පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය අනිවාර්ය කරමින් අධ්‍යාපන අමාත්‍යංශය නිකුත් කර තිබූ චක්‍රලේඛය අවලංගු කරන ලෙස අධ්‍යාපන ඇමැති අකිල විරාජ් කාරියවසම් අද (25) අමාත්‍යංශ ලේකම්වරයාට උපදෙස් ලබාදී ඇති බව වාර්තා වෙයි.
වාර්තා වන ආකාරයට ශිෂ්‍යත්ව විභාගය ප්‍රතිව්‍යූහගත කිරීම සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කළ කමිටුවේ නිර්දේශ සැලකිල්ලට ගනිමින් අධ්‍යාපන අමාත්‍යවරයා මෙම උපදෙස් නිකුත්කර ඇත.
ශිෂ්‍යත්ව විභාගය සඳහා දරුවන් වෙහෙසට පත් කරවීම ඇතුළු කාරණා රැසක් මෙම කමිටුවේදී සාකච්ඡාවට බඳුන්වී ඇති බවද වාර්තා වෙයි.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
