Image

මා ජන නියමු කලාකරුවෙකි

මා ජන නියමු කලාකරුවෙකි

මුලින්ම ඔවුහූ

සිංහල කෙටි කතාවක් වටලන ලදි

අපි පිකට් කළෙමු,

සිරගෙදරට ගියෙමු

අරගල කළෙමු,

අපි සිංහල කවියො නොවැ…

ඊළඟට ඔවුහූ

මුසල්මානූ කවියෙක් අල්ලාගන්නා ලදි

අපි මුහුණු පොතට මිමිණුවෙමු

වෙන මුකුත් නොකළෙමි

අපි බොදු කතෝලික කවියො නොවැ….

දැන් ඔවුහූ

දමිළ කවි පොත් තොගයක් රඳවාගෙන ඇත.

මම පංකා ලේ-කක සංගමයේ සාමාජිකයෙක් වෙමි

දමිළයකු නොවෙමි

අනික,

ද්‍රවිඩ බස මට අණ්ඩරදෙමළය

ඒත් මා

මා ජන නියමු කලාකරුවෙකි

ඉතිං මම ෆේස් බුක් කවියක් ලියමි

ඇමති තුමාව ද ටැග් කරමි

දිනක ඔවුහූ

මා සොයා නොඑනු ඇත…!

 

wajira1වජිර වීරකෝන්

08/04/2026

 

 

සබැඳි පුවත්

ලේඛක දීපචෙල්වන් ගේ කෘති රේගුව විසින් රඳවාගනු ලැබීම පිළිබඳ නවත ම පුවත

දීපචෙල්වන්ට ලිවීමේ අයිතිය අහිමි ද?; සංස්කෘතික අමාත්‍යවරයා ගේ අවධානයට

දීපචෙල්වන් ගේ කෘති රේගුවෙන් නිදහස් කිරීම බාලගිරි දෝෂයට ලක් වෙලා ද...?

ජාජබ ආණ්ඩුවේ විස්මිත සමත්කම්

 

 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න