Image

නාමල් කුමාරගේ හඬපට වල ඇත්ත හෙළිවේ !

නාමල් කුමාරගේ හඬපට වල ඇත්ත හෙළිවේ !

ප‍්‍රභූ ඝාතන සැලැස්මක් ඇතැයි හෙළි කළ නාමල් කුමාර නමැත්තා ඉදිරිපත් කළ හඬපටවල ජනාධිපතිවරයා හෝ වෙනත් ප‍්‍රභූ පුද්ගලයෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් තොරතුරු නොමැති බවට වාර්තා වෙයි.

 වාර්තා වන ආකාරයට වැඩිදුර පරීක්ෂණයේදී අනාවරණ වී ඇත්තේ පොලීසියේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් තිදෙනෙකු සම්බන්ධයෙන් සාකච්ඡා කරන තොරතුරු එහි ඇතුළත්ව ඇති බවයි.

 නාමල් කුමාර නැමැත්තාගේ හඬපට කිහිපයක් මෙරට දී මෙන්ම විදේශ රටකදී ද පරීක්ෂාවට ලක් කෙරුණ අතර එහිදී මේ තොරතුරු අනාවරණය වී ඇත.

 මේ අතර තමාට ලබා දී තිබූ STF ආරක්ෂාව ඉවත් කර ඇති බවට නාමල් කුමාර ඊයේ (23) ප‍්‍රකාශ කළ නමුත්  ඔහුට STF ආරක්ෂාව ලබා දී නොතිබූ බවද අනාවරණය වී ඇත.

සිරිසේනගේ රෙදි නැතිවෙයි !

කෙසේවුවත් ජනාධිපති සිරිසේන සහ මහින්ද රාජපක්ෂ එකතුව ඔක්තෝබර් 26 දියත් කෙරුණ ව්‍යවස්ථා විරෝධී කුමන්ත්‍රණය සාධාරණීකරණය කරනු ලැබුවේද මේ නාමල් කුමාරගේ හඬපට ගැන කියවමින්ය.

එහෙත් ඒ සියල්ල ජනතාව නොමග් යැවූ අසත්‍ය බව මේ අනුව ඔප්පු වෙයි.

නීතිය හා සාමය අමාත්‍යංශය සිරිසේන තබා ගැනීම !

මේ අතර දේශපාලන ආරංචිමාර්ග සඳහන් කරන්නේ නාමල් කුමාර අත්අඩංගුවට ගැනීම වළක්වාලීමේ අරමුණ ඇති බැවින් නීතිය හා සාමය අමාත්‍යංශය ජනාධිපති සිරිසේන යටතේ තබාගෙන සිටින බවය. එසේම එය ව්‍යවස්ථා විරෝධී බව නීති විශාරදයින්ගේද නිගමනය වී තිබේ.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න