ලේඛක දීපචෙල්වන් ගේ කෘති රේගුව විසින් අත් අඩංගුවට ගනු ලැබීම පිළිබඳව අපි ලියූවෙමු; අනතුරුව සංස්කෘතික අමාත්‍ය සුනිල් සෙනවි මීට මැදිහත් වූ බව දන්වමින් නිකුත් කළ සටහනක් ද අපි පළ කළෙමු.
එහෙත් මේ වන තුරු අදාළ සිද්ධියට මුහුණ දුන් පාර්ශ්වයට යුක්තිය ඉටු වීම මතු නොව අවම සහනයක් හෝ ලැබී නොමැත.
මෙබඳු වාතාවරණයක් තුළ නිදහස් මාධ්‍ය ව්‍යාපාරය ද මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කර ඇත.
මතු පළ වන්නේ එම නිවේදනය යි.
දීපචෙල්වන්ගේ කෘති රේගුව විසින් රඳවා ගැනීම යනු භාෂණයේ හා ප්‍රකාශනයේ නිදහස අවහිර කිරීමකි - නිදහස් මාධ්‍ය ව්‍යාපාරය
දෙමළ භාෂාවෙන් පළ වී ඇති, ලේඛක දීපචෙල්වන්ගේ මුද්‍රිත කෘති සිය භාරයේ රඳවා ගැනීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රේගුව පිළිතුරු දිය යුතු කරුණු කිහිපයක් තිබේ. එනම්,
*මෙම කෘති රඳවා තබා ගැනීම සම්බන්ධයෙන් රේගුවට උපදෙස් ලබා දුන්නේ කිනම් පාර්ශවයක්ද?
*මෙම කෘතීන්හී අන්තර්ගතය අනීතික හෝ ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් අයහපත් ලෙස බලපාන්නේද?බලපාන්නේ නම් ඒ කෙසේද?
*රේගු නිශ්කාශන කාර්යයන්හිදී සාහිත්‍ය කෘතියකට අදාළ කරුණු නිශ්චය කිරීමේ රේගුව සතු විෂය ප්‍රවීනත්වය කුමක්ද?යන්නයි.
ශ්‍රී ලංකා රේගුව මේ ගැටලුවලට කුමන පිළිතුරු ලබා දුන්නද නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ මතය වන්නේ ඔවුන් අනිසි ලෙස මැදිහත්ව ඇත්තේ නිර්මාණකරුවෙකු සතු ප්‍රකාශනයේ නිදහස සහ ඔහුගේ පාඨකයින් සතු දැනගැනීමේ අයිතිය උල්ලංඝනය කිරීමටයි. රේගුව යනු රාජ්‍ය ආයතනයක් බැවින් මෙවැනි සිදුවීම් අරභයා පවත්වා ගත යුතු වගවීමෙන් බැහැරවීමට ආණ්ඩුවටද හැකියාවක් නොමැත.
එබැවින් දීපචෙල්වන්ගේ කෘති රේගු භාරයේ රඳවා ගැනීම මගින් ක්‍රියාත්මක කිරීමට උත්සාහ ගත් වාරණය භාෂණයේ සහ ප්‍රකාශනයේ නිදහස අහිමි කිරීමට දරන ලද ප්‍රයත්නයක් ලෙස සළකා හෙළා දකින නිදහස් මාධ්‍ය ව්‍යාපාරය සිංහල හෝ දෙමළ හෝ වෙනත් ඕනෑම භාෂාවකින් සිදුකෙරෙන නිර්මාණ කටයුතුවලදී නිර්මාණකරුවන්ගේ ප්‍රකාශනයේ නිදහස ආරක්ෂා කිරීමට ඒකාබද්ධ පෙරමුණක් ලෙස ක්‍රියාත්මක වන මෙන් මාධ්‍යවේදීන් කලාකරුවන් ඇතුළු සියලු පාර්ශවවලින් ඉල්ලා සිටී.
ලසන්ත ද සිල්වා - කැඳවුම්කරු
දිලීෂා අබේසුන්දර - ලේකම්

සබැඳි පුවත්
ලේඛක දීපචෙල්වන් ගේ කෘති රේගුව විසින් රඳවාගනු ලැබීම පිළිබඳ නවත ම පුවත
දීපචෙල්වන්ට ලිවීමේ අයිතිය අහිමි ද?; සංස්කෘතික අමාත්‍යවරයා ගේ අවධානයට
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
