතුරින් නාපොළ දොල හා කොස් ගුලන ගගෙනුත්, දකුණින් මහදොල සහ ගිංගගෙනුත්, බටහිරින් කළුංදාව ඇළ සහ පිට කැලේ ගගිනුත් නැගෙනහිරින් බිරෂ්වුඩි ප්රදේශයෙනුත් සමස්ථ සිංහරාජයේ ආරක්ෂිත ප්‍රදේශය  ආවරණය වි ඇති අතර රත්නපුර ,ගාල්ල හා මාතර දිස්ත්රීක්ක පුරා මෙය විහිදි ඇත.

එෛතිහාසික වශයෙන් වසර කොටි 15 පමණ පෙර සිංහරාජය ගොඩිවානා බිම හා එක්ව පැවති යුගයේ සිංහරාජය සමිබවය වී ඇති බව සැලකෙන අතර පරිණාමයේ මුල් අවදියේ සිට නොයිදුල් වනාන්තරයක් ලෙස මෙය පැවත එමින් ඇත.

මුවර්මහාන් සහ පානබොක්කේ විසින් 1961 වර්ෂයේ සදහන් කර ඇති පරිදි සිංහරාජයේ පස් සමිබන්ධව ලියන ලද පර්යේෂණ පත්‍රිකා වල  සදහන් කරන්නේ රතු සහ පොඩිසොලික්  පස සිංහරාජයේ වැඩි කොටසක දක්නට ඇති බවයි. නමුත්  වනාන්තර කපා ඉවත් කිරීම නිසාත් එහි උෂ්නත්වය වැඩි වීමට පටන්ගෙන ඇති නිසාත් එහි යමිය යමි ස්ථාන වල ඇති ඇලුවියල් පස කබොක් සහ ලැටරයිටි පස් බවට පරිවර්ථනය වෙමින පවතින බව පර්යේෂණ මගින් තහවුරු කරගන ඇත.

නිරිත දිග මෝසමින් හා ඊසාන දිග මෙිසමින් ඉහළ වර්ෂාපතනයත් ලැබු සිංහරාජ වනාන්තරය වර්ෂාපතන මටිටම ක්‍රමානුකූලව වෙනස්වෙිමන් හා අඩුවෙිමන් යන්නේ සිංහරාජයේ සිදුවන දැවැන්ත වන සංහාරය නිසායග මෙම වනාන්තරය තුලින් ගිංගගේ හා කළු ගගේ ප්රදාන ජලපෝෂක ආරඑමිබ වන අතර  විශාල දියකදුරු ගණනාවකින්ද සමන්විත වෙයි .

 කොස් ගුලන ගග, කුඩව ගග, පිටකැලේ ගග, කළුකන්දාව ඇල, නාපොල දෙළ,  මහ ගග, ආරනුව දෙළ, ගිංගග, ආරනු දොල වැනි ජල පොෂිතයන්ගෙන් සමන්විත වන අතර සිංහරාජ වැසි වනාන්තරය දකුණ හා සබරගමු පළාත් වල වැසි ලැබීමට අවශ්ය ජිවී ක්රීයාවලිය ශක්තිමත් කිරීමට මෙම වනාන්තරය මගින් සිදුවන උත්ස්වෙිදන ක්‍රියාවලිය  මගින් සිදුවෙි .

ඉතඉහල ශාක විවිධත්වයකට හිමිකමි කියන මෙම තෙත් සදාහරි’ත වනාන්තරය තුල හොර (Dipterocarpus Zeylanicus)"  කැකිල්ල (Dicranopteris Linearis")" කිරි හැඔිලිය (Palaquium grande) කටබොද  (Cullenia Ceylaica)"   මල බොඩ ( Myristica Dactyloides ) ශාක ඇතුළුව විශාල ශාක විවිධත්වයක් දැක ගැනීමට හැකිවන අතර එයින් හමුවන මුළු ශාක විශේෂ සංක්යාව 215 වැඩියග වල්ල පටිටා ජාවරමි කරුවන්ගේ ග්රශණයට හා දැව ජාවාරමි කරුවන් නිසා සංහරායේ වනාන්තර විශාල වශයෙන් විනාශ වෙමින් ඇතග

සිංහරාජය තුල ඉහළ ශාක විවිධත්වයක් සේම ඉහළ සත්ව විවිධත්වයක්ද දැක ගැනීමට හැකියාව ඇතගමෙම වනාන්තරය පුරා පෘෂ්ට වංශික සත්ව විශේෂ 260 පමණ වාර්ථා වී ඇති අතර එයින් 74 පමණ ලංකාවට අවෙිණික සත්ව ඛාංඩ ලෙස සැලකේ, අලියා(Eliphas maximus maximu)"  දිවියා (Panthera pardus kotiya)දමි මුහුණැති කොළ වදුරා (Trachypithecus Vetulas) ලංකා මල් කුරුල්ලා පුල්ලි වල් අවිචිචියා Zosterops cylonensis)පුල්ලි දත් කැටියා (Oligodon Sublinensis)ඇතුළු සත්ව විශේශ ගණනාවක් මෙම මිනිසා හා ජෛවගොල රක්ෂිතය තුල වාර්ථා වෙි

 වැසි වනාන්තර සිංහරාුජය වනාන්තරය හඑා එහි සත්ව විශේසුෂ ආරක්ෂා කරගැනීමෙි අරමුනින්  1992 වර්ෂයේ එක්සත් ජාතීන්ගේ පාරිසරික සහ සංවර්ධන සමිමුතියට අත්සන් තබා ඇති අතර , පරියටන පක්ෂින් පිළිබද බොන් සමිමුතිය 1990, දේශගුණිත විපර්්යාස සමිමුතිය 1992, මිනිසා සහ ජෛව ගොල වැඩසටහන 1940, සතුන් හා ශාක විශේෂ  වල ජාත්යන්තර වෙිළදා පිළිබද සමිමුතිය 1979 වැනි සමිමුති ගණනාවකට ලංකාව අත්සන් තබ ා ඇති අතර මෙිහි සදහන් සියල්ල සිංහරාජයට ද අදාළ ජාත්යන්තර සමිමුතීන් වෙි ග මෙම සමිමුතීන් වලට අනුවද සිංහරාජය විනාශවන අයුරින් කිසිදු ක්රියාවක් කිරීම සපුරා තහනමි වුවද අද දවස වන විට සමස්ථ සිංහරාජයම දැව ජාවරමි කරුවන්ගේ පාරාදීසයක් වි ඇත.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න