Image

මාලිමාවේ සංවිධානාත්මක කණ්ඩායම් විපක්‍ෂ නායක සජිත්ගේ චරිත ඝාතනය කරනවා

මාලිමාවේ සංවිධානාත්මක කණ්ඩායම් විපක්‍ෂ නායක සජිත්ගේ චරිත ඝාතනය කරනවා

සමාජ මාධ්‍ය සහ ප්‍රධාන මාධ්‍ය තුළ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ගේ චරිතය ඝාතනය කරමින් සමණ්ඩලයට ලත් කිරීමට ජාතික ජනබලවේගයේ සහ ජනතා විමුක්ති පෙරමුණේ කණ්ඩායම් සංවිධානාත්මකව කටයුතු කරමින් සිටින බව පච මදිවට හොරු, අනුරට බෑ යන තේමාව මුල් කර ගනිමින් පැවැත්වූ ජනහමු මාලාවේදී අදහස් දැක්වූ පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ මහාචාර්ය ප්‍රසන්න පෙරේරා පැවසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මහාචාර්යවරයා මෙසේද කියා සිටියේය.

"බොරුව ඇත්තක් කිරීම සහ විපක්ෂයේ දේශපාලන පක්ෂවල දේශපාලනඥයන්ට මෙන්ම විශේෂයෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ගේ චරිතය ඝාතනය කරමින් සමාජ මාධ්‍ය සහ ප්‍රධාන මාධ්‍ය තුළ සම ව චලයට ලක් කරන්න ජාතිත ජන බලවේග යේ සහ ජනතා විමුක්ති පෙරමුණේ කණ්ඩායම් සංවිධානාත්මකව කටයුතු කරමින් සිටිනවා.

විශේෂයෙන්ම, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප්‍රධාන නිලධාරීන් සමඟ දිගින් දිගටම සාකච්ඡා කරනු ලබනවා. රටේ ජනතාව මත පටවා තිබෙන අධික බදු බර අඩු කළ යුතු බවත්, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ගමන් කරන මාර්ගය වෙනස් කළ යුතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ප්‍රකාශ කරනවා. ඒ වගේම ජනතාවට සුභසාධනය ගෙන දෙන වැඩපිළිවෙළක් ඇති කළ යුතු බව සජිත් ප්‍රේමදාස
ප්‍රකාශ කරනු ලබනවා.

කෙසේ නමුත් සජිත් ප්‍රේමදාස ජනවරමක් ලබාගෙන පැමිණිය හොත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ඇති කරගෙන තිබෙන එක වෙනස් කිරීම සඳහා සලකා බැලීමක් සිදුකළ හැකි බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ප්‍රකාශ කර තිබුණා. එමගින් ජාත්‍යන්තර ප්‍රජාවට සජිත් ප්‍රේමදාසගේ ඒත්තු ගැන්වීමේ හැකියාව පෙනෙන්න තිබෙනවා. මහචාර්යවරයෙක් වශයෙන් මා ඒ සම්බන්ධයෙන් සතුටට පත් වෙනවා.

 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න