Image

කැබිනට් අමාත්‍ය සංඛ්‍යාව 32 යි : අගමැති සිරිසේනට දන්වයි !

කැබිනට් අමාත්‍ය සංඛ්‍යාව 32 යි : අගමැති සිරිසේනට දන්වයි !

කැබිනට් අමාත්‍ය ධුර සංඛ්‍යාව තිස් දෙක දක්වා වැඩි කරගැනීමට ව්‍යවස්ථානුකූලව අවස්ථාවක් පවතින බව එක්සත් ජාතික පෙරමුණ ජනාධිපතිවරයාට ලිඛිතව දැනුම්දී  ඇති බව වාර්තා වෙයි.

වාර්තා වන ආකාරයට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ විසින් අදාළ දැනුම්දීම සිදුකර ඇත.

ඒ අනුව වාර්තා වන්නේ 19 වන ව්‍යවස්ථා සංශෝධනයට අනුව ජනාධිපතිවරයාට සහ අග්‍රාමාත්‍යවරයාට හිමිවන අමාත්‍ය ධුරවලට අමතරව තවත් අමාත්‍ය ධුර 30ක් පත් කිරීමට හැකියාව පවතින බව අග්‍රාමාත්‍යවරයා පෙන්වාදී ඇති බවය.

කෙසේවෙතත් මේ සම්බන්ධයෙන් සිරිසේන ජනාධිපති දක්වා ඇති ප්‍රතිචාරය වාර්තාවී නොමැත.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න