ප්‍රශ්නගත බැඳුම්කර ගනුදෙනුව සම්බන්ධව රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පර්පෙචුවෙල් ටේරෂරීස් සමාගම් සමූහයේ අධ්‍යක්ෂක අර්ජුන් ඇලෝසියස් යන අයගේ බිරිඳ සහ වැඩිමල් දියණිය මානසික ආතතීයෙන් පෙලීම හේතුවෙන් එය සුවිශේෂී කරුණක් ලෙසට සලකමින් සැකකරුට ඇප ලබා දෙන ලෙස ජනාධිපති නිතීඥ අනිල් සිල්වා අද (25) අධිකරණයෙන් ඉල්ලීමක් කර ඇත.
ජනාධිපති නිතීඥවරයා විසින් මෙම ඉල්ලීම සිදුකර ඇත්තේ කොළඹ කොටුව මහේස්ත‍්‍රාත් ලංකා ජයරත්න ඉදිරියේ අදාළ නඩුව යළි කැඳවූ අවස්ථාවේදීය.
එමෙන්ම ඒ සම්බන්ධයෙන් නීතිපතිවරයාගේ අදහස ලබන නඩුවාරයේදී ඉදිරිපත් කරන ලෙසට දැනුම් දෙමින් අධිකරණය සැකකරුවන් දෙදෙනා වූ පර්පෙචුවෙල් ටේරෂරීස් සමාගම් සමූහයේ අධ්‍යක්ෂක අර්ජුන් ඇලෝසියස් සහ එහි ප‍්‍රධාන විධායක නිලධාරී කසුන් පලිසේන යන අයවලූන් ලබන 08 වැනිදා තෙක් තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කිරිමට විනිසුරුවරිය නියෝගකර ඇත.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
