හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඓතිහාසික අනුරාධපුර පූජා නගරයට ගොස් රුවන්වැලි චෛත්‍ය වන්දනා කළේ ය.
රුවන්වැලි චෛත්‍යාරාමාධිකාරී ඊතල වැටුණුවැවේ ඥානතිලක නාහිමියෝ එහි දී සෙත් පිරිත් සජ්ඣායනා කර රනිල් වික්‍රමසිංහට ආශිර්වාද කළහ. එහි පැමිණ සිටි වන්දනාකරුවෝ ද රනිල් වික්‍රමසිංහ සමග සුහද කතාබහක නිරත විය.
මෙම අවස්ථාවට එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන, ජාතික සංවිධායක සාගල රත්නායක මහත්වරු ද සහභාගී වූහ.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
